IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


තල්පැදිවෙලට නෑයෝ එති

තම මාසික වේතනයෙන් කොටසක් යොදවා පසුගිය සමයේ දන්සැලක් දිමට  සඳහා සංවිධානය වු  එල් ඕ එල් සී රක්ෂණ සමාගමේ සේවක සේවිකාවෝ එම මුදලින් තෑගි බෝග රැගෙන මතුගම වලල්ලාවිට තල්පැදිවෙල කනිටු විද්‍යාලයට පැමිණියහ

දරුවන්ට ඔසවාගත නොහැකි තරමේ  අත පිරෙන්න තෑගිගෙන තිබූ අතර නිල ඇඳුම් සපත්තු මේස ද ඒ අතර තිබුණි.

විද්‍යාලයේ සියළුම දරුවන් වෙත මෙසේ ත්‍යාග ලබා දුන් ඔවුන් ගුරුමහත්ම මහත්මින්ටද තෑගි ගෙනවිත් තිබුණි.ක්‍රීඩා උපකරණ පාසල් ඉගැනුම් උපකරණ, පාසලේ ප්‍රථමාධාර සඳහා බෙහෙත් ද දරුවන් වෙනුවෙන් ආහාර පාර්සල්ද මෙහිදී බෙදා දුන්හ

පැමිණි පිරිස වෙනුවෙන් විද්‍යලයේ දරුදැරියන් සහ තල්පැදිවෙල ගැමුණු පෙරපාසලේ දරුදැරියන් ඔවුන්ගේ නැටුම් ගැයුම් මෙහිදී ඉදිරිපත් කරමින් උත්සවය හැඩ කළහ.

 

තල්පැදිවෙල කනිටු විදුහලේ  විදුහල්පතිනි මාලනි කුසුමලතා  මහත්මිය ,වසන්ත ගම්මන්පිල මහතා සහ තල්පැදිවෙල ගැමුණු පෙරපාසලේ රුෂිකා මනෝහාරී ගුරුමහත්මිය ඇතුළු මව්පියන් විසින් සංවිධානය කළ උත්සවය සඳහා  එල් ඕ එල් සි රක්ෂණ ආයතනයේ සාමාන්‍යාධිකාරි හේෂාන් ෆර්ඩිනැන්ඩි ,ජ්‍යෙෂ්ඨ කළමනාකාර ෂමින්ද කොළඹගේ ,කළමණාකරු උදිත කොළඹගේ ,කළමණාකාරී ශ්‍රියෝණි මෙන්ඩිස් යන මහත්ම මහත්මීන් ඇතුළු සුබසාධක සංගමයේ පිරිසක් එක්වූහ..

 

 



අදහස් (0)

තල්පැදිවෙලට නෑයෝ එති

නිලුපුල් Tuesday, 01 July 2014 10:40 AM

එම දරු පැටියන්ගේ ළමා ලෝකයට සුන්දර දවසක් උදාකළ එම සත් ක්‍රියාවට වචනයකින් හෝ දායක වූ සැමට තෙරුවන් සරණින් දෙව්රකවරනින් නිදුක් නිරෝගී සුවය පතමි........සාදු..සාදු. (දී)

:       0       0

සිල්වා Friday, 04 July 2014 03:12 PM

ඉතාම හොඳ වැඩක් අගය කරනවා !! (ස)

:       0       0

ජෝන් Sunday, 29 June 2014 04:02 PM

අගේ කල යුතු වැඩක් (දී)

:       0       0

ප්‍රියන්ති Thursday, 10 July 2014 03:30 AM

හරිම හොඳ වැඩක් ..ආදර්ශමත් වැඩක්..ජයෙන් ජය ඔබලාගේ ජීවිතයට (දී)

:       0       0

කරිෂ්මා Tuesday, 08 July 2014 10:13 AM

අැත්තෙන්ම දන්සැලක් දෙනවට වැඩිය ලොකු පිනක් (නදී)

:       0       0

අශාන් Sunday, 29 June 2014 04:49 PM

මෙවැනි මිනිසුන් මුළු ලොවටම වාසනාවකි. සිතට අප්‍රිය පුවත් හැමදාම දකින අපිට මෙවැනි පුවත් ඇසීමත් සතුටකි.ඔබ සැමට වැඩි වැඩියෙන් ලැබේව !(දී) ,

:       0       0

දිල්රු Monday, 30 June 2014 11:40 AM

අගය කරනවා (දී)

:       0       0

නිල්මිණි Monday, 30 June 2014 05:35 PM

ඉතාම හොද වැඩක් ,වැඩි වැඩියෙන් ලැබේවා (දී)

:       0       0

ජයතිස්ස Saturday, 05 July 2014 12:22 PM

ඉතාම සතුටුදායක පුවතක් සහයෝගය දැක්වූ හැම දෙනාටම තෙරුවන් සරණයි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 453 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16921 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 668 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site