දශක හයකට පසු ආසියාවේ ආර්ථික, හැකිළීමකට ලක්වනු ඇතැයි ද මිලියන ගණනක් දරිද්‍රතාවට ගොදුරු වනු ඇතැයි ද ආසියානු සංවර්ධන බැංකුව සඳහන් කරයි.
ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කළ කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ආර්ථිකය මෙලෙස සංකෝචනයකට ලක්වන බව ද ආසියානු සංවර්ධන බැංකුව සිය නවතම පුරෝකථන ඉදිරිපත් කරමින් පෙන්වාදෙයි.
මේ අනුව සංවර්ධනය වෙමින් තිබෙන ආසියාවේ කුක් දූපත්වල සිට ශාන්තිකර කලාපය දක්වාත් කසක්ස්තානය අයත් වන මධ්‍යම ආසියාවත් ඇතුළුව සමස්ත ආසියානු කලාපයේම ආර්ථික මේ ආකාරයෙන් පහත වැටීමකට ලක්වන බව ආසියානු සංවර්ධන බැංකුව කියයි.
නව පුරෝකථන අනුව ආසියානු කලාපයේ දළ දේශීය නිෂ්පාදිතය 0.7% කින් පහළ වැටෙන අතර පසුගිය ජූනි මාසයේ දී එම අගය 0.1% ක් ලෙස පුරෝකථනය කර තිබිණි.
සමස්ත ආසියානු කලාපයේම ආර්ථිකය මේ ආකාරයෙන් පහත වැටීමකට ලක්වන්නේ 1960 වසරෙන් පසුව යැයි ද ආසියානු සංවර්ධන බැංකුව සඳහන් කරයි.
ලබන (2021) වසරේ දී ආසියානු කලාපයේ ආර්ථිකය 6.8% කින් නැවත වර්ධනය වනු ඇතැයි ද එසේ වුවත් එය තීරණය වනු ඇත්තේ නව කොරෝනා වයිරසය යැයි ද ආසියානු සංවර්ධන බැංකුව පෙන්වාදෙයි.
රොයිටර්/ඒ.එෆ්.පී.
055
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
දශක හයකට පසු ආසියාවේ ආර්ථිකය පහළට