IMG-LOGO

2024 මැයි මස 13 වන සඳුදා


ඩ්‍රැගන් ෆෘට් වගාව සරුයි

කඹුරුපිටිය මාපලාන රට ලංකාව වත්තේ  පවත්වාගෙන  යන  ඩ්‍රැගන් ෆෘට්  වගාවේ  ඵලදාව  මෙවර සරු වී තිබේ.

ඩ්‍රැගන් ෆෘට් වගාවට එතෙර හා මෙතෙර වෙළෙදපොළේ  වැඩි ඉල්ලුමක් පවති.

 කාබනික පොහොර  පමණක් යොදාගෙන  පවත්වාගෙන යන  මෙම වගාවේ ඉදුණු ඩ්‍රැගන් ෆෘට්  වගාවේ අස්වැන්න  වගාකරු  සී එන් ලොකු  ලියනගේ (36) මහතා සිය සේවකයින්  සමග  නෙළයි.

 



අදහස් (0)

ඩ්‍රැගන් ෆෘට් වගාව සරුයි

ද සිල්වා බෙර්ලින් Friday, 19 July 2013 04:37 PM

ලංකාවේ පලතුරු වගාවෙන් හොඳින් මුදල් උපයන්න පුළුවන්. අබ , දෙහි ,දොඩම් ,කෙසෙල් වැනි වගා හරියට කරනවා නම් , මෙතුමා කරලා තිබෙන වැඩේ ලස්සනයි. ඔබතුමාට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා! (දී)

:       0       0

වසන්ත රත්නායක Tuesday, 30 July 2013 01:23 PM

මේ ශාඛයේ ඇට හෝ පැල ගන්න තැනක් තියෙනවද ?(අ)

:       0       0

බණ්ඩාර Saturday, 20 July 2013 10:44 AM

හරිම ගුණදායක පළතුරක්. පතොක් කුලයේ ශාකයක් නිසා ලංකාවේ ඕනෑම දුෂ්කර ප්‍රදේශයක වැවිය හැකියි (නි)

:       0       0

වසන්ත කුමාර සෙනරත් Friday, 30 August 2013 12:02 PM

වගාව හරිම ලස්සනයි. මමත් ද්‍රගොන් ෆ්රුඉට්ස් වවන අයෙක්මි. අක්කර 1.25ක වවල තිබෙනවා. පලදාව හොඳයි. ඔබට ජයෙන් ජයම ලැබේව! තෙරුවන්ගේ පිහිටයි! (දී)

:       0       0

වසන්ත කුමාර සේනාරත්න Friday, 30 August 2013 12:02 PM

වගාව හරිම ලස්සනයි. මමත් ද්‍රගොන් ෆ්රුඉට්ස් වවන අයෙක්මි. අක්කර 1.25ක වවල තිබෙනවා. පලදාව හොඳයි. ඔබට ජයෙන් ජයම ලැබේව! තෙරුවන්ගේ පිහිටයි! (දී)

:       0       0

අරුණ Wednesday, 07 August 2013 10:52 PM

මම ආසයි කජු පුහුලන් වලට. අපේ කෑම අපට හොදයි (නි)

:       0       0

ගැමුණු Saturday, 10 August 2013 10:39 PM

ඔබට ජය වේවා! (නි)

:       0       0

මාර්ටින් Friday, 19 July 2013 10:16 PM

ඉස්සර අපි ඇපෙල් ගෙඩියක් කාවේ රු 20 ට ඇපල් ගෙඩියක් 70 අපේ රටේ පලතුරු ඔක්ක්කොම අමුවෙන් කඩලා වස ගහල ඉඩවනවා අපට දැන් පිටරට පලතුරුත් නැහැ මෙහෙ ඒවත් නැහැ (දී)

:       0       0

උපාලි Friday, 19 July 2013 10:14 PM

අපිට අපේම කියලා දේශීය පළතුරක් කන්න පිනක් නැද්ද (දී)

:       0       0

ප්‍රසන්න Saturday, 17 August 2013 01:21 PM

ඉතාමත් හොද පළතුරක්.(නදී)

:       0       0

‍ජෙනි Thursday, 29 August 2013 07:21 AM

හරිම රස පලතුරක්....(අ)

:       0       0

චන්ඩි Friday, 19 July 2013 05:42 PM

මම පලවෙනි වතාවට දැක්කේ. රස කොහොමද නොදන්නවා වුනත් ගෙඩිය නම් හරි ලස්සනයි. ගහත් ලස්සනයි. ඔබගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා! (දී)

:       0       4

අසේල ඕමානය Thursday, 25 July 2013 06:30 PM

මටත් වැඩිය අල්ලන්නේ නැති පළතුරක් මේක. (නි)

:       0       0

දීප්ති Friday, 19 July 2013 11:07 PM

නන්දලාල් ස්තුතියි ඔබට. මටනම් හරි රසයි. මම කෑවේ ඊශ්‍රායෙල් වලදී. මේ රටේ ඊශ්‍රායෙල් මිනිස්සුන්ව මේ පලතුරට සමාන කරනවා. පිටතින් හරි රළුයි, ඒත් ඇතුළ හරිම පැනිරසයි. හරියට අපේ වරකා පලතුර වගේ. (දී)

:       0       0

ගුණේ Saturday, 03 August 2013 08:31 PM

පුරවැසියා, ළගදි ඩ්‍රැගන් පෘට් කෑවේ නැද්ද? දැන්නම් කිලෝව රු 300 යි. කිලෝවට ගෙඩි 3 යි. ගෙඩියක් රු 100 යි. පලදාව වැඩිවන විට තව මිළ පහළ බසීවි. (නි)

:       0       0

පහන් Saturday, 20 July 2013 11:47 AM

සිංගප්පුරුවට මේ පලතුර ගේන්නේ වියට්නාම් වලින්. හෝටලේට එන සුද්දෝ කාලා අහනවා මේ මොනවද කියලා. බුෆේ එකේ කපපු නැති පලතුරු වට්ටියෙන් අරන් පෙන්නනවා. සමහරු පොටෝ ගහගෙනත් යනවා.මට නම් මෙලෝ රහක් නැති පළතුරක්. තද ඇඹුල් සෙවල ගතියකුත් තියනවා. ලෙල්ල ඉතාම පහසුවෙන් ගලවන්න පුළුවන්. මදය සුදුපාටයි. කලුපාට ඇට ඇට (තිත් වශයෙන් ) මුළු ගෙඩිය පුරාම තියනවා. මම මේකට මුලින් අදහසක් දැම්මේ නැත්තේ මේ පලතුරට තියන අකමැත්ත නිසා (නි)

:       0       0

පහන් Saturday, 20 July 2013 11:50 AM

ඔය වැටවල් වල හිටවන වැට අන්නාසි වල තියෙන්නේ එම රහමයි .ඇතුලේ ඇටත් ඒ වගේ (නි)

:       0       0

රවී බංඩාර Monday, 15 July 2013 03:18 PM

ඉතා හොඳ වැඩක්. ඔබට ජය වේවා ලියනගේ මහත්මයාණෙනි. ඔබගේ වගාව දිනෙන් දින සරු වේවා! ජය ශ්‍රී ! ජය ශ්‍රී ! (නි)

:       0       0

කින් බෙනට් Monday, 02 September 2013 09:13 PM

මම හිතුවේ අපේ ලංකාවේ කැළෑවල් වල නිකන් අපතේ යන කිරල ගෙඩි කියලා. බලද්දී පිට රට පළතුරක් නේ.බොහොම ගණන් පාටයි.හැබැයි කිරල ගෙඩි මේ වගේ වුනාට කවුරුත් කන්න උනන්දු වෙන්නෙත් නැහැ.නිකන් දුන්නත් කන්නේත් නැහැ.හැබැයි කිරල ගෙඩියත් මේ වගේම එක සමානම ගැලපෙන පළතුරක් (නි)

:       0       0

ටිරල් Friday, 19 July 2013 05:58 PM

මෙච්චරයි අඩු (අ)

:       0       0

අසිත Sunday, 28 July 2013 10:58 AM

පෙනුම නම් හරි ලස්සනයි (නි)

:       0       0

ගාමිණී-සිරි Monday, 15 July 2013 03:25 PM

යුගයේ අවශ්‍ය තාවයකට ආරම්භකල ඉතාමත් හොඳ ව්‍යාපෘතියක්. විදේශ වෙළඳ පල වගේම දේශීය සුපර් මාර්කට් වලටම දෙන්න පුළුවන් රස නිසා හොඳ මිලකට. (අ)

:       0       0

දීප්ති Friday, 19 July 2013 06:14 PM

මේ ශාකය පතොක් ශාකය හා සමානද? ඇතුලේ පැෂන් ගෙඩියේ වගේ ඇට තියෙනවද? මම නොදන්නා කමට අහන්නේ. මම රටදී පළතුරක් කැවා මේ කියපු විදිහේ. එත් නම දන්නේ නැහැ. දන්නා කෙනෙක් කියන්න මේ පලතුර මොන වගේද කියලා. (අ)

:       0       0

සරත් Tuesday, 23 July 2013 08:10 AM

ඩ්‍රැගන් ෆෘට් පිලිබදව විස්තර මේ වෙබ් එකේ තියනවා http://www.agridept.gov.lk/index.php/en/crop-recommendations/1077 (නි)

:       0       0

සුදත් ශ්‍රී Saturday, 20 July 2013 09:25 PM

පළතුරු සඳහා ආරක්ෂිත, පිරිසිදු ප්ලාස්ටික් කූඩ පාවිච්චි කිරීම ගැන සතුටුයි. (දී)

:       0       0

දිනේෂ් Monday, 12 August 2013 09:56 AM

ලස්සන පළතුරක් (දී)

:       0       0

මනෝහරන් Saturday, 20 July 2013 12:29 AM

බන්දුල ඔව් මෙය ගර්මකලපිය ශාකයක් නිජබිව දකුණු ඇමෙරිකාව තවමත් ලෝකයේ සමහර රටවල් මෙය වවන්නේ මල් ලබා ගැනීමට මෙහි මල මල්වල රැජිණිය ලෙස හදුන්වඊ වැඩි විස්තර හොයා බලන්න (අ)

:       0       0

සෝමසිරි Sunday, 28 July 2013 11:26 AM

මේක වියලි කලාපයේ වවන්න බැරිද? (නි)

:       0       0

චානක Wednesday, 24 July 2013 09:06 PM

ගොවියන් මෙයට නැඹුරු කල යුතුයි (අ)

:       0       0

හේමා Monday, 05 August 2013 11:01 PM

ලොකු ලියනගේ මහත්තයා,තව තව වවන්න. ඔබට ජයවේවා. (නි)

:       0       0

සුපුන් Tuesday, 16 July 2013 04:59 PM

පින්තුර ටිකක දාන්නකෝ ... (දී)

:       0       0

මාදවී Saturday, 20 July 2013 01:01 PM

සමහර රටවල වවන අන්නාසි,ගස්ලබු මෙලෝ රහක් නෑ කන්න බැහැ මේකත් එහෙම වෙනවා ඇති.නැත්නම් ඉතාමත් රස පළතුරක්. (අ)

:       0       0

තිලක් Friday, 19 July 2013 08:46 AM

ඩ්‍රැගන් ෆෘට් ඇට වලිනුත් පැල කරන්න පුළුවන්.ගෙඩි හට ගැනීමට අවුරුදු 5 ක් පමණ බලන් ඉන්න වෙනවා.දඩු කැබලි වලින් පැල කර ගන්නවා නම් අවරුදු 1.5-2 ක් තුල ගෙඩි ලබා ගන්න පුළුවන්.වියලි කලාපේ වුනත් හොදින් ජාල සම්පාදනය කලානම් හොද අස්වැන්නක් ලබා ගන්න පුළුවන්.මෙහි අඩංගු පෝෂණ ගුණය හරිම ඉහල නිසා ලෝකයේ විසාල ඉල්ලුමක් මේ පලතුරට තියෙනවා.විශේෂයෙන් කුඩා දරුවන්ගේ සෙම්,පිත් රෝග වලට ඖෂධීය ගුණයක් ඇතුලත් වෙනවා.මෙය සෑම නිවසකම පහසුවෙන් වගා කල හැකි,ගෙවතු අලංකාරයටත් යොදා ගත හැකි පලතුරු පැලයක්. (නි)

:       0       0

මහවැලි Monday, 22 July 2013 07:44 PM

පලතුරු අනුභව කරන්නේ රස තෘප්තියට වඩා පෝෂ්‍යදායි ගුණයට. හොඳම උදාහරණය දුරියන්ග්. ලංකාවේ පලතුරු රස මෙන්ම ඉතා ගුනදායකයි. අපේ සම්ප්‍රදායික පලතුරු මනාව කළමනාකරණය කර වගා කරන්නේ නම් ඉහල ආදායමක් ලබා ගත හැක. තායිලන්තයේ සුපිරි හෝටල්වල අතුරුපස සදහා ඔවුන්ගේ දේශීය පලතුරු වලට හිමිවන්නේ සුවිශේසී ස්තානයක්. එහි පැණි කොමඩු ඉතා රසවත්ය. විදේශිය පලතුරු දක්නට නොමැති තරම්.(නදී)

:       0       0

කැනඩා දිසා Thursday, 18 July 2013 10:40 AM

ඇත්තෙන්ම කියනවනම් දිව්‍ය පලයක් ,මෙහෙ c $3ක් විතර වෙනවා ගෙඩියක් ,හරිම රසයි ,ගුණයි. (අ)

:       0       0

විතානගේ Monday, 22 July 2013 02:32 PM

නිරෝෂන්, ෆේස්බුක් හරහා මා සම්බන්ධ වන්න. මා ඔබට ඇමතීමට දුරකතන අංකයක් දෙන්නම් (නි)

:       0       0

සුපුන් සේනානායක Saturday, 27 July 2013 12:13 PM

ලියනගේ, ඔබ වෙනි ආදරශමත් ගොවියෝ තව තව අපේ රටේ බිහිවේවා, ඔබ තුමාට වැඩි වැඩියෙන් ලැබේවා ! (ස)

:       0       0

නිමල් පෙරේරා Wednesday, 17 July 2013 12:04 PM

වසර දෙකක කාලයක් තිස්සේ මමත් ඩ්‍රැගන් ෆෘට් පැල 14 හිටවලා තියනවා.ගස් ටික හොඳ සරුවට වැවිලා මල් ගොඩාක් ආවා. ඒවුනාට ගෙඩි එන්නේ නැහැ (නි)

:       0       0

සුපුන් සේනානායක Saturday, 27 July 2013 12:23 PM

සමහරුන් මෝඩ කියල කියල හෙමෝම දන්නවා, ඒ මෝඩ අදහස් ලියන්න එපා (අ)

:       0       0

තරු Friday, 19 July 2013 09:12 AM

වියළි කලාපයේ පැළ කළ හැකි පළතුරක්. මම දැක්කා තණමල්විල මේවා ලොකු හේනක් තියෙනවා (නි)

:       0       0

ජනිත් Tuesday, 30 July 2013 09:57 PM

බලාගෙන තුෂාර ,පෙරේරා ට අහුවෙන්න එපා. ඔයාවත් අර කොතල හිඹුටු කෙනාව මැරුවා වගේ මරලා දමාවී (නි)

:       0       0

නිපුන Thursday, 25 July 2013 10:19 AM

මෙම ශාකය වඩාත් සුදුසු වියලි කලාපයට.(නදී)

:       0       0

නන්දලාල් Friday, 19 July 2013 07:20 PM

දීප්ති කාල තියෙන්නේ මේවා තමා. රසද ? (නි)

:       0       0

බන්දුල Tuesday, 16 July 2013 10:58 AM

මෙය ඝර්ම කලාපීය ශාකයක් ද? දන්නා කෙනෙක් විස්තර ලියන්න. (දී)

:       0       0

අසේල Monday, 05 August 2013 06:00 AM

හොද වගාවක්. ටිකක් කැප වෙන්න ඕනෑ (නි)

:       0       0

වජිර Friday, 19 July 2013 09:39 AM

ඩ්‍රැගන් ෆෘට් ඩුබායි වල මාර්කට් එකේ තියනවා ගෙඩියක් රුපියල් 200/= විතර වෙනවා. නමුත් ඒ හැටි රසක් නැහැ. (නි)

:       0       0

පහන් Tuesday, 23 July 2013 02:33 PM

ඔව් මහවැලි ඔබහරි ඊට අමතරව3% පොටෑසියම් මුත් තියනවා .රස ටත් එක්ක තමයි හැබැයි පලතුරුකන්නේ නැතිනම් මල්ටිවිටමින් ගහනවනේ හැමදාම . (දී)

:       0       0

ඉසුරන්දි Tuesday, 20 August 2013 11:21 AM

කවුරු කවුරුත් උනන්දු වෙලා රටට මෙහෙම දෙයක්වත් හඳුන්වා දෙනවා නම් කොච්චර හොඳද. (නි)

:       0       0

පුරවැසිය Tuesday, 16 July 2013 06:15 PM

මෙක සරු වුනාට ඇති වැඩේ මොකක්ද කිලෝව රු 600ක් (දී)

:       0       0

අනී Friday, 26 July 2013 03:20 PM

මේවා ඔයාලම කන්න. ගෙදර මුට්ටියේ බත් නැහැ පුළුවන් නම් පාන් පිටි ගස් වවන්න.(නදී)

:       0       0

අනුර Friday, 26 July 2013 03:25 PM

අනේ කරුණාකර මේ පලතුරට කෘමිනාශක යොදන්න. (නි)

:       0       0

අනුර Friday, 26 July 2013 03:24 PM

අසේල, ගස්ලබූ එහෙම රස ඇති නේද? (නි)

:       0       0

නිමල් Friday, 26 July 2013 03:26 PM

මේවා, හරි රස ගුණ කියලා වැඩක් නැහැ.(ස)

:       0       0

ජයී තිසර Wednesday, 17 July 2013 12:47 PM

නිමල්, සුමුදු බුරුසුවකින් කෘතිම ලෙස මල් පරාගනය කර බලන්න. සමහර පළතුරු මල් වර්ග සුළඟින්ද, කෘමින්ගෙන්ද, ස්වපරාගන‍යෙන්ද බීජ හටගනී. මේ ආකාරවලින් සිදු නොවූහොත් කෘතිම පරාගනයකින්ද නිසි ප්‍රතිඵල ගෙනදේ. (නි)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 20 July 2013 02:38 PM

ලස්සනනම් තමයි නමුත් රහක් නැහැ. ඒකට කමක් නැහැ හොඳ අදායමක් ලැබෙනවා නම්.(නදී)

:       0       0

පහන් Monday, 22 July 2013 09:38 PM

මහවැලි දුරියන් රස නැත්තේ මොකද ?සිංගපුරුවේ වල දුරුයන් පරාටත් තියනවා .පැනිකොමඩු වල මහා මුහුදටත් වැඩිය වතුර තියනවා මුහුදේ වතුර තියෙන්නේ 96.5% පැණි කොමඩුවල ඊටත් වැඩියි .ඉතින් පනිකොමඩු කොහෙද ගුණ .(අ)

:       0       0

රොෂාන් Wednesday, 31 July 2013 12:27 PM

මේ දවස් වල මේවා මැද පෙරදිග රටවල් වලට යවන්න පුලුවන් නම් හොඳ මිළක් ගන්න පුළුවන්. (නි)

:       0       0

නිදුල චිත්මල් සිල්වා Monday, 09 September 2013 09:50 AM

පලතුරු අතරින් ඩ්‍රැගන් ෆ්‍රොට් යනු රසවත් පලතුරකි. පලතුරු වලින් ලැබෙන විටමින් මෙහි අඩංගුව තිබේ ඒ වගේම මෙය ඉතා මිහිරි රස ඇති පලතුරකි.(නදී)

:       0       0

අහම්ඩ් Tuesday, 13 August 2013 10:02 AM

මේ පලතුර ඉතා දුර්ලභගනයේ ඉහල මට්ටමක එල්ලුමක් ඇති පලතුරු බෝගයක් වන අතර මෙවැනි බෝග වගාවන් හදුන්වා දීම ඉතා ඉහල මට්ටමක අදායම් ලබා ගැනීමට පුයෝජනවත්වෙයි .මෙවැනි පලතුරු ඉතා ඉහල මට්ටමක ශරීරයට හිතකර පෝෂ්‍ය අඩංගු දෙය ඇතුළත් වෙයි. (ස)

:       0       0

ජයී තිසර Tuesday, 16 July 2013 06:53 PM

බන්දුල, මේ වෙබ් අඩවිය බලන්න. http://en.wikipedia.org/wiki/Pitaya (නි)

:       0       0

දීප්ති Thursday, 08 August 2013 01:47 PM

ඊශ්‍රායෙල් වලදී ඊයේ වැඩසටහනක් දැක්කා රූපවාහිනියේ ඩ්‍රැගන් ෆ්රුට් ගැන. ඒ ශාකය රවුම් කොළ තියෙන පතොක් වර්ගයක්. මෙහෙ මේ පළතුර හරිම රසයි, මමත් කෑවා. ලංකාවේ දිග කොළ තියෙන පතොක් වර්ගයක්. මම හිතන්නේ මේකේ දාලා තියෙන අදහස් අනුව වෙනස් පතොක් වර්ගවල හැදෙන ගෙඩිත් රසයෙන් අඩු, වැඩි වෙනවා ඇති. හරිම ගුණදායක පළතුරක් ලෙසින් ඔවුන් මෙය හැඳින්වූයේ. (නි)

:       0       0

පැතුම් Friday, 23 August 2013 05:56 PM

තුෂාර ඔබට ස්තුතියි. මගේ අක්කර ගානක් තියෙනවා ගල්ගමුවේ. පලතුරු දාලා තියෙන්නේ. මේ පලතුර ගැනත් මට අදහසක් තියෙනවා. ඒකයි හොයලා බැලුවේ. (නි)

:       0       0

අසාද් Thursday, 08 August 2013 07:32 AM

ගුණේ,මාතර රු 600 යි. මාතර ඉන්නෙ කලුකඩකාරයො (නි)

:       0       0

මලින් අතපත්තු Thursday, 20 February 2014 10:22 PM

අපේ දේශීය පලතුරු රැකගෙන වාණිජ වගාවක් වශයෙන් ‍ඩ්‍රැගන්ෆ්රුට් වගා කළාට වරදක් නැහැ. මමත් අපේ පලතුරු වර්ග 27 වවලා තියෙනවා ඩ්‍රැන්පෘට් වගාවකුත් තියෙනවා.. එ වුණත් අපේ දිවට දැනෙන රසයක් ඒකේ නැහැ වගාකරුවෙකු වශයෙන් මමත් ලියනගේ මහතාට සුබ පතනවා (අ)

:       0       0

රෝහන Tuesday, 16 July 2013 07:05 PM

ඔය පලතුරුවල රසය සහ ගුණය ඉහල යන්නනම් හිතේ හැටියට කාරබයිඩ් ගහන්න ඕනේ! (අ)

:       0       0

කුමාර Friday, 09 August 2013 06:37 PM

මෙම ශාකය වඩාත් සුදුසු වියලි කලාපයට (නි)

:       0       0

තුෂාර Saturday, 17 August 2013 09:14 PM

පැතුම්,ගන්නොරුව කෘෂිකර්ම පර්යේෂණ ආයතනයට යන්න.අඩු මිලට හොඳ පැල සහ වගා උපදෙස් නොමිලේම ලබාගන්න.මගෙත් අදහසක් තියෙනවා ලංකාවට ඇවිත් මේක පටන් ගන්න.මම දන්නා සුදු මහත්තයෙක් මේ වැඩේට හරි කැමතියි මට උදව් කරන්න (නි)

:       0       0

කටුවන Thursday, 18 July 2013 10:28 PM

මටනම් මේ පලතුර එතරම් රසාක් නෑ රතු ඩ්‍රැගන් ෆාට් නම් ටිකක් හොදහි

:       0       0

මහින්ද Tuesday, 13 August 2013 11:11 AM

මහන්සියේ තරමට ප්‍රතිපල ලැබිල වගේ නේද ගොවි මහත්තයෝ (දී)

:       0       0

අනිල් Friday, 09 August 2013 06:56 PM

බලන්නකෝ ගෙඩි ටිකේ ලස්සන! (නි)

:       0       0

රාජි Tuesday, 23 July 2013 04:12 PM

අපේ ගෙදර ඩ්‍රැගන් ෆෘට් ගසක් තියෙනවා.

:       0       0

පැතුම් මිහිරංග Saturday, 03 August 2013 04:14 PM

විතානගේ මහත්මයා, ඔබව ෆේස්බුක් හරහා ඇමතුවත් දුරකථන අංකයක් ලබාගැනීමට නොහැකිඋනා. කරුණාකර මෙම ශාකයේ පැල හෝ ඇට ලබාගැනීමට හැකි ස්ථානයක් දන්වන්න. ඔබට ස්තුතියි. (දී)

:       0       0

කේ.එච්.ආර්.කේ.දිසානායක Thursday, 22 August 2013 07:09 PM

දැකල තියනවා. කාලා නැහැ. මෙහෙ ෆුඩ් සිටි වල තියනවා ගෙන්වපු රට විදිහට තියෙන්නේ තායිලන්තය සහ ඊජීප්තුව කියලයි.මොනවා වුනත් නොදන්නා ගොඩක් දේවල් ඉගෙන ගත්තා. සියලු දෙනාට පින්! (නි)

:       0       0

මංගලනාත් Thursday, 18 July 2013 11:25 PM

මේක වියලි කලාපයේ වවන්න අමාරුද?(නදී)

:       0       0

සුනිල් Saturday, 24 August 2013 03:57 PM

බොහොම මහන්සි වෙන්න වෙන වගාවක්. ඔය කෙසෙල් අන්නාසි වගේ නෙමෙයි. කියලා දෙන්න ඕනෑ නම් මෙන්න මගේ ඊ-මේල් එක [email protected] (නි)

:       0       0

ශාන් Monday, 29 July 2013 04:20 AM

ඔය ගොල්ල නොදන්නවා ඇති මීට අවුරුදු ගානකට කලින් ඩ්‍රැගන් ෆෘට් වගාව රජරට මහඉලුප්පල්ලමේ ඤාණතිලක මහත්තයා සරුවට පටන් ගත්තා. අදටත් වගාව හොදින් කරගෙන යනවා. ලංකාවට ඩ්‍රැගන් ෆෘට් වගාව හදුන්වා දුන් ඤාණතිලක මහතාට මගේ ප්‍රනාමය​ (නි)

:       0       0

ජයී තිසර Wednesday, 17 July 2013 01:30 AM

බන්දුල, මේ ශාකය ගැන වැඩිපුර විස්තර සඳහා පහත වෙබ් අඩවියද බලන්න. http://en.wikipedia.org/wiki/Pitaya (නදී)

:       0       0

සන්ජිලී Saturday, 24 August 2013 04:04 PM

කිලෝ එක රු.300 වැඩිය අඩුවෙන් ගන්න නම් හිතන්නවත් එපා. වවන මම දන්නා නිසයි කියන්නේ. මම ගත්තේ රු. 250,300350,. මම පැලයක් රු. 150 දෙනවා (නි)

:       0       0

මහවැලි Tuesday, 23 July 2013 12:14 AM

පහන්, මහවැලි සඳහන් කරලා නැහැ දුරියන් රස නැහැ කියලා.පැණි කොමඩුවල විටමින් ඒ - 11% , විටමින් සී - 13% , යකඩ 1% ,මැග්නීසියම් 2% යි. අගුණද? ඔබගේ ප්‍රතිචාරයට ස්තුතියි. (නි)

:       0       0

කපිල Wednesday, 24 July 2013 02:23 PM

රාජි: හැදුනම ගෙඩියක් අපිටත් දෙනවද? (නි)

:       0       0

ට්‍රේල් Friday, 19 July 2013 12:38 AM

කුරුම්බා තරම් රහ නැහැ.(නදී)

:       0       0

අමරේ Tuesday, 23 July 2013 12:36 AM

අනේ කරුණාකර මේ පලතුරට කෘමිනාශක යොදන්නට එපා. කෘමිනාශක වලින් මිනිසාට හානි වෙනවා (නි)

:       0       0

ඉරෝෂන් Monday, 22 July 2013 11:43 AM

මට මේ පළතුරු පැල ටිකක් ගන්න ඕනෑ. ඒවා ගන්න පුළුවන් විදියක් කියන්න (නි)

:       0       0

නෙරංජි Wednesday, 24 July 2013 11:08 AM

මම දැක්කා සෙල්ල කතරගම මේවාගේ ලොකු හේනක් තියෙනවා (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

හොන්ඩා සමාගම මෙම වර්ෂයේ ලොකු ලාභයක් ගැන හිතයි
2024 මැයි මස 10 155 0

ජපානයේ හොන්ඩා මෝටර් රථ සමාගමට මෙම මූල්‍ය වර්ෂයේදී සියයට 2.8 ක මෙහෙයුම් ලාභයක් ලැබෙනු ඇති පුරෝකථනය කරයි.


පිරිසුදු හරිත ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට වරැන් බෙවරේජස් පෙරමුණ ගනී
2024 මැයි මස 08 183 0

වරැන් බෙවරේජස් ලංකා යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සිසිල් බීම නිෂ්පාදකයකු වන අතර, ඔවුන් එක්සත් ජනපදයෙන් පිටත PepsiCo හි විශාලතම සැපයුම්කරු වේ. ඔවුන් විසින්


Toyota ලංකා හවුල්කරුවන්ට ගෞරව ප්‍රණාම
2024 මැයි මස 07 132 0

මෝටර් රථ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමයක් වන Toyota ලංකා (පෞද්ගලික) සමාගම විසින් දිවයින පුරා විසිරී සිටින සිය අලෙවි නියෝජිතයන්ගේ විශිෂ්ට සේවාව අගය කිරීම වෙ


ඇපල් සමගමෙන් අලුත් වැඩක්
2024 මැයි මස 06 257 0

ඇපල් සමාගම හෙට (07) පැසිෆික් වේලාවෙන් උදෑසන 7ට පැවැත්වෙන විනාඩි 35ක අතත්‍ය උත්සවයකට සහභාගී වීමට සියල්ලන්ටම ආරාධනා කළේය.


කඩොලාන රැකීමේ මෙහෙවරට හේමාස්කන්සියුමර් සම්මාන ලබයි
2024 මැයි මස 06 49 0

ආනවිලුන්දාව රැම්සාර් තෙත්බිම් හි, ස්වභාවික කඩොලාන ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ (DWC) ප්‍රධාන පාර්ශවකරුවකු වන


ලොව සලිත කළ බෙයිජිං මෝටර් රථ ප්‍රදර්ශනයට මාදිලි 117ක්
2024 මැයි මස 05 430 0

චීනයේ විශාලතම මෝටර් රථ ප්‍රදර්ශනය වන බෙයිජිං මෝටර් රථ ප්‍රදර්ශනය පසුගිය 25 වෙනිදා සිට ඊයේ (04) වැනිදා දක්වා බෙයිජිං නුවරදී පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 650 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2154 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1871 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site