(ජේ.කේ.එල් චාමින්ද)
දකුණු පළාතට ආවේණික බලිතොවිල්, ගම්මඩු ශාන්ති කර්ම සංචාරකයින් අතර ප්‍රවර්ධනය කිරීම සඳහා විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බැව් රුහුණු සංචාරක කාර්යාංශය පවසයි.
මෙකි ව්‍යාපෘතිය යටතේ දකුණු පළාතේ කලායතන රුහුණු සංචාරක කාර්යංශය යටතේ ලියාපදිංචි කිරීමට සැලසුම්කොට තිබේ. ගම්මඩු යාග බලිතොවිල් දහඅට සන්නි වැනි ශාන්තිකර්ම පවත්වන අවස්ථාවලදි ඒ සදහා විදේශීය සංචාරකයින් සම්බන්ද කිරීමට රුහුණු සංචාරක කාර්යාංශය මගින් සැලසුම් කර ඇත. ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සැපයීමද සංචාරක කාර්යාංශය මගින් සිදුකෙරේ.
පාරම්පාරික ශාන්ති කර්ම සංචාරකයින් අතර ජනප්‍රිය කරවීම තුළින් ඔවුන් දකුණු පළාතට ගෙන්වා ගැනීම මෙහි අරමුණු බැව් රුහුණු සංචාරක කාර්යංශයේ සභාපති තිසර ගුණසිංහ මහතා පවසයි. එමෙන්ම මෙමගින් දකුණේ පාරම්පාරික කලාකරුවන්ගේ අදායම වැඩි කිරීම තවත් අරමුණක් බවද හෙතෙම පෙන්වා දෙයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් රුහුණු සංචාරක කාර්යංශයේ සභාපතිවරයා මෙසේද කිවේය.
“ දකුණු පළාතට ආවේණික සංස්කෘතික උරුමයක් තියෙනවා. ඒ සංස්කෘතික උරුමයෙන් අපි ප්‍රයෝජන ගතයුතුයි. මේ වගේ ශාන්ති කර්ම කරනවිට අපේ අධිකාරිය මගින් අපේ පාරම්පාරික සංස්කෘතික ශිල්පින්ට අවශ්‍ය පහසුකම් ලබාදී සංචාරකයින් ගෙන්වාගැනීමයි අපේ බලාපොරොත්තුව. ඒ තුළින් දකුණු පළාතේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරිමට විශේෂ පිටුවහලක් ලැබෙනවා. පාස්කු ප්‍රහාරයෙන් පසු දකුණු පළාතේ සංචාරක කර්මාන්තය යළි යථා තත්වයට පත්වෙමින් තිබෙනවා” බවද සභාපතිවරයා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
677
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දකුණේ ශාන්තිකර්ම ඇසුරින් සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක්
chandima Saturday, 31 August 2019 02:49 AM
ව්‍යාපෘති ඇමති කෙනෙක් නැතිද?