ගලෙන්බිදුණුවැව ශාඛාවත් ප්‍රතිස්ථාපනය කරයි


LOLC ෆිනෑන්ස් පීඑල්සී ශ්‍රී ලංකාව පුරා සිය ශාඛා ජාල ව්‍යාප්තිය තවදුරටත් ශක්තිමත් කරමින්, මූල්‍ය පහසුකම් සඳහා ප්‍රවේශය වැඩිදියුණු කිරීම සහ දිවයින පුරා ප්‍රජාවට විවිධාංගීකරණ මූල්‍ය විසඳුම් ලබා දීම සඳහා වන තම කැපවීම යළි තහවුරු කළේය. සමාගම එහි පුළුල් වන ශාඛා ජාලය හරහා, පුද්ගලයන්ට, ව්‍යවසායකයන්ට සහ ව්‍යාපාරවලට සහාය වීම පිළිබඳ අවධානය යොමු කරමින් කලාපීය ආර්ථික සංවර්ධනයට දායක වේ.
LOLC ෆිනෑන්ස් පීඑල්සී, දිවයින පුරා සිය පියසටහන තවදුරටත් පුළුල් කරමින්, 2026 මැයි 21 වැනිදා ගෙලිඔය, කරමඩ, අංක 67/1 දරන ස්ථානයේ සිය නව ගෙලිඔය ශාඛාව විවෘත කළේය. වාණිජ හා ප්‍රජා ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පවතින ප්‍රදේශයක උපායමාර්ගිකව පිහිටා ඇති නව ශාඛාව, පුද්ගලයන්, ව්‍යවසායකයන් සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (SMEs) සඳහා පුළුල් පරාසයක මූල්‍ය සේවා ප්‍රවේශය වැඩි දියුණු කිරීමට අපේක්ෂා කරයි. 
නව ශාඛාව උත්සවාකාරයෙන් විවෘත කිරීමේ අවස්ථාවට රන් ණය අංශයේ ප්‍රධානී නිශාන්ත ජයසේකර මහතා සහ විකල්ප මූල්‍ය සේවා ප්‍රධානී ශිරාස් රිෆායි මහතා ඇතුළු LOLC ෆිනෑන්ස් කණ්ඩායමේ සාමාජිකයෝ, ගනුදෙනුකරුවෝ සහ ප්‍රදේශයේ ගෞරවනීය ආරාධිතයෝ සහභාගී වූහ. 
පාරිභෝගික පහසුව වැඩි දියුණු කිරීමේ තවත් පියවරක් ලෙසින්, LOLC ෆිනෑන්ස් පීඑල්සී සිය ගලෙන්බිදුණුවැව ශාඛාව පසුගිය මැයි 22 වන දින ගලෙන්බිදුණුවැව, සීප්පුකුලම පාරේ, නව පරිශ්‍රයකට ගෙන යන ලදී. කලාපයේ පුද්ගලික ගනුදෙනුකරුවන්, ව්‍යවසායකයන් සහ ව්‍යාපාරවල අවශ්‍යතාවලට ගැළපෙන පරිදි පුළුල් පරාසයක මූල්‍ය විසඳුම් අඛණ්ඩව ලබා දෙමින්, මූල්‍ය ප්‍රවේශය වැඩිදියුණු කිරීම ශාඛාව මෙලෙස ප්‍රතිස්ථාපනය කිරීමේ අරමුණයි.
නැවත ස්ථානගත කරන ලද ගලෙන්බිදුණුවැව ශාඛාව විවෘත කිරීමේ උත්සවයට ණය අංශයේ ප්‍රධානී උපුල් සමරසිංහ මහතා සහ LOLC ෆිනෑන්ස් පීඑල්සී, ප්‍රධාන ඩිජිටල් නිලධාරී හසල තිලකරත්න මහතා, LOLC ෆිනෑන්ස් කණ්ඩායමේ සාමාජිකයින්, ගනුදෙනුකරුවන් සහ ප්‍රදේශයේ ආරාධිතයෝ සහභාගී වූහ.
දිවයින පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන 200 කට අධික ශාඛා ජාලයකින් සමන්විත LOLC ෆිනෑන්ස් පීඑල්සී, ප්‍රවේශ විය හැකි සහ නව්‍ය මූල්‍ය සේවා ප්‍රවර්ධනය සහ ප්‍රජාව සවිබල ගැන්වීමෙන්, සියලු‍ දෙනාට මූල්‍ය සේවා ලබාගැනීමේ ප්‍රවේශය පුළුල් කිරීම උදෙසා තීරණාත්මක කාර්යභාරයක් අඛණ්ඩව ඉටු කරයි. ක්ෂේත්‍රයේ ශක්තිමත්ම ස්ථාවර තැන්පතු පදනමකින් සහාය ලබන සමාගම, වසර ගණනාවක් පුරා සිය ගනුදෙනුකරුවන්ගේ තිරසාර විශ්වාසයත්, කීර්තිනාමයත් දිනා ඇත.
LOLC ෆිනෑන්ස් පීඑල්සී, ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන (LOLC) ක්ෂේත්‍රයේ සිය ප්‍රමුඛස්ථානය රැක ගනිමින්, සංවර්ධනය කෙරෙන පාරිභෝගික කේන්ද්‍රීය මූල්‍ය විසඳුම් තුළින් රටේ ආර්ථික ප්‍රගතියට උරදීමට කැපවී සිටී. ලංකා රේටින්ස් ආයතනය විසින් (SL) A+ (ස්ථාවර) ලෙස ශ්‍රෙ‌්ණිගත කර ඇති LOLC ෆිනෑන්ස් පීඑල්සී, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ බලපත්‍රය යටතේ මෙහෙයුම් සිදු කරයි.