දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක්වූ ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ ධීවර ප්‍රජාවගේ මිරිදිය ධීවර ජීවනෝපාය යළි ගොඩනැගීම සහ එම ප්‍රජාවේ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා ඒකාබද්ධ වැඩසටහනක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා රජය සමග එක්ව ජපන් රජය සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) කටයුතු යොදා ඇතැයි පවසයි.
මෙම ව්‍යාපෘතිය සඳහා ජපන් රජය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 1.33ක සම්පූර්ණ ප්‍රතිපාදනයක් ලබා දී ඇත. 2026 ජූනි මස සිට 2027 නොවැම්බර් දක්වා අම්පාර, මඩකලපුව සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක පුරා මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.
ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ සහභාගීත්වයෙන්, ජපන් තානාපති අකියෝ ඉසොමාටා සහ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ නියෝජිත විම්ලේන්ද්‍ර ශරන් මහතා විසින් කොළඹ පිහිටි ජපන් තානාපති කාර්යාලයේදී මෙම වැඩසටහන සඳහා නිල වශයෙන් අත්සන් තබා තිබේ.
මෙම මැදිහත් වීම හරහා නැගෙනහිර පළාතේ ජලාශ 30ක් ආශ්‍රිතව ධීවරයන් 1,504 දෙනකුට ඍජුවම සහාය හිමි වන බව පැවසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd