IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


දඹුල්ලේ එළවළු තොග මිල පහළට

(කාංචන කුමාර ආරියදාස )


දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල ලැබෙන එළවළු ප්‍රමාණය වැඩිවීමත් සමඟ එළවළු තොග මිල විශාල වශයෙන් පහත වැටී තිබීම නිසා ගොවීහු දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටිති.


විශේෂයෙන් පහතරට  එළවළු වර්ග වන  වම්බටු,  මෑකරල්,  පිපිඤ්ඤා,  ගෝවා , වට්ටක්කා ,දඹල , කැකිරි ,නෝකෝල්, රාබු , බිට් , මාළුමිරිස් , අමුමිරිස් ආදී  එළවළු කිලෝවක තොග මිල රුපියල් 10 සිට 30 දක්වා වූ මිලකට අලෙවි වන බව ගොවීහු මෙන්ම ව්‍යාපාරිකයෝ ද කියති.


දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට තක්කාලි රැගෙන ආ ගොවීන් කියා සිටියේ තම නිෂ්පාදන කිලෝවක් සඳහා රුපියල් 10 ක මිලක් වත් නොලැබෙන බවය .
එමෙන්ම උඩරට එළවලු වන කැරට් කිලෝව රු 80ක් බෝංචි කිලෝවක් රු 70ක් හැර අනෙකුත් එළවලු වර්ගද කිලෝව රුපියල් 25 සිට 55 දක්වා මිලයකට අලෙවි වන බව ගොවින් කියති .


දඹුල්ල ආර්ථිකයේ 02 දින පවතී එළවලු කිලෝවක තොග මිලගණන් මෙසේය .ගෝවා 30-40., ලීක්ස් 25- 30, රාබු 10-15 වට්ටක්කා 15-20නෝකෝල් 30-35තක්කාලි 10-15වැටකොළු 50-60 අමුමිරිස් 30-35 වම්බටු 30-.35 ආදී විය .


දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අමු මිරිස්  රැගෙන ආ ගොවි මහතෙකු  අප සමඟ කියා සිටියේ තම  නිෂ්පාදන සදහා  කිලෝවට රුපියල් 30 ක35 ක  මිල තබන බවත්ය .අමු මිරිස් කිලෝවක් නිෂ්පාදනය සදහා රුපියල් 60 ක් පමණ වියදම් යන බවය .

  
විශාල නිෂ්පාදන පිරිවැයක් දරා නිෂ්පාදනය කළ එළවළු වෙළෙඳ පොළට රැගෙන විත් ඉතා අඩු මුදලකට අලෙවි වන බවද බොහෝ එළවළු අලෙවි නොවීම නිසා විනාශ කර දැමීමට සිදු වන බව ඔවුහු කියති.


දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ සභාපති චන්න ඇරැවුල මහතා කියා සිටියේ 


 දේශීය කෘෂිකර්මාන්තය පිළිබඳව නිසි ක්‍රමවේදයක් නොමැතිවීම මේ තත්ත්වයට උදාවී තිබෙන බවය. එමෙන්ම පසුගිය වර්ෂවල රජරට ප්‍රදේශයේ මෙන්ම ඌව පළාතේ ධාන්‍ය වර්ග වගා කළ බොහෝ ගොවීන් ධාන්‍ය වගාවෙන් ඉවත් ව එළවළු වගාවට නතුවීම නිසා විශාල වශයෙන් එළවළු තොග වෙළඳපොළට ලැබෙන බවය. ධාන්‍ය වර්ග ඉන්දියාවෙන් මෙරටට ගෙන්වීම නිසා මෙම එළවළු ගොවීන් හට විපත සිදු වී ඇති බව ද හෙතෙම පෙන්වා දුන්නේය.



අදහස් (1)

දඹුල්ලේ එළවළු තොග මිල පහළට

jayath Thursday, 04 October 2018 06:28 AM

අමන පාලකයෝ තොගයක් ඉන්න, කිසිම ප්‍රශ්නෙකට විසඳුම් නැති දේශයක් මේක . එදා ඉඳගෙනම ගොවියට වී ටික විකුණගන්න බැහැ- එළවලු ටික කුණුවෙලා අහක දමනවා මේක චක්‍රයක් වගේ හැමදාම වෙනවා කෘෂිකර්මයට ඇමති රොත්තක් ඉන්නවා- මිලියන ගණන් නිකන් ගෙවල බිල්ඩින් ගන්න එක ඇරෙන්න කරන -කරපු මගුලක් නැහැ හැබැයි ලබන වතාවෙත් ඔය එළවලු වීසිකරපු ගොවියෝ ටිකම අර උන්නැහේල කවුන්සලේට යවනවා ! චක්කරේ කැරකෙනවා අපි හැමෝම "මහගිරි දඹේ නගිනවා " පුහ් !

:       4       72

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 723 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17972 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 773 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site