ඩොලර් කෝටි 400ක (රුපියල් කෝටි 53600) වියදමින් නැගෙනහිර පළාතේ ඉදිකෙරෙන කර්මාන්ත පුරයක් සදහා ඇමැති මණ්ඩල අනුමැතිය පසුගියදා හිමිවිය.
ව්‍යාපෘතිය සදහා මුදල් ආයෝජනය කරනුයේ ගේට්වේ වර්ල්ඩ්වයිඩ් නම් සිංගප්පූරුවේ සමාගමකි.
කර්මාන්තපුරය ඉදිකෙරෙන්නේ ති්‍රකුණාමලයේ සාම්පූර් ප්‍රදේශයේය.
කර්මාන්තපුරයේ වරායක්,වාහන එකළස් කිරීමේ පහසුකම්,නැව් අලූත්වැඩියා කිරීමේ පහසුකම් ආදිය ඇති කිරීමට සැළැසුම් කර තිබේ.
වසර 7 ක් ඇතුළත කර්මාන්තපුරයේ ඉදිකිරීම් කටයුතු නිම කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරිසරයට හානිකරමින් දිය උල්පත්ද,උල්පත් ලිංද වසාදමමින් කන්දක් සමතලාකොට තැනු සිමෙන්ති ඇසුරුම් කම්හලකට විරුද්ධව ත්‍රිකුණාමලේ ජනතාව නඩුවක් පවරලා.සැලසුමක් ඇතුව වැඩකරන මෙන් නිලධාරින්ගෙන් ඉල්ලා සිටිමු. (නි)
අදහස් බැලුවහම පෙනෙනවා ලංකාවේ දැන් ධනාත්මකව හිතන අය වැඩි වෙලා කියලා. රටක දියුණුවට ඒක සුබ ලකුණක්. (ස)
මේවා සියල්ල මට නම් බොරු වැඩ (නි)
ඇත්තෙන්ම මෙම වියාපෘතිය රටේ අනාගතය වෙනුවෙන් සැලසුම් කල හොද ආයෝජනයක්. එය රජය මගින් ගත බුද්ධිමත් තීරණයක්. ශ්‍රී ලාංකිකයින් ලෙස අප ඒගැන සතුටු විය යුතුයි. ලංකාවේ උතුර, නැගෙනහිර කියන්නේ එක් ජන කොට්ඨාශයකට පමණක් අයිති පළාතක් නොවේ. මෙම ප්‍රදේශ තුල කර්මාන්ත බිහිකිරීම තුලින් අලුතින් බිහිවෙන රැකියා සඳහා ඒ ප්‍රදේශ වලට අනෙක් ජනයාත් සංක්‍රමණය වී සියලු ජන කොටස් වලින් මිශ්‍ර වූ ජන සංයුතියක් ඇතිවීම කාලයක් ගතවෙද්දී ඉබේටම සිදුවේවි. සිදුවිය යුත්තේ ද එයයි. පැවැති මැතිවරණයේදී කිසියම් කණ්ඩායමක් ජයග්‍රහණය කලත් එම ප්‍රදේශයේ මැතිවරණයක් පැවැත්විම ට හැකිවීම ම අප ලද ජයග්‍රහණයක් යන්න වටහා ගත යුතු වෙමු. (අ)
මතක නේද උතුරේ ඡන්දය. අපි කීයක් වියදම් කලාද? ඒත් ඡන්දෙදි උන් නියම අකාරයෙන් ගේම දුන්නා වගේ ට්‍රින්කෝ වලටත් දෙයිද දන්නේ නැහැ... (ස)
කර්මාන්ත පුර නම් හොඳා ඒත් ඡන්දෙ කාටද?? (ස)
සංවර්ධනය නම් හොඳා. ඒත් බඩගින්න.... (ස)
රට දියුණූ වෙනවට අපිත් කැමතියි (නි)
අපේ රටේ ඉන්න අයගෙන් වැඩක් ගන්නම බැරිද ? හැම එකක්ම විදේශ රටවල් වල කොන්ත්‍රාත්කාරයන්ට බාර දෙන්නේ? රුපියල් කෝටි 53,600/= මහජනතාවගේ සල්ලිද ? නැත්නම් සිංගප්පුරුවෙන් වැල් පොලි ක්‍රමයට සිද්ධ වෙන ආයෝජනයක් වෙන්නට ඇද්ද?මෙය හොඳ වැඩක්. නමුත් අනාගත පරම්පරාව ලෝකේ හතර වටේටම ණය ගැත්තන් වීම ඉතාමත් කණගාටුසහගත සිද්ධියකි.සුබ අනාගතයක් ! (නි)
මම ත්‍රිකුණාමලේ කෙනෙක්. හොඳ වැඩක්. (ස)
ත්‍රිකුණාමල වරාය ආශ්‍රිත ප්‍රදේශය ඩුබායි වගේ නැත්නම් ඊටත් වඩා හොඳින් සංවර්ධනය කරන්න පුලුවන් තැනක්. ඒක රජය විසින් දූරදර්ශීව සැලැස්මකට කළයුතු දෙයක් බවයි මගේ හැගීම. (නි)
මම හිතන්නේ ලංකාවේ තියන ලොකුම කර්මාන්ත පුරය විශාල රැකියා ප්‍රමාණයක් ජනතාවට ලැබෙනවා. ඩොලේර් බිලියන 4ක් ලොකු ආයෝජනයක් හරිම සතුටයි. මෙවැනි දෙයක් ලංකාවේ වෙන එකට. නැගෙනහිර ජනතාවට විශාල රැකියා ප්‍රමාණයක් ලාංකිකයන් හැටියට හැම කෙනෙක්ම සතුටුවෙන්න ඕනි මේ ක්‍රියාවට රජයේ ඉදිරි දැක්ම ගැන විස්වාසයක් ගොඩනගා ගන්න පලුවන් ලංකාවේ තියන හැම වරයකින්ම ප්‍රයෝජනය ගන්න හැකියාව ලැබේවා සැමට ජය !(නදී)
මට මතකයි යු එන් පී ආණ්ඩුව කාලෙත් තිරිකුණාමලේ අපනයන ප්‍රවර්දන කලාපයක් පටන් ගන්න කියල බී ඔ අයි කාර්යාලයකුත් ඇරියා. අයෙමත් පටන් ගන්නේ ඒකමද? නැත්නම් තවත් එකක්ද? (අ)
හොද වැඩක් මගේ සුබ සුභ පැතුම්.(නදී)
ආණ්ඩුව දැන්නම් නියම ට්‍රැක් එකට වැටිලා තියනවා, අපිට කොහොම වුනත් අපේ දරු මුණුබුරන්වත් සතුටින් ඉදීවි.විපක්ෂයේ බයිලා අහල දැන් අපිට ඇතිවෙලා. (ස)
කිසිම ආණ්ඩුවකින් මේ වගේ සංවර්ධනයක් කරලා නැහැ. මේ වගේ ලොකු වැඩ කරලා නැහැ. අපිට ඕන මේ වගේ වැඩ තමයි! අසුබ වාදීව දකින කට්ටිය හැමදාම ලිඳේ තමයි ඉන්නේ ! (ස)
කොහොම කලත් මේ වගේ වැඩ තමයි අපිට ඕනි රට සංවර්ධනය කරන්න නම් මේ වගේ ලොකු ව්‍යාපෘති කෙරෙන්න ඕනි ළිං ගෙම්බන්ට මේවයේ අවබෝධයක් නැහැ. හැමදේකට අකුල් හෙලන එක තමයි කරන්නේ ........ (ස)
මේ ඉදිකිරීම් අපේ රටේ සම්පත් හා ශ්‍රමය යොදාගෙන කරන්න බැරිද (ස)
එක්සත් ජාතික පක්ෂය කියනවා මේක හොර වැඩක් කියල මොකද මේකේ ලංකා හවුල් කාරයෝ කවුද කියල ආණ්ඩුව කියපු නැති නිසා. මේක හරියට නිකන් දුන්නු අස්සයගේ දත් බලනවා වාගේ වැඩක්. , කවුරු කලහම් මොකද? කොමිස් ගැහුවත් මොකද? ලංකාවට හොද වැඩක් වෙනවනම් ? එක්සත් ජාතික පක්ෂය කරපු ඇති වැඩකුත් නැහැ. කොමිස් ගහවුවය්, රටේ සම්පත් විකිණුව විතරය්. බොරුවට දේශපාලන වාසි ගන්න හදනවා, කරන්න පුළුවන් දෙයකුත් නැහැ (දී)
හොඳ දේවල් ඉක්මනින් නිම කරලා දෙන්න. (ස)
තව වරායක්? (ස)