(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද (27) ඇඳිරිනීතිය පැවතියද විවෘත කර ඇති අතර එළවළු මිල පෙරදාට වඩා සියයට සියයකින් පමණ පහත වැටී ඇතැයි වෙළෙන්දෝ පවසති.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් ගොවීන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු විශාල වශයෙන් රැගෙන විත් තිබෙන ඇති අයුරු දැක ගැනීමට හැකි විය.
පෙරදින දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ රුපියල් සියයත් 175ත් 250 ත් අතර මිල ගණන් යටතේ අලෙවි වූ බොහෝමයක් එළවළු වර්ග 27 දිනය රුපියල් 50 සිට 100 දක්වා මිලයකට පවතී.
පහතරට එළවළු වර්ග වන වම්බටු මෑකරල් දඹල කැකිරි පිපිඤ්ඤා වට්ටක්කා ආදී එළවළු වර්ග කිලෝවක තොග මිල රුපියල් 50 සිට 80 දක්වා වූ මිලක් පවතින අතර අමුමිරිස් කිලෝවක තොග මිල රුපියල් සියයකි. සාපේක්ෂව අනිත් සියලුම එළවළු වර්ග වල මිල ද පහත වැටී ඇතැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ගොවීන් සහ ව්‍යාපාරිකයෝ පවසති.
කන්ද උඩරට ප්‍රදේශ වලින් ලැබෙන කැරට් ,ලීක්ස් ,ගෝවා කිලෝවක් රුපියල් සියය ඉක්මවා අලවිවූ අතර ඒවාද සවස් වනවිට අඩුවිය හැකි බව වෙළෙන්දෝ කියති.
යාපනය අර්ධද්වීපයෙන් සහ දුර බැහැර ප්‍රදේශවල ගොවීන් රැසක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මෙසේ එළවළු ගෙනවිත් තිබිණි.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති ඡන්න ඈරැවුල මහතා කියා සිටියේ සිල්ලර වෙළඳාම සහ අතරමැදි කණ්ඩායම් නිසා එළවළු සඳහා පාලන මිලක් දැමීමට අවධානය යොමු කර තිබෙන බවයි .
එමෙන්ම අඩු මුදලට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු ලබාගෙන ඉතා වැඩි මිල ගණන් යටතේ රට පුරා අලෙවි කිරීම හේතුවෙන් මෙය පාලනය කර ගැනීමට නොහැකි තත්වයක් පසුවන බවද හෙතෙම පෙන්වා දුන්නේය.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ ව්‍යාපාරිකයන් 150 දෙනකු සිටින බවත් දිවයිනේ පළාත් නවය සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම අවශ්‍ය එළවළු තොග තම වෙළෙඳ ව්‍යාපාරිකයන් හරහා වීමට හැකියාව තිබෙන බවත් ඒ සඳහා ප්‍රවාහන වියදම පමණක් ලබාදුනහොත් විශාල ජනතාවක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මහා මාර්ගවල එක්රැස් වීමකින් තොරව ලබාදිය හැකි බවත් අඩු මුදලකට ඒ සියල්ල ලඟට ගෙන දිය හැකි බවද හෙතෙම පෙන්වා දුන්නේය .
ඒ සඳහා රජයේ අනුග්‍රහය ලබා දෙන්නේ නම් මෙය ඉතා කඩිනමින් සිදු කළ හැකි බව සභාපතිවරයා පෙන්වා දුන්නේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙ එහෙම වුණාට අනිත් පලාත්වල ගිනි ගණන් රජය මැදිහත් වෙලා සාධාරණ මිලකට පාරිබෝගිකයාට ලබාදෙන්න...
මේ වෙලාවේ ගසාකන අයටනම් ෙහොඳක් වෙන්නේ නෑ. ..හිිිිිිතන්න. ලොවම කරදරයක ඉන්නේ. බුදු සරණයි !
බෙදාහැරීමේ දෝෂ. මුදලාලිලා රජයට වඩා බොහෝ බලසම්පන්නයි. කපටියි. රජයේ නිලධාරීන්ට මුදලාලිලා එක්ක හැපෙනවට වඩා බෙදාහැරීමේ යාන්ත්‍රනය සැකසීමට හිතට ගත්තනම් හරියනවා. ඔය දස දහස් ගණනින් රැකියා දුන්නු උපධිකාරයෝ ඕවට යොදාගන්න බැරිද? මොකවත්ම බැරිද?
ගසා කාලා හම්බ කරන සල්ලි තමා අන්තිමට අළු දූවිලි වෙන්නේ.
එළවලු මාෆියාව මර්ධනය කරන්න එළවලු වලට පාලන මිලක් අවශ්‍ය වෙනවා .
අනේ අපේ ඩිපාර්ට්මන්ට් ඔෆ් මාර්කටින් තිබුණා නම් විවෘත ආර්ථිකයට, වසංගතවලට මුහුණ දෙන හැටි කොහොමද කියලා කියලා දෙන්න කියලා ආර්ථික ඔස්තාර්ට කියමු..
මේ වැඩේට රජය මැදිහත්විය යුතුය... කෝ මේ වෙළඳ ඇමතියෝ? ගාර්ඩ් දාගෙන පාරේ යන්න විතරද පුළුවන්...? තොපි අර රැහැයිය අනේ ලැජ්ජයි මේ වෙලාවේ සියලු එළවලු අත්‍යාවශ්‍ය ආහාර සැපයීමට හමුදාවට බාර දෙන්න. අහිංසක මිනිස්සුන්ට කන්න නැහැ සල්ලි තියෙන එකාටවත් ගන්න ක්‍රමයක් නැහැ. කෝ මේ යාන්ත‍්‍රණය? මේ වෙලාවේ ජනාදිපතිතුමාට සහය දෙන්න කෙනෙක් නැද්ද? නැත්නම් හොරු ගැන විශ්වාසයක් නැද්ද?