IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


ඩයලොග් එන්ටප්‍රයිස් එන්ටප්‍රයිස් Google Workspace සමග සහයෝගීතාවක

ඩයලොග් ආසිආටා පී.එල්.සී හි ව්‍යාපාර විසඳුම් අංශය වන ඩයලොග් එන්ටප්‍රයිස් Google Cloud ආයතනය සමඟ නව සහයෝගීතාවකට එළඹ තිබේ.

ඒ අනුව මෙරට සියලු පරිමාණවල ව්‍යාපාරවලට අවශ්‍ය ව්‍යාපාරික ප්‍රගතිය සාධනය කරගැනීමට මෙන්ම සේවක ඵලදායීතාවය ඉහළ නංවාගැනීමට අවස්ථාව හිමිකර දෙමින්, ඔවුන් අතර පවතින සබැඳියාව තවදුරටත් වර්ධනය කරගනිමින්, එම ව්‍යාපාර සමඟ කටයුතු කරන ගනුදෙනුකාර භවතුන්ට විශිෂ්ට සේවාවක් ලබාදීමට අවශ්‍ය තාක්ෂණික සහයෝගීතා මෙවලම් (Collaboration Tools) මේල් ස්ටොරේජ් යනාදී සේවා, ඩයලොග් එන්ටප්‍රයිස් හි සහායෙන් මෙරට තුළ පහසුවෙන් ලබාගැනීමට මෙම සහයෝගීතාව මනා පිටිවහලක් වනු ඇති බව එම සමාගම් සඳහන් කරයි.

මෙම නවතම හඳුන්වාදීම පිළිබඳව අදහස් දැක්වූ ඩයලොග් ආසිආටා පී.එල්.සී. හි වාණිජ ව්‍යාපාර සහ මහ පරිමාණ ව්‍යාපාර අලෙවි පිළිබඳ උප සභාපති නවීන් පීරිස් මහතා මෙසේ පැවසීය. “නිරන්තරයෙන් වෙනස් වන අපගේ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා ඉටුකිරීම වෙනුවෙන් උසස්ම තත්ත්වයෙන් යුත් හොඳම ඩිජිටල් සේවා සහ Cloud තාක්ෂණය මත පදනම් වූ විසඳුම් ලබාදීමේ අපගේ දැක්මට අනුකූලව කටයුතු කරමින්, Google Cloud ආයතනය සමඟ අපි ඇතිකරගත් මේ සහයෝගීතාව හරහා අපේ Cloud උපායමාර්ග වැඩි දියුණු කළ කාර්යක්ෂමතාවකින් සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට වැඩි ඵලදායීතාවක් අත්කරදී, නව මානයකට ගෙන යනු ඇතැයි අපි විශ්වාස කරනවා. Google Workspace සමගින් ඒකාබද්ධ වූ ඵලදායිතාව ඉහළ නැංවෙන මෙවලම් සහ ඩයලොග් එන්ටප්‍රයිස් ආයතනයේ සේවා ඔස්සේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල තාක්ෂණය මත පදනම් වූ අනාගත ගමන සාර්ථකත්වයේ ඵල අත්කරගනු ඇති බව අපේ ඒකායන විශ්වාසයයි.”

සුළු හා මධ්‍ය පරිමාණ පාරිභෝගිකයන්ට ප්‍රයෝජනවත් වන සේවා සහ ඉතා හොඳින් කළමනාකරණය කරන ලද සේවා ක්‍රියාමාර්ග පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින්, ඩයලොග් එන්ටප්‍රයිස් ආයතනය සිය පහසුකම් හරහා සමාගම්වලට නව ව්‍යාපාරික අවස්ථා උදාකරදීමට දායකවී ඇත. Google Workspace සමඟ එක්වූ Gmail, Calendar, Drive, Docs, Sheets සහ Meet වැනි ජනප්‍රිය යෙදුම් හේතුවෙන් වැඩි ක්‍රියාකාරීත්වයක් හරහා එකම අවකාශයක් තුළ සෑම ක්‍රියාවලියක්ම කාර්යක්ෂමව ඉටුකරගැනීමේ හැකියාව ඇත. මේ නිසා පරිශීලකයන් දැනටමත් භාවිත කිරීමට හුරුවී සිටින සෑම යෙදුමක්ම මෙම සමස්ත යෙදවුම් පැස තුළ එකිනෙක සමග මැනවින් (Collaboration) ක්‍රියාත්මක වන බැවින් ව්‍යාපාරවල සේවය කරන පිරිසගේ ඵලදායිතාව වැඩිකර ගනිමින් කවර හෝ ස්ථානයක සිට පහසුවෙන් සිය කාර්යාල කටයුතු බාධාවකින් තොරව කරගෙනයාමට අවස්ථාව සලසනු ලබයි.

“වර්තමානයේ එකවර ව්‍යාපාර ක්‍රියාවලි ක්‍රියාත්මක කිරීමේ නවතම තාක්ෂණික මුහුණුවරට ප්‍රමුඛත්වයක් හිමිවී තිබෙන වටපිටාවක් තුළ Workspace පහසුකම තුළ අන්තර්ගත යෙදුම් සෑම ව්‍යාපාරයකටම සුවිශේෂී වැදගත්කමකින් යුතුවන අතර, මෙමගින් ඔවුන්ගේ සේවකයන්ට ව්‍යාපාරික ස්ථානයේ රාජකාරි කටයුතු අනාගතයට ගැලපෙන පරිදි සැලසුම් කර, එම කටයුතු සම්බන්ධීකරණය කර ඒ පිළිබඳව නිසි ආකාරයට සන්නිවේදනය කිරීමටත් හැකියාව සලසනු ඇත.” යනුවෙන් Google Cloud හි ආසියා පැසිෆික් කලාපීය කළමනාකාර අධ්‍යක්ෂ - හවුල්කාරීත්ව සහ සන්ධාන - ඈෂ් විලිස් මහතා සඳහන් කළේය.

 



අදහස් (1)

ඩයලොග් එන්ටප්‍රයිස් එන්ටප්‍රයිස් Google Workspace සමග සහයෝගීතාවක

rathnasekara Sunday, 15 August 2021 05:39 AM

හපොයි ගූගල් එකත් ඉවරයි. ලංකාවේ අයට ගූගල් එකත් එපා වෙන තත්වයට ගනී කොහොම හරි...

:       0       30

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් කිලිනොච්චිය සහ පුදුකුඩිඉරිප්පු නගරවලට
2025 මැයි මස 15 1 0

දිවයින පුරාම මූල්‍යමය සේවා කටයුතු පුළුල් කිරීමේ සිය අඛණ්ඩ උත්සාහයේ තවත් එක් පියවරක් ලෙස මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම විසින් සිය නවතම 74 සහ 75 වැන


කොටස් වෙළෙඳපොළේ වාර්තාගත ඉහළ යාමක්
2025 මැයි මස 15 4 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය මාස තුනකට පසු ඒකක 16,000 ඉක්මවීම කැපී පෙනෙන තත්වයකි. ඉකුත් මාර්තු 11 දා ට පසු දිගින් දිගටම උච්චාවචනය වූ අතර මුල් භා


මෙරට කාන්තාවෝ ලක්ෂ 65කට වැඩි පිරිසක් ආර්ථිකව අක්‍රියයි
2025 මැයි මස 14 45 0

රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස


මුල් මාස හතරේදී විදේශ ප්‍රේෂණ ලැබීම් සියයට 18.3 කින් ඉහළට
2025 මැයි මස 14 43 0

මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට අප්‍රේල් මස 31 වැනිදා දක්වා කාලයේදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.46 ක් මෙරටට


පෞද්ගලික ව්‍යාපාර ණය රු.බි.173 ක් දක්වා වර්ධනයක්
2025 මැයි මස 14 23 0

පසුගිය පෙබරවාරි මාසයේදී රුපියල් බිලියන 105.5 ක් ලෙස සටහන් වූ පෞද්ගලික ව්‍යාපාර සඳහා මෙරට බැංකු සහ මූල්‍ය ආයතන ලබාදී ඇති ණය මාර්තු මාසයේදී රුපියල් බිලියන 1


සංචාරක ආදායම් සියයට 10.2 කින් ඉහළට
2025 මැයි මස 14 34 0

2025 වසරේ ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා මුල් මාස හතරේදී මෙරට සංචාරක ක්ෂේත්‍රය හරහා ලැබුණු ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,379ක් ලෙස සටහන්ව තිබේ. මෙය 2


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1481 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1642 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 432 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site