( තිළිණි ද සිල්වා )
ඇමෙරිකාව ඇතුලු බටහිර රටවල මේදිනවල පවතින ශීත දේශගුණයෙන් ඈත් වී නිවාඩුව ගත කිරීම සඳහා ලොව හොඳම ගමනාන්ත 20 අතරින් පළමු ස්ථානයට ශ්‍රී ලංකාව නම් කර ඇත.
ඇමෙරිකාවේ යූ.එස්.ඒ ටුඩේ සගරාව විසින් මෙම ලොව හොදම ගමනාන්ත විස්ස නම් කරනු ලැබ ඇත.
ඒ අනුව එම සගරාව ප්‍රකාශයට පත් කළ ලැයිස්තුවේ පිළිවෙලින් පළමු ස්ථානය ශ්‍රී ලංකාවද , දෙවැනි ස්ථානයට ගැලපගොස් දූපත් ද , තෙවැනි ස්ථානයට එක්සත් අරාබි එමිර් රාජ්‍ය යේ ඩුබායි නගරය ද නම් කර ඇත.
මීට අමතරව වියට්නාමයේ හැනොයි නුවරද,ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් නගරය , කැරබියන් දූපත් සමූහයට අයත ශාන්ත ලුසියා දූපත,තායිලන්තයේ කෝ සමුයි නගරය, පේරු හි ලීමා අගනුවර, පැසිෆික් සාගරයේ පිහිටි ශාන්ත කීට්ස් දූපත, බේලීස් රාජ්‍යය , ඉන්දුනීසියවේ බාලි දූපත් ,බ්‍රසීලය, මෙක්සිකෝව, ඇමෙරිකාවේ ෆ්ලෝරීඩා,කාම්බෝජය,නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරය,චීලී රාජ්‍යය , දකුණු අප්‍රිකාව , ඕස්ට්‍රෙලියාව සහ ජැමෙයිකාව පිළිවෙලින් හොදම ගමනාන්ත විස්සට ඇතුළත්ව ඇත.
යූ.එස්.ඒ.ටුඩේ සගරාව විසින් ප්‍රකාශයට පත් කරන ලද මෙම ලැයිස්තුගත කිරීම අනුව ලබන 2020 වසරේ පළමු මාස දෙක තුළ ශීත සෘතුවේ ශ්‍රී ලංකාව ඇතුලු මෙම රටවල් සංචාරය කිරීම හෝ සංචාරකයෙකු වීම ගැන සලකා බැලීමට සංචාරකයින්ට මනා මඟ පෙන්වීමක් ලබා දෙනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර අපවෙත එන සංචාරකයන් හට ආචාරශීලීව හා සත්‍යවාදීව සළකන්න. එවිට ශ්‍රී ලංකාව තවත් ලොව ප්‍රචලිත වේවි.
ශ්‍රීලංකාව, සංචාරක ගමනාන්ත වලින් අංක එක වුනත් මිනිසුන්ගේ ගතිගුණ අතින් නම් අංක එක නෙවේ, විදේශිකයන් කියන්නේ පුළුවන් තරම් සල්ලි හූරගෙන කන්න පුළුවන් හැගීම් දැනීම් නැති පිටසක්වලයන් කියලා හිතාගෙන ඉන්න උදවිය ඉන්නවා, ඒත් ඔවුනුත් අපි වගේම දරුපවුල් තියෙන අපි වගේ රක්ෂාවක් කරගෙන ඉන්න මනුෂ්‍යයෝ, ඔවුන් මේ රටට එන්නේ අප ගැන විශ්වාසයෙන්, ඔවුන් කඩයකින් යමක් ගන්නේ, සේවාවක් ගන්නේ අප ගැන විශ්වාසයෙන්, ඒ විශ්වාසය කඩ කරන්න එපා! සංචාරකයන් නිසා මිලියන ගානක් ශ්‍රීලාංකිකයන් ජීවිකාව ගෙන යනවා, එසේම ඔවුන් වියදම් කරන මුදල ඉතා සුළු වුනත් ඒ ඩොලර් ලංකාවේ ආර්ථිකයට කරන සේවය අතිවිශාලයි. තෘප්තිමත් සංචාරකයන් තමයි තවත් සංචාරකයෙක් මේ රටට ගෙන්වා ගන්න තියෙන හොඳම ප්‍රචාරකයා. ඔවුන් තම තමන්ගේ රට වලට ගිහින් ලංකාවේ දී අත් විඳි දෑ, අත්දැකීම් ඥාතීන්ට මිතුරන්ට පැහැදිලිකර දෙන විට ඒ කාරණා මත තවත් සංචාරකයෙකු ලංකාවට එම හෝ නොඑම තීරණය කරනවා.
මේ ගරුත්වය රැක ගන්න අපේ රටේ බොහෝ අය නොදන්නවා ඇති. සංචාරකයෙකුට කතා කරන විලාශය සහ ඔවුන් පිළිගන්නා විදිහ නම් බොහෝවිට හරිම අප්‍රසන්නයි. යම් භාණ්ඩයක් හෝ සේවාවක් ලබාගන්න එන අවස්ථාවේ බොහෝවිට ගසාකන්න තමා බලන්නේ. ත්‍රීරෝද රථයක හෝ බස් රථයක ගමන් කරන විදේශිකයන්ට ලිංගික හිරිහැර පවා සිදුවෙන බව ඔබ බොහෝවිට දැකලා ඇති. ඉතින් ආකර්ෂණීය අයුරින් සහ අපේ රටේ ප්‍රතිරූපය ඉහළට ගෙනියන්න සැමදෙනාට ශක්තිය ලැබේවා ජයවේවා ශ්‍රී ලංකා !
ත්‍රීවීල් මාෆියාවෙන් සංචාරකයන් ආරක්ෂා කරන්න.
පළමුව අර මඟපෙන්වන කට්ටියට අපෙ ඉතිහාසය ඉගැන්නුවොත් තමා ඉතා හොඳ. සමහරු සංචාරකයන්ට කියලා දෙන්නේ බොරු.
මම දකින්නේ තවමත් විදේශිකයින්ට අපි සලකනවා මදි කියලා. ටුක් ටුක් අයියලා රටේ අනාගතේ ගැන හිතලා කටයුතු කරයි කියලා බලාපොරොත්තු වෙනවා..