හර්ෂණ තුෂාර සිල්වා
රුපියල තවදුරටත් අවප්‍රමාණය එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (7) 160 ක් දක්වා පහළ ගියේය.
ශ්‍රී ලංකා මහ බැංකුව අද (7) නිකුත් කළ විනිමය අනුපාත අනුව එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂාව රුපියලේ විකුණුම් මිල 160.00ක් ලෙසත් ගැනුම් මිල 156.91ක් ලෙසත් සටහන් වී තිබිණි.
ඉකුත් පෙබරවාරි 10 වැනි දා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් පසු ඇති වූ දේශපාලන අස්ථාවරත්වය නිසා රුපියල් අඛණ්ඩව පහත වැටුණු අතර රුපියලේ අගය මෙතරම් අගයකට පහත වැටුණු පළමු අවස්ථාව මෙය විය.
මේ වසරේ ජනවාරි 1 වැනි දා සිට ජූනි 1 වැනි දා දක්වා කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 3.3කින් අවප්‍රමාණය වී ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. එම කාලයේදී ස්ටලිං පවුමකට සාපේක්ෂව රුපියල සියයට 2.1කින් ද යුරෝවකට සාපේක්ෂව සියයට 1.3කින් ද අවප්‍රමාණය වී තිබේ.
රුපියල වැඩි වශයෙන් අවප්‍රමාණය වූයේ අප්‍රේල් මස අගදී සහ මැයි මස මුලදී යැයි මේ වසරේ තෙවැනි මුදල් ප්‍රතිපත්ති විවරණය නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මැයි (11) සඳහන් කළේය.
පසුගිය වසරේදී රුපියල සියයට 2.5කින් සහ 2016 වසරේදී රුපියල සියයට 3.9කින් අවප්‍රමාණය වුණු බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තාවල දැක්වේ.
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව අද (7) නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව ස්ටලිං පවුමකට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය 216.05ක් ලෙසත් යුරෝ එකකට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය 189.92ක් ලෙසත් දැක්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනට ඉතා සීඝ්‍රෙයන් රටේ මුල්‍ය තත්වය වර්ධනය වන හෙයින් මේ ජනාධිපතිවරයා 2025 දක්වා සිටීම අරමුණු කොටගෙන ඇත. ඔහුට සහ කැබිනට් ප්‍රකාශකට අනුව ඔවුන් 2020 ටත් එහා සිටිමින් ඩොලරය 260 දක්වාම ගෙනයාම අරමුණ වී ඇත. එමගින් මේ රටේ බත් කන්නවුන්ට රට තණකොළ කැවීම අරමුණුකොටගෙන ඇත. අහෝ ඛේදයකි!
අර කවුද මන්ද පසුගිය දවසක කියල තිබුන මෙහෙම රුපියලේ අගය පහත වැටුනාම රටට හොදයි කියල.
අනේ ට්‍රම්ප් අයියේ, මෙහෙම වැටීගෙන ගියොත් අපේ රුපියල මුහුදු පතුලටම වැටිලයි නවතින්නේ. අපි ගැන අනුකම්පා කරලා අයියලාගේ ඩොලර් එක උඩට යන්න නොදී ටිකක් පහලට තල්ලු කරන්න බැරිද? එහෙම නැත්නම් රුපියලත් එක්කම මෙහෙ ඉන්න සුවච කීකරු ගෝලයො ටිකත් මුහුදටම තල්ලු කරලා දාන්න පුළුවන් නම් අපි රුපියල බේරගන්නම්.
මිනිස්සුන්ගේ අතමිට සරු කළේ ,දුෂණය නතර කරේ ,රක්ෂා ලක්ෂ 10 බිහි කරේ යහපාලන රජයයි,
රට බේරාගත් රට සංවර්ධනය කල නායකයා ගෙදර යවල හොරු ටිකක පත්කරගත් එකේ විපාක තමයි මේ
විදේශ රැකියා වල නිරත වන අයට මේක හොදයි. හේතුව ඩොලරයට සාපේක්ශව රුපියල අවප්‍රමාණය වෙනව කියන්නෙ අනෙකුත් මුදල් ඒකක වලට සාපේක්ෂවත් අවප්‍රමාණය වෙනව කියන එකයි. උදාහරණයකට කටාර් රියාල් එකක් මීට අවුරුදු 5කට කලින් රුපියල් 35කට තිබුණේ. දැන් ඒ අගය රු. 43ක් ව්තර වෙනවා. ඒ කියන්නේ රියාල් 1000ක් පඩි ගන්න කෙනෙක්ට මීට අවු. 5කට කලින් ලැබුණේ රු. 35000, දැන් ලැබෙනවා රු. 43000ක්. රියාල් වලින් ලැබෙන එයාගෙ පඩියෙ කිසිම වැඩිවීමක් වෙලා නැති වුනත් ඒක ලංකාවට ලැබෙද්දී කලින් ලැබුණට වඩා වැඩි මුදලක් ලැබෙනවා.
ආර්ථික විශේෂඥ, ජාත්‍යන්තරය ජයගත් එතුමන්ලාගේ පංචවිධ ක්‍රියාවලියේ තවත් ප්‍රතිලාභයක්.
කෝ අගමැතිගේ ආර්ථික කළමනාකරණ කමිටුව? UNP එකේ මැති ඇමැතිවරු කියනවනේ අපේ නායකතුමාගේ මාර මොලය කියලත්, ආර්ථිකය නග්ගනවයි කියලත්. මේ ආණ්ඩුවේ ඉන්නවනේ ආසියාවේ හොඳම මුදල් ඇමති, ආචාර්ය හර්ෂ ද සිල්වා වගේ ආර්ථික විශේෂඥයෝ. කෝ ඉතින්?
රුපියල තවදුරටත් අවප්‍රමාණය එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (7) 160 ක් දක්වා පහළ ගියේය. ඔබ නගින්න ඔබ නගින්න ඉහලටම බලා අප ඉන්නම් මැද පෙරදිග කඳුළු සල සලා
රට බේරාගත් රට සංවර්ධනය කළ දැක්මක් තිබුණු නායකයා ගෙදර යැවූ එකේ විපාකය
බජට් එකෙන් ටැක්ස් ගැහුවා නේ. ඒක නිසා තමයි ඩොලර් කෙලින්ම මහ බැංකුවට එන්නේ නැත්තේ..... ඩොලර් කලු කඩෙන් මාරු කරනකොට බැංකුවට වඩා ගෙවනවා..... ටැක්ස් වදින්නෙත් නෑ...
අපිටත් පුළුවන් අනාවැකි කියන්න, " 2020" වනවිට ඩොලරය රුපියල් 200ය නගී, දැන් අපි සල්ලි එවන්නේ නැහැ, 2021 ලංකාවට එනකොට ඩොලර් මිටියක් ගෙනල්ල කඩෙන් මාරු කරගත්තම හරි.