කොළඹ සහ හෝ චි මිං නගරය අතර නව සෘජු ගුවන් සේවා ආරම්භ කිරීමට සූදානම් වන අවස්ථාවක වියට්ජෙට් (Vietjet) සමාගම පුද්ගලයන්ට මුල් තැන දෙන ආයතනික සංස්කෘතියක් වෙනුවෙන් නැවත වරක් ජාත්‍යන්තරව ඇගයීමට ලක්ව තිබේ. HR Asia Awards 2026  සම්මාන උළෙලේදී අඛණ්ඩව හයවන වරටත් Best Companies to Work For in Asia ලෙස තේරී පත් වූ වියට්ජෙට් සමාගම පළමු වරටHR Asia Diversity, Equity & Inclusion (DE&I)  සම්මානය ද දිනා ගැනීමට සමත් වී තිබේ.
HR Asia ආයතනය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම සම්මාන උත්සවයෙන් ආසියාව පුරා විශිෂ්ට මානව සම්පත් කළමනාකරණය, ඉහළ සේවක සහභාගීත්වය සහ ශක්තිමත් සේවා ස්ථාන සංස්කෘතියක් පවත්වාගෙන යන ආයතන ඇගයීමට ලක් කරනු ලබයි. 2026 වසරේ සම්මානලාභීන් අතර වියට්නාමයේ ප්‍රමුඛ පෙළේ සමාගම් රැසක්ද මීට ඇතුළත් වූ අතර, වෘත්තීයමය, සේවකයන්ගේ සහභාගීත්වය දිරිගන්වන සහ ප්‍රබෝධමත් සේවා පරිසරයක් ගොඩනැගීම සඳහා අඛණ්ඩව ගෙන යන උත්සාහය හේතුවෙන් වියට්ජෙට් සමාගම මෙහිදී සුවිශේෂී අවධානයට යොමු විය.
ඒ අනුව මෙම වසරේදී වියට්ජෙට් සමාගම ප්‍රථම වරට ‘HR Asia Diversity, Equity & Inclusion (DE&I) Award’ සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. විවිධත්වය අගයන, සමානාත්මතාව තහවුරු කරන සහ සියලු‍ දෙනාම ඇතුළත් වූ සේවා පරිසරයක් පවත්වාගෙන යන ආයතන ඇගයීමට ලක් කෙරෙන මෙම සම්මානය මගින් ඕනෑම පසුබිමකින් පැමිණෙන සේවකයන්ට ගෞරවය, සවිබල ගැන්වීම සහ වෘත්තීය වර්ධනය සඳහා සමාන අවස්ථා උදාකර දෙන ආයතන ඇගයීමට ලක් කරයි. 
මෙම ද්විත්ව ජාත්‍යන්තර ඇගයීම මගින් මානව සම්පත සිය උපායමාර්ගයේ කේන්ද්‍රස්ථානය කරගනිමින්, විවෘත, වෘත්තීයමය සහ ගෝලීය සම්බන්ධතා සහිත සේවා පරිසරයක් ගොඩනැගීමට වියට්ජෙට් අඛණ්ඩව දක්වන කැපවීම මනාව පිළිබිඹු කරයි. තවද, 2026 අගෝස්තු 18 වන දින සිට වියට්ජෙට් සමාගම මගින් කොළඹ - හෝ චි මිං නගරය අතර ආරම්භ කිරීමට නියමිත නව ගුවන් ගමන් සේවාව සමගින්, ශ්‍රී ලංකා වෙළෙඳපොළට පිවිසීමට සිටින අවස්ථාවක මෙවැනි ජාත්‍යන්තර ගෞරවයකට පාත්‍ර වීම වියට්ජෙට් සමාගමේ ආයතනික ශක්තිය සහ ගෝලීය පිළිගැනීම මනාව තහවුරු වේ.
මේ වනවිට වියට්ජෙට් සමාගම තුළ රටවල් සහ භූමි ප්‍රදේශ 68කට වඩා වැඩි ගණනකින් පැමිණි 10,000කට ආසන්න සේවකයන් සහ විශේෂඥයන් පිරිසක් සේවය කරති. ඉන් සියයට 30කට ආසන්න ප්‍රමාණයක් වයස අවුරුදු 20ත් 30ත් අතර පසුවන තරුණ වෘත්තිකයන් වේ. ඔවුන්ගේ නවෝත්පාදන හැකියාව, නිර්මාණශීලීත්වය සහ නව අදහස් වියට්ජෙට් සමාගමේ අඛණ්ඩ සංවර්ධනයට සුවිසල් දායකත්වයක් එක් කරයි.
එමෙන්ම දිගුකාලීන දක්ෂතා සංවර්ධනයට සහය වීම සඳහා, වියට්ජෙට් සමාගම වියට්ජෙට් සිය Victoria Aviation Academy (VIAA) හරහා පුහුණු සහ වෘත්තීය සංවර්ධන කටයුතු වෙනුවෙන් විශාල වශයෙන් ආයෝජනය කරයි. එහිදී සේවකයන්ට ජාත්‍යන්තර මට්ටමේ ගුවන් සේවා පුහුණුව, නායකත්ව වැඩසටහන් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විසින් මෙහෙයවනු ලබන විශේෂිත පාඨමාලා සඳහා සහභාගී වීමට අවස්ථාව සැලසේ.