(කාංචන කුමාර ආරියදාස)
මේ දිනවල දිවයිනේ විවිධ ප්‍රදේශවල වගා කෙරෙන එළවළු අස්වැන්න දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානට ලැබීමෙන් එළවළු මිල ගණන් පහළ බැස ඇතැයි ව්‍යාපාරිකයෝ පවසති.
යාපනය, මාතලේ, අනුරාධපුර ,පොලොන්නරුව, කුරුණෑගල, ආදී දිස්ත්‍රික්ක වලින් මේ දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අළුයම් කාලයේ වැඩි වශයෙන් එළවළු තොග ලැබෙන බවද ඔවුහු සඳහන් කළහ.
ඒ අනුව පසුගිය සති කීපයේ එළවළු කිලෝවක් රුපියල් 100 ක ටත් එහා මිලකට අලෙවි වු පතෝල නෝකෝල් රාබු වට්ටක්කා දඹල මෑ කරල් ආදී එළවළු කිලෝ එකක තොග මිල රුපියල් 20 සිට 40 දක්වා වූ මිලකට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දී අලෙවි වෙන බව ව්‍යාපාරිකයෝ පවසති.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද (24) දින උදෑසන විශාල වශයෙන් තක්කාලි තොග වෙළඳපොළට ලැබීමත් සමඟ රුපියල් 85ක් 100 ත් අතර මිලකට අලෙවි වූ තක්කාලි කිලෝවක් රුපියල් 30 දක්වා පහත වැටී තිබීම ද විශේෂත්වයකි.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයන් කියා සිටියේ ඉදිරි දින කිහිපය ගතවෙද්දී එළවළු මිල මෙයට වඩා විශාල වශයෙන් තවත් පහළ මට්ටමකට පැවතිය හැකි බවය. එමෙන්ම කන්ද උඩරට ප්‍රදේශ වලින් ලැබෙන කැරට් කිලෝවක තොග මිල රුපියල් 300 දක්වා ඉහළ ගොස් තිබීම විශේෂත්වයකි.
යාපනය අර්ධද්විපයෙන් මේ දිනවල රතු ලූනූ තොග විශාල වශයෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන බවත් පසුගිය සතියේ රතුළුණු කිලෝවක තොග මිල රුපියල් එකසිය අසූවක් ව පැවතිය ද මේ වන විට රතුලුනු කිලෝවක මිල රුපියල් 80 දක්වා පහත වැටී තිබීම ද විශේෂත්වයක් බව වෙළෙන්දෝ පවසති.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු රැගෙන ආ බොහෝ ගොවීන් කියා සිටියේ එළවළු මිල පහත වැටුණ හොත් තමන්ට විශාල පාඩුවක් සිදුවන බවයි. නෝකෝල් කිලෝවක් රුපියල් 20 කට අලෙවි වීමත් සමඟ බරපතල ප්‍රශ්නයක් ඇති බව ගොවීන් පවසති.
එමෙන්ම එළවළු තොග මිල මෙසේ පහත වැටුණ ද සිල්ලර මිලෙහි කිසිදු අඩුවක් නොමැති බව ගොවීහු පෙන්වා දෙති.
එක් ගොවියකු කියා සිටියේ තමන් ගෙන් රුපියල් 20 කට මිලදී ගත් නෝකෝල් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඉදිරිපිටම වෙළඳසලක කිලෝව රුපියල් 80කට අලෙවි කරන බවයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මා කුඩා කාලේ මගේ එළවලු කොටුවේ රාබු හිටවා සාර්ථක අස්වැන්නක් ලබාගෙන රාබු රාත්තල සතය ගානේ වික්ක බව (1970 දශකයේ පන්නිපිටිය, කොට්ටාව ප්‍රදේශයේ ) අදටත් මතකයි .
එළවළු වල තොග මිල පහල වැටුනට කවදාවත් පාරිභෝගිකයාට නම් අඩුවට එළවළු ලැබෙන්නේ නැහැ. එකේ වාසිය හැමදාම ගත්තේ අතරමැදි මුදලාලි. මේ හුරා කෑම නවත්වන්නට තමා '70 දශකයේ මර්ක්ෆෙඩ් වැනි ආයතන බිහි කලේ. මා යෝජනා කර සිටිනවා ගොවියට සහ පාරිභෝගිකයාට කරන සාධාරණයක් ලෙස, මේ ගොවීන්ට තමුන් වගා කල එළවළු පාරිභෝගිකයාට කෙලින්ම මිලදී ලබා ගැනීමට ක්‍රමයක් සලස්වන්නට කියා.
සෑම්ගේ අදහසට විරුද්ධව අදහස්දීම කණගාටුයි. එම කාලයේ රුපියල ඉහළ අගයක් ගත්තා. එනිසා එවැනි තත්ව තිබුණා. එළවළු මිල පහළට කිව්වත් වන්දනා ගමන් සඳහා එම ප්‍රදේශ හරහා ගමන්කරන කිසිවෙකුට පහළමිල ගණන් වලට එළවළු ලැබෙන්නේ නැහැ.
එළවලු තොග එනකොට විසිකරන්න තරම් එනවා නැතිවෙන කොට නෑ. මේ ක්‍රමයෙන් ගොවියටයි, පාරිභෝගිකයාටයි දෙගොල්ලන්ටම පාඩුයි. රජය මැදිහත් වෙලා මේක කළමනාකරණය කරනවා නම් නිකරුනේ එළවලු විනාශ වෙන එකත් නවත්වන්න පුළුවන්. මාස ගාණකට කලිනුත් එළවළු විකුණාගන්න බැරුව අලින්ට දුන්නා.