IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


දර්ශක පිබිදීම කෙරේ බලාපොරොත්තු

පසුගිය සතිය තුළ පැවැති උච්ඡාවචනය තුරන් කරන අතර වෙළෙඳපොළ වර්ධනයක් පවතිනු ඇතැයි විශ්වාසය පළ වේ. වාණිජ බැංකු පොලී අනුපාත අඩුවීම සහ අපේක්ෂා කරන අගයකින් විනිමය අනුපාතිකය අවප්‍රමාණය නොවන පසුබිමක් තුළ කොටස් වෙළෙඳාමට නැඹුරු වනු ඇතැයි සැලකේ. පසුගිය සතියේ පැවැති භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වෙන්දේසි සඳහා අධි ඉල්ලුමක් තිබුණි. මෙහි දී භාරගත් ඉල්ලුම් හැරුණු කොට අනෙක් කොටස වඩාත් වාසිදායක තැනක පවතින කොටස් වෙළෙඳාමට යෙදවෙනු ඇතැයි සැලකේ. 
ඉකුත් සිකුරාදා (ජුනි 12) ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 17,427.08 ක් වූ අතර එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 234.37 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 5,191.86 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 83.15 පසුබැසීමක් සේ වාර්තා වේ. දිනය ආරම්භයේ වර්ධනයක් පෙන්නුම් කරන ලද නමුත් මධ්‍යහ්නය වන පසු දර්ශක තියුණු ලෙස පහත වැටිණ. 
මෙදින වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 30,956 කි. සමාගම් 68 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 180 කි. දෛනික පිරිවැටුම රු. මිලියන 3,979.50 ක් විය. කොටස් මිලියන 164.7 ක් හුවමාරු වූ බව දැක්වේ. ශුද්ධ අවාසියක් විදේශ ගනුදෙනුවල දී සිදුවිය. මිල දී ගැනීම් රු. මිලියන 119.4ක් වූ අතර විකිණීම් රු. මිලියන 137.1 කි. රුපියල් මිලියන 17.7 ක මුදලක් රටින් බැහැර වී තිබේ. ගනුදෙනු කරන ලද දින හයක් තුළ විදේශ ශුද්ධ විකිණුම් අවාසිය රු. මිලියන 186 ක මුදලකි. 
සම්පත් රු. මිලියන 214 ක්, ජෝන් කීල්ස් රු. මිලියන 177 ක්, සෙන්ට්‍රල් ෆිනෑන්ස් රු. මිලියන 147 ක්, ඩයලොග් රු. මිලියන 142 ක්, සී.ඩබ්. මැකී රු. මිලියන 136 ක්, ඇලයන්ස් රු. මිලියන 115 ක්, හැටන් නැෂනල් රු. මිලියන 106 ක්, හේමාස් හෝල්ඩිං රු. මිලියන 105 ක්, කොමර්ෂල් ක්‍රෙඩිට් රු. මිලියන 100 ක්, ප්‍රයිම් ලෑන්ඩ් රු. මිලියන 85 ක්, පීපල්ස් ලීසිං රු. මිලියන 85 ක්, බ්‍රවුන් ඉන්වෙස්ට්මන් රු. මිලියන 84 ක්, එල්වීඑල් එනර්ජි රු. මිලියන 83 ක් සහ වැලිබල් වන් 81 වශයෙන් පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්විය.
නිරීක්ෂක



අදහස් (0)

දර්ශක පිබිදීම කෙරේ බලාපොරොත්තු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 528 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site