දිගුකාලීන ප්‍රජා සංවර්ධනය සහ සියලු දෙනා ඇතුළත් කරගත් සමාජ ප්‍රගතිය වෙනුවෙන් දක්වන කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින්, ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරය විසින් ඩේවිඩ් පීරිස් සමූහ සමාජ සවිබලගැන්වුම (David Pieris Group Social Empowerment Drive) නමින් දින පහක පුළුල් ප්‍රජා සත්කාරක වැඩසටහනක් අද (ජූලි 15) සිට 19 දක්වා ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.
මෙම සුවිශේෂී වැඩසටහන මඩකලපුව, ත්‍රිකුණාමලය පාරේ පිහිටි ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි භූමිය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන අතර තෝරාගත් තවත් විශේෂ ක්‍රියාකාරකම් කිහිපයක් නගරයේ වෙනත් ස්ථානවල ද සංවිධානය කර තිබේ.
ප්‍රජාව සාර්ථකව සවිබල ගැන්වීම අරමුණු කරගනිමින් නිර්මාණය කර ඇති මෙම සමස්ත වැඩසටහනෙන් ව්‍යවසායකත්වය දිරිගැන්වීම, මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීම, වෘත්තීය හා තාක්ෂණික කුසලතා නංවාලීම, පාසල් සහ විශ්වවිද්‍යාල සහයෝගිතා ව්‍යාපෘති, කාන්තා හා තරුණ ප්‍රජාව නගාසිටුවීම මෙන්ම ප්‍රජා සහභාගීත්වය ශක්තිමත් කිරීම වෙනුවෙන් විවිධ ක්‍රියාකාරකම් රැසක් ක්‍රියාවට නංවනු ලබයි.
මෙම සුවිශේෂී ප්‍රජා සත්කාරක මුලපිරීමේ ප්‍රධානතම ආකර්ෂණය වන්නේ ජූලි 15 සිට 19 දක්වා දින පහක් පුරා DPMC භූමියේදී මහජනතාව සඳහා විවෘතව පැවැත්වෙන දැවැන්ත වෙළෙඳ ප්‍රදර්ශනයයි. එහිදී ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයට අයත් ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි, ඇසට්ලයින් ෆිනෑන්ස්, ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස්, ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි, ඩේවිඩ් පීරිස් සෝලා එනර්ජි, ඩේවිඩ් පීරිස් ලොජිස්ටික්ස්, ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස්, ඩේවිඩ් පීරිස් ලෙෂර් සහ ඩේවිඩ් පීරිස් ඒවියේෂන් යන සමාගම් රැසක නිෂ්පාදන, සේවා, ටෙස්ට් ඩ්‍රයිව් සහ සුවිශේෂී ප්‍රවර්ධන දීමනා රැසක් අත්විඳීමට පාරිභෝගිකයන්ට අවස්ථාව හිමිවේ.
වැඩසටහන ආරම්භ වන ජූලි 15 වැනිදා, කාන්තා ප්‍රජාව සවිබල ගැන්වීම සහ ඔවුන් ස්වයංරැකියා අවස්ථා සඳහා දිරිගැන්වීම අරමුණු කරගනිමින් රූපලාවණ්‍ය හා පුද්ගලික සත්කාරක ක්ෂේත්‍රයේ ප්‍රායෝගික දැනුම සහ කුසලතා ලබා දෙන “කාන්තා රූපලාවණ්‍ය හා පුද්ගලික සත්කාරක කුසලතා සංවර්ධන” වැඩසටහනක් පැවැත්වේ.
එදිනම (ජූලි 15) East Lagoon හෝටලයේදී ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනක් ද පැවැත්වීමට නියමිත අතර, එමගින් ව්‍යාපාර ක්ෂේත්‍රයට අලුතින් පිවිසීමට අපේක්ෂා කරන පිරිස්වලට සහ සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ට තම ව්‍යාපාර ශක්තිමත් කරමින් පුළුල් කර ගැනීමට අවශ්‍ය වටිනා දැනුම සහ ප්‍රායෝගික මගපෙන්වීම් ලබා දෙයි.
ජූලි 16 වැනිදා මාර්ග ආරක්ෂණ වැඩසටහනක් පැවැත්වෙන අතර, එහි අරමුණ වන්නේ සිසු දරුවන් තුළ වගකීම් සහගත මාර්ග හැසිරීම් සහ ආරක්ෂිත ප්‍රවාහන පුරුදු ඇති කිරීමයි.
ජූලි 18 වැනිදා ත්‍රිරෝද රථ රියැදුරන් සඳහා ආරක්ෂිත සහ වගකීම් සහගත රිය පැදවීම පිළිබඳ මාර්ග ආරක්ෂණ දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වෙන අතර ප්‍රදේශයේ ගරාජ් හිමියන් සහ කාර්මික ශිල්පීන්ගේ වෘත්තීය කුසලතා සහ සේවා ප්‍රමිති ඉහළ නැංවීම සඳහා තාක්ෂණික දැනුම හා ප්‍රායෝගික මගපෙන්වීමේ වැඩසටහනක්ද පැවැත්වේ.
වැඩසටහනේ අවසන් දිනය වන ජූලි 19 වැනිදා ප්‍රජා සහභාගීත්වය, ක්‍රීඩාශීලීත්වය සහ කණ්ඩායම් හැඟීම වර්ධනය කිරීම වෙනුවෙන් කල්ලාඩි, නව කල්මුණේ පාරේ පිහිටි සිවානන්ද පාසල් ක්‍රීඩාංගණයේදී ක්‍රිකට් තරගාවලියක් ද, වලච්චේනෙයි KV ක්‍රීඩාංගණයේදී පාපන්දු තරගාවලියක් ද සංවිධානය කර ඇත. මීට සමගාමීව DPMC ඩීලර්වරුන්ගේ තාක්ෂණික නිපුණතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා යාන්ත්‍රික පුහුණු වැඩසටහනක් පවත්වනු ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd