උණවටුන ඩී.ජී. සුගතපාල


නවින තාක්ෂණයෙන් ඉහළ බි.වයි.ඩී. මෝටර් රථය මේ වනවිට ලංකාවේ ජනප්‍රිය මෝටර් රථය බවට පත්ව ඇතැයි ද, එහි බැටරියට පමණක් වසර අටක වගකීමක් හෝ කිලෝ මීටර් එක් ලක්ෂ හැට දහසක වගකීමක් ලැබෙන බවද බී.වයි.ඩී. මෝටර් රථ සමාගමේ වගකීම් සහ තාක්ෂණ කළමනාකරු ගෞතම් විජේසුන්දරම් මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ ගාල්ලේ බී.වයි.ඩී. මෝටර් රථ සේවා මධ්‍යස්ථානයේ නව සේවා රැසක් ආරම්භ කරමින් ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවේදීය.
එහිදී ඒ මහතා කියා සිටියේ කොළඹ‍, වත්තල, සීදූව, කුරුණැගල, රත්නපුර, මහනුවර, අම්පාර, අනුරාධපුරය, මඩකලපුව, යාපනය සහ ගාල්ල නගරවල මෙම මෝටර් රථ සේවා මධ්‍යස්ථාන ආරම්භ කර ඇති අතර, පසුගිය වසරේ මැයි මාසයේ සිට මේ වනවිට එම සේවා මධ්‍යස්ථානවලින් වාහන 2700කට අධික සංඛ්‍යාවකට සේවා පහසුකම් ලබාදී ඇති බවය.
ඒ අතරින් දකුණු පළාතේ සේවා මධ්‍යස්ථානය වන ගාල්ලේ මෙම මධ්‍යස්ථානයෙන් දවසකට වාහන 17ක් සර්විස් කරන බවත්, ඒ වගේම ලබන මාසයේ සිට අනතුරුවලට ලක්වන වාහනද අලු‍ත් වැඩියා කිරීම පටන් ගන්නා බවත් ඒ මහතා පැවසීය.
වාහන තාක්ෂණය එන්න එන්නම වෙනස් වන නිසා වාහනය හොඳින් තබා ගැනීමට නම් නියම වේලාවට සර්විස් කළ යුතු බවත්, ඒ සඳහා පුහුණු ශිල්පීන් තම සේවා මධ්‍යස්ථානවල සිටින බවත් ඒ මහතා පැවසීය.