තම මාසික වේතනයෙන් කොටසක් යොදවා පසුගිය සමයේ දන්සැලක් දිමට සඳහා සංවිධානය වු එල් ඕ එල් සී රක්ෂණ සමාගමේ සේවක සේවිකාවෝ එම මුදලින් තෑගි බෝග රැගෙන මතුගම වලල්ලාවිට තල්පැදිවෙල කනිටු විද්‍යාලයට පැමිණියහ
දරුවන්ට ඔසවාගත නොහැකි තරමේ අත පිරෙන්න තෑගිගෙන තිබූ අතර නිල ඇඳුම් සපත්තු මේස ද ඒ අතර තිබුණි.
විද්‍යාලයේ සියළුම දරුවන් වෙත මෙසේ ත්‍යාග ලබා දුන් ඔවුන් ගුරුමහත්ම මහත්මින්ටද තෑගි ගෙනවිත් තිබුණි.ක්‍රීඩා උපකරණ පාසල් ඉගැනුම් උපකරණ, පාසලේ ප්‍රථමාධාර සඳහා බෙහෙත් ද දරුවන් වෙනුවෙන් ආහාර පාර්සල්ද මෙහිදී බෙදා දුන්හ
පැමිණි පිරිස වෙනුවෙන් විද්‍යලයේ දරුදැරියන් සහ තල්පැදිවෙල ගැමුණු පෙරපාසලේ දරුදැරියන් ඔවුන්ගේ නැටුම් ගැයුම් මෙහිදී ඉදිරිපත් කරමින් උත්සවය හැඩ කළහ.
තල්පැදිවෙල කනිටු විදුහලේ විදුහල්පතිනි මාලනි කුසුමලතා මහත්මිය ,වසන්ත ගම්මන්පිල මහතා සහ තල්පැදිවෙල ගැමුණු පෙරපාසලේ රුෂිකා මනෝහාරී ගුරුමහත්මිය ඇතුළු මව්පියන් විසින් සංවිධානය කළ උත්සවය සඳහා එල් ඕ එල් සි රක්ෂණ ආයතනයේ සාමාන්‍යාධිකාරි හේෂාන් ෆර්ඩිනැන්ඩි ,ජ්‍යෙෂ්ඨ කළමනාකාර ෂමින්ද කොළඹගේ ,කළමණාකරු උදිත කොළඹගේ ,කළමණාකාරී ශ්‍රියෝණි මෙන්ඩිස් යන මහත්ම මහත්මීන් ඇතුළු සුබසාධක සංගමයේ පිරිසක් එක්වූහ..
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගේ කල යුතු වැඩක් (දී)
මෙවැනි මිනිසුන් මුළු ලොවටම වාසනාවකි. සිතට අප්‍රිය පුවත් හැමදාම දකින අපිට මෙවැනි පුවත් ඇසීමත් සතුටකි.ඔබ සැමට වැඩි වැඩියෙන් ලැබේව !(දී) ,
අගය කරනවා (දී)
ඉතාම හොද වැඩක් ,වැඩි වැඩියෙන් ලැබේවා (දී)
එම දරු පැටියන්ගේ ළමා ලෝකයට සුන්දර දවසක් උදාකළ එම සත් ක්‍රියාවට වචනයකින් හෝ දායක වූ සැමට තෙරුවන් සරණින් දෙව්රකවරනින් නිදුක් නිරෝගී සුවය පතමි........සාදු..සාදු. (දී)
ඉතාම හොඳ වැඩක් අගය කරනවා !! (ස)
ඉතාම සතුටුදායක පුවතක් සහයෝගය දැක්වූ හැම දෙනාටම තෙරුවන් සරණයි (නදී)
අැත්තෙන්ම දන්සැලක් දෙනවට වැඩිය ලොකු පිනක් (නදී)
හරිම හොඳ වැඩක් ..ආදර්ශමත් වැඩක්..ජයෙන් ජය ඔබලාගේ ජීවිතයට (දී)