ත්‍රිකුණාමලය අමදෝරු අමරජීව
![]() |
![]() |
ත්‍රිකුණාමලය කේන්ද්‍රීය නැගෙනහිර පළාතේ ජාත්‍යන්තර ආයෝජන සහ සංචාරක හවුල්කාරීත්වයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් කේ.ගුණනාදන් මහතාගේ සහභාගීත්වයෙන් ආසියානු තානාපතිවරුන් හා රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ හමුවක් ඉකුත්දා (10) ත්‍රිකුණාමලය බ්‍රිජ් රිසොර්ට්හිදි පැවැත්වුණි.
‘‘අනාගතය සඳහා උපායමාර්ගික හවුල්කාරීත්වය ගොඩනැගීම” යන මැයෙන් පවත්වනු ලැබූ මෙම හමුව සඳහා වියට්නාමය, ඉන්දුනීසියාව, තායිලන්තය ආදී රටවල තානාපතිවරු හා මැලේසියාව මෙන්ම මියන්මාරය රටවල් දෙකේ මහ කොමසාරිස්වරු ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයෝ මෙම හමුවට එක්ව සිටියහ.
ත්‍රිකුණාමල දිස්ත්‍රික් හෝටල් සංගමය මගින් සංවිධානය කළ මෙම හමුවේදී අදහස් දැක්වූ එහි සභාපති කේ.ජෙයකුමරන් මහතා පැවසුවේ සංචාරක සහ ආගන්තුක සත්කාර, ගැඹුරු මුහුදු වරාය පහසුකම්, යටිතල පහසුකම් සංවර්ධනය, නිෂ්පාදන හා කාර්මික පුනර්ජනනීය බල ශක්ති, විදේශ ආයෝජන රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්වය සඳහා වන ආයෝජන සඳහා ත්‍රිකුණාමලය අතිශය වැදගත් වන බවය.
මෙම හමුවට සමගාමීව දේශීය ව්‍යවසායකයන්ගේ අත්කම් ප්‍රදර්ශනයක් හා උඩරට පහතරට නර්තනාංගවලින් සමන්විත සංදර්ශනයක්ද පැවැත්වුණි.
ශ්‍රී ලංකා වියට්නාම තානාපතිනී ත්‍රීන්හ් තී ටම් (Trinh Thi Tam) ශ්‍රී ලංකා මියන්මාර් මහ කොමසාරිස්වරිය වන මලර් තාන් හ්ටායික් (Marlar Than Htaik ) ශ්‍රී ලංකා මැලේසියානු මහ කොමසාරිස් බාඩ්ලි හිෂාම් බින් අඩම් (Badli Hisham Bin Adam ) ශ්‍රී ලංකා තායිලන්ත තානාපති පයිටූන් මහපන්නපොර්න් (Paitoon Mahapannaporn) යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්ව සිටීයහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd