
ඩිජිටල් රූපවාහිනියට අවශ්‍ය STB දේශීයව නිපදවීමේ හැකියාව සොයා බලයි
ඩිජිටල් පරිවර්තනය සහ කෘතිම බුද්ධිය (AI) ක්ෂේත්‍රයන්හි ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) ජ්‍යෙෂ්ඨ උප සභාපති හාරා ෂොහෙයි මහතා ප්‍රමුඛ නියෝජිත පිරිසක් අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේදී පැවැත්වී තිබේ.
මෙහිදී විශේෂයෙන්ම ඩිජිටල් රූපවාහිනී ව්‍යාපෘතියේ කටයුතු කඩිනම් කිරීම සහ එහි පවතින ප්‍රායෝගික ගැටලු නිරාකරණය කරගැනීමේ අවශ්‍යතාව අමාත්‍යවරයා විසින් පෙන්වා දී තිබේ. එමෙන්ම, දේශීය කර්මාන්ත නංවාලීම සහ ආනයන මත රඳා පැවැත්ම අවම කිරීම අරමුණු කරගනිමින්, ඩිජිටල් සංඥා ලබාගැනීමට අවශ්‍ය Set-Top Boxes දේශීයව නිෂ්පාදනය කිරීමේ හැකියාව පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයක් යොමු කර ඇත.
ඊට අමතරව, ශ්‍රී ලංකාවේ අනාගත කෘතිම බුද්ධි (AI) යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ජාතික AI දත්ත මධ්‍යස්ථානයක් (National AI Data Centre) පිහිටුවීම පිළිබඳව ද දෙපාර්ශ්වය අතර සාකච්ඡා වී තිබේ.
ඊට සමගාමීව ධාරිතා සංවර්ධන වැඩසටහන්, පුහුණු කිරීම්, ශ්‍රී ලංකාවට ගැළපෙන AI විසඳුම් නිර්මාණය කිරීම සහ ජාත්‍යන්තර තාක්ෂණික දැනුම හා හොඳම ප්‍රායෝගික භාවිතයන් හුවමාරු කරගැනීම සම්බන්ධයෙන් ද අවධානය යොමු කෙරී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd