(නිමල කොඩිතුවක්කු)
ධීවර ක්ෂේත‍්‍රයේ දෛනික තොරතුරු ලබාගැනීම සඳහා විශේෂ මෘදුකාංගයක් හදුන්වාදීමට කටයුතු කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග‍්‍රාමීය ආර්ථිකය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවැසීය.
එම මෘදුකාංගය මගින් ධීවර ප‍්‍රජාවට කාලගුණ අනාවැකි ඇතුළු අත්‍යවශ්‍ය තොරතුරු, පාරිභෝගික ජනතාවට මත්ස්‍ය මිල ගණන් ඇතුළු ධීවර අමාත්‍යංශය සහ අනුබද්ධ ආයතනවල විස්තර ලබාගැනීමේ පහසුව සැලසෙනු ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
මත්ස්‍ය මිල ගණන් වලට අමතරව ධීවර ක්ෂේත‍්‍රයට අදාළ තොරතුරු විමසීම සහ මත්ස්‍යන්යගේ ගුණාත්මකභාවය වැනි තොරතුරු පරිශීලනය කිරීමේ හැකියාව සහිතව මෙම මෘදුකාංගය නිෂ්පාදනය කර ඇත.
යම් මත්ස්‍යයකුගේ ඡායාරූපයක් එවීමෙන් ඉතාම කෙටි කාලයක් තුළ එම මත්සයා පිළිබඳ නිවැරදි තොරතුරු ලබාගැනීමේ පහසුකම් වලින් ද මෙම මෘදුකාංගය සමන්විත බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොද වැඩක්