
මෙවර එළවළු වගා කන්නයේදි වැලිමඩ සානුවේ වගා කර තිබෙන ගෝවා වගා අතර විවිධ රෝග හා පලිබෝධ හානියක් පැතිරී යාම හේතුවෙන් තමන් ආර්ථික පිඩාවට මෙන්ම මානසික පීඩාවට පත්ව සිටින බවත් මේ නිසා ඉදිරියේදි ගොවින් එළවළු වගාවෙන් ඉවත් විම හෝ වගාව සිමිතව කිරිමෙන් එළවළු හිඟ වී ගොවියා මෙන්ම පාරිභෝගිකයාද අසිරුවට පත්වනු ඇතැයි වැලිමඩ සානුවේ ගොවීහු මැසිවිළි නගති.
මෙවර වගාකන්නයේදි මමත් කෘෂි තාක්ෂණික වගා ක්‍රමයට ගෝවා වගා කළා. ගෝවා බීජ ඇට ග්‍රෑම් 10ක් රුපියල් 2200 සිට 3000 ක් අතර මිලක් පවතිනවා. මෙම බීජ ඇට වලින් ගෝවා පැළ 1500 ක් 2000 ක් වැනි ගණනක් ලැබෙනවා. වගා කාලය දින 90ක් ගතවෙනවා. අද වෙළෙඳපොළේ පවතින වගා යෙදවුම් වන පොහොර රසායනික කෘමිනාශක වියදම් සමග රුපියල් එක් ලක්ෂ පනස් දහසක් (රු.150000) පමණ මුදලක් වැයවෙනවා. මෙවර වගා කළ ගෝවා පැළ වගා බිමේ සිටුවා දින 15-20 පමණ කාලයක් ගත වෙද්දි කෘමින් හානිකරන බව දැක්කා. ඒ අනුව වෙළෙඳපොළේ තිබෙන කෘමි පාලනයට නිර්දේශිත කෘමිනාශක අදාළ උපදෙස්වලට අනුව වගාවට යෙදුවා. එහෙත් දින කිහිපයක් ගතවෙද්දි පිටිමකුණා මර්දනය විම වෙනුවට වේගයෙන් බෝවි සිටිනු දැක්කා. රසායනික බෙහෙත් වගාවට දින 14ක කාලයකට පසුව නැවත යෙදීමට උපදෙස් පත්‍රිකාවේ සඳහන්ව පැවතුනත් කෘමි පාලනයක් නොවිම නිසා දින 4-5 වැනි කෙටි කාලයක් තුළදී කෘෂි රසායනික වගාවට යෙදිමට සිදුවුණත් පාලනයක් වුණේ නෑ. ගෝවා වගාවට හානි කරන කෘමින් පාලනය නොවන්නේ වෙළෙඳපොළේ පවතින කෘමිනාශක ,දිලීර නාශක ප්‍රමිතියන් තොරවීම නිසා කියන සැකය පවතිනවා. එසේම ගෝවා ගෙඩිවල දින 45ක් ගතවෙද්දි ගෝවා වගාවේ පත්‍ර අකාලයේ විනාශවීමක් සිදුවෙනවා. (අපි එය කොළ පිළිස්සිමේ රෝගය ලෙසට හඳුන්වනවා) . මෙම රෝගය බීජ ඇටවල පවතින වෛරසයක් මගින් හටගන්නා බවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. මෙම දිලීර රෝගයත් දිලිර නාශක මගින් පාලනය නොවන බවත් කියන්න ඕන. දැනට වසර ගණනකට පෙර වෙළෙඳපොළේ පැවති දිලීර නාශක වගාවට යෙදු විට ඒවායෙන් කෘමි හානි හා දිලීර රෝග පාලනයවි වගාව ද ආරක්ෂා වූවා. දැන් වෙළෙඳපොළේ පවතින දීලීර හා කෘමි නාශක එසේ ගුණාත්මක භාවයක් පෙන්වන්නේ නෑ. තවද වෙළෙඳපොළේ පවතින බීජ වල තත්වය පිළිබඳව ද තමන්ට විශ්වාසයක් නොමැති බවත් ගොවීන් අතර දැඩි විශ්වාසයක් මතුවෙලා.
2025 ඔක්තෝබර් මස 08
1920
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1528
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ගෝවා ගොවියා වගාවෙන් ඈත්වෙයිද?