IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


තුන් වැනි වරටත් “JAT පින්තාරු අභිමන්” වැඩසටහන ඇරැඹේ

JAT Holdings සමාගම විසින් දැව පින්තාරු ශිල්පීන් සවිබල ගැන්වීමේ අරමුණින් තුන්වැනි “JATපින්තාරු අභිමන්” වැඩසටහන ආරම්භකරයි. මෙම වැඩසටහන 2025 අගෝස්තු දෙවැනි සතියේ ආරම්භ වන අතර, මාස තුනක කාලය තුළ නගර අටකදී පැවැත්වේ. දිවයින පුරා දැව පින්තාරු ශිල්පීන් 800කට වැඩි පිරිසකගේ සහභාගීත්වය මේ සදහා අපේක්ෂා කරයි.

“JAT පින්තාරු අභිමන්”, ජාතික මට්ටමින් දැව පින්තාරු ශිල්පය දිරිගන්වන සහ ශිල්පීන් සවිබලගන්වන වැඩසටහනකි. මෙමගින් ශිල්පීන් සදහා ප්‍රායෝගික පුහුණුව හා න්‍යායාත්මක පුහුණුව ලබාදෙන අතර, ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) ලබා ගැනීම සදහා ද මග පෙන්වයි.

පසුගිය වසර දෙක තුළ වැඩමුළු 16ක් පවත්වමින් දැව පින්තාරු ශිල්පීන් 1700කට අධීක පිරිසකට පුහුණුව ලබාදීමට කටයුතු කළ අතර, මෙම වැඩසටහනෙන් 2025 දී ද දැව පින්තාරු ශිල්පීන්ගේ න්‍යායත්මක සහ ප්‍රායෝගික දැනුම වර්ධනය කිරීමට නියමිතය. මෙයට සමගාමීව, මෙම වසරේදීත් සෑම කලාපයකම හොඳම දැව පින්තාරු නිමවුම් ශිල්පියා තේරීමේ තරගයක්ද සංවිධානය කර ඇත.

ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය හෙවත් NAITA සමඟ JAT Holding සමාගම හවුල්ව දැව පින්තාරු ශිල්පීන් 700 කට වැඩි පිරිසකට NVQ සහතික ලබා දී, විධිමත් පිළිගැනීමක් සහ වෘත්තීය අවස්ථා හිමිකර දී ඇත. පසුගිය වසරවල NVQ සහතික ලාභීන්ගේ ප්‍රතිපෝෂණවලින් වැඩසටහනේ සාර්ථකත්වය මෙලෙස  තහවුරු වේ.

මෙම වැඩසටහන NVQ Level 4 සහතික ලබා ගැනීමට සහය වන අතර, සෑම වැඩමුළුවකම NAITA නියෝජිතයකුගේ විශේෂ සැසියක් ද ඇතුළත් වෙයි. 

මෙම වැඩසටහන ආරම්භ කිරීම සම්බන්ධයෙන්, JAT Holdings  සමාගමේ අධ්‍යක්ෂ - අලෙවිකරණ, දිල්ශාන් රොද්රිගෝ මහතා පවසන්නේ,JAT පින්තාරු අභිමන්’ යනු පුහුණුවක් පමණක් ම නොවේ. ශිල්පීන්ගේ දායකත්වයට ගෞරව කරමින්, ඔවුන්ගේ කුසලතා හා අභිලාෂ  වර්ධනය කරමින්, සාර්ථක දැව පින්තාරු ක්ෂේත්‍රයේ වෘත්තිකයන් ලෙස ගොඩනැංවීමට අපි දරන උත්සාහයේ  ප්‍රතිඵලයක් බවයි.

“JAT පින්තාරු අභිමන්” වැඩසටහන තුන්වැනි වසරට පිවිසෙන විට, JAT Holdings සමාගම ලංකාවේ දැව පින්තාරු ශිල්පයේ ප්‍රමිති ඉහළ නංවමින්, පින්තාරු ශිල්පීන්ට ගෞරවයක් හා සුවිශේෂී අත්දැකීමක් ලබා දෙන ජාතික තලයේ වැඩසටහනක් බවට පත්ව තිබේ.

 



අදහස් (0)

තුන් වැනි වරටත් “JAT පින්තාරු අභිමන්” වැඩසටහන ඇරැඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1842 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1489 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 527 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site