IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


නිපෝන් පේන්ට් වෙතින් VirusGuard+

නිපෝන් පේන්ට්, ශ්‍රී ලංකාවට VirusGuard+ තාක්ෂණය හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය. ක්ෂුද්‍ර ජීවීන් විනාශ කිරීමේ හැකියාවක් සහිත මෙම තාක්ෂණය සහිත තීන්ත මීට පෙර 2020 වසරේ අගභාගයේදී සිංගප්පූරුව හා මැලේසියාව යන රටවලට හඳුන්වා දෙන ලද අතර, එහිදී එම තීන්ත පාරිභෝගිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වූ බව එම සමාගම කියයි.

Copper (Cu+) ION සහිත මෙම තීන්ත වර්ගය, දැනට පැතිර යමින් පවතින Covid-19 ප්‍රබේද වලින් ඉහළ ආරක්ෂාවක් ලබාදෙයි. අඩු VOC (Volatile Organic Compounds) මට්ටමක් සහිත එම තීන්ත ආලේප කළ පසු, පහසුවෙන් සෝදා පිරිසුදු කළ හැකි ය. එමෙන්ම VirusGuard+ තීන්ත වල හානිකර ද්‍රව්‍ය අඩංගු නොවන නිසා ඒවා වාණිජ හා පොදු ගොඩනැගිලිවලට මෙන්ම නිවාස වලටත් ඉතාමත් සුදුසු වේ.

නිපෝන් පේන්ට් හඳුන්වා දෙන මෙම VirusGuard+ බැක්ටීරියා නාශක තීන්ත, බාහිර ස්වාධීන පරීක්ෂණාගාරවලදී සායනිකව පරීක්ෂා කර ඇති අතර, මානව Coronavirus වර්ග සහ සත්ව Calicivirus වර්ග වලට එරෙහිව සාර්ථක ප්‍රතිඵල ලබාදෙන බවට තහවුරු කර ඇත. එමෙන්ම සිංගප්පූරුවේ Green Building (SGBC) මගින් මෙම තීන්ත පරිසර හිතකාමී බවට තහවුරු කර තිබේ.

මෙම නව හඳුන්වාදීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් නිපෝන් පේන්ට් සමාගමේ විකිණුම් ප්‍රධානී මිහිරාන් ඕපාත මහතා මෙසේ පැවසී ය. ‘‘වයිරස් වලට එරෙහිව ක්‍රියාකරන තීන්ත වර්ග දෙකක්ම (3-in-1 MediFresh සහ VirusGuard+) හඳුන්වා දුන් එකම සන්නාමය බවට පත්වීමට හැකිවීම අපට සතුටක්. නවෝත්පාදනයක් ලෙස බෙහෙවින් ඇගයීමට ලක් වූ MediFresh තීන්ත වර්ගය මගින් පොදුවේ ක්ෂුද්‍ර ජීවී වර්ග වලින් ආරක්ෂාව ලැබෙන අතර, නව VirusGuard+ නිෂ්පාදනය කර ඇත්තේ විශේෂයෙන්ම Covid-19 රෝගය ඇතිකරන වයිරසයට එරෙහිව ක්‍රියාකරන ආකාරයටයි.

‘‘එදිනෙදා ගැටලු‍වලට තීන්ත නිෂ්පාදන ඔස්සේ ප්‍රායෝගික, සාර්ථක සහ ලාභදායී විසඳුම් හඳුන්වාදීමට අප සෑමවිටම උත්සාහ කරනවා. ඒ සඳහා අවශ්‍ය වන විශිෂ්ට මට්ටමේ පර්යේෂණ හා සංවර්ධන හැකියාවන් අප සතුයි. දැනටමත් තීන්ත ආලේප කර ඇති ඕනෑම මතුපිටක VirusGuard+ ආලේපනය කිරීමට පුළුවන්. එය වැඩි බිත්ති ප්‍රමාණයක ආලේප කළ හැකි අතර ‘Curated Matte’ වර්ණ 23ක් අතරින් තමන් කැමති වර්ණය තෝරාගත හැකියි. මෙම නිෂ්පාදනය වෙළඳපොළේ පෙරළියක් ඇතිකරනු ඇතැයි කියා අප සිතනවා.”‍

 



අදහස් (0)

නිපෝන් පේන්ට් වෙතින් VirusGuard+

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 366 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 103 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 791 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site