(හර්ෂණ තුෂාර සිල්වා)
කොළඹ සිට භාරතයේ වාරානාසී දක්වා ගුවන් සේවයක් අරඹන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවසයි.
එයාර් ඉන්දියා ගුවන්සේවය මගින් මෙම ගුවන් ගමන් එළැඹෙන අගෝස්තු මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.
(හර්ෂණ තුෂාර සිල්වා)
කොළඹ සිට භාරතයේ වාරානාසී දක්වා ගුවන් සේවයක් අරඹන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවසයි.
එයාර් ඉන්දියා ගුවන්සේවය මගින් මෙම ගුවන් ගමන් එළැඹෙන අගෝස්තු මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අඩුවෙලා තියෙන්නේ එච්චරද?
මොකක්ද අප්පා.. ආයි ඕක මිහින් ලංකා එකට පටන්ගන්න බැරි වුණේ...
කව්ද ඉතින් මේවාට සල්ලි දෙන්නේ ....
බිස්නස් සහ ආගම කවදත් එකට ගියානෙ...
මේකෙන් අපට වාසියකට වඩා පාඩුවක් වෙයිද දන්නේ නැහැ.
බරණැසට ගුවනින්ම යන එක ආරක්ෂිතය. නැත්නම් තමිල්නාඩුවට ගොස් එතන ඉඳන් කෝච්චියේ යන්න ගියොත්.... තමිල්නාඩුවේ ඉන්න මිනිස්සු අපේ හාමුදුරුවරුන්ට, වයසක උපාසක අම්මලාට අල්ලාගෙන ගහනවා. අපේ වන්දනා නඩ වලට විශේෂ ආරක්ෂාවක් දෙන්න පුලුවන්ද කියල මෝඩි මහතාගෙන් විමසුවේ නැද්ද?
හා...හා ...ලොකු අයියා කියන විදියට දැන් ඉතින් වැඩටික කරන එකයි ඇත්තේ !!
වැඩේ නම් හොඳයි. එ්ත් අපේ ගුවන් සේවයෙනුත් සම සමව ගුවන් ගමන් යෙදෙව්වේ නැතිනම් බලන් ඉද්දී අපේ රටේ සල්ලි ඉන්දියාවට ගලාගෙන යනවා. බරණැස් පුරයේ ඉඳල ලංකාව බලන්න නම් කිසිම ඉන්දියානුවෙක් එයි කියල හිතන්න අමාරුයි. ඒක නිසා විදේශ විනිමයක් හම්බකරන්න නම් ලැබෙන එකක් නැහැ. නමුත් යන සල්ලි ටිකෙන් කොටසක්වත් ඉතුරු කරගත්තොත් නේද හොඳ...?
සුමනසාර හිමියන්ගේ දිවි බේරුනේ 99 කින් කියල කියන්න පුලුවනිය,බරනෙසට හතර පාරකම ගියේ මිහිනෛර් මිනීමරු ගුවනින්ලුනේ.
දැන් ඉතිං මදුරාසියෙ පොරවල් වලට අපට නෙලන්න බැරි වෙනව
අයි අපේ ශ්‍රී ලංකන් මේක කරන්න බැරි වුණේ... මේකේ වාසිය එයාර් ඉන්දියා වලට...
කොහොමද මොලේ.....මේකෙන් වාසිය අපිට කියලා හිතනවානම් ලොකු වැරදීමක්... අපේ කට්ටිය හිතන්නේ මේක අපිට වාසියි කියලා..අපේ කට්ටියෙන් මේවගේ මොලේ තිබුණේ මහින්ද මහත්තයාට විතරයි.
මෙච්චර කරදර වීගෙන ඇයි අපි බරණැස් යන්නේ? බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ බලන්නද?
ඉන්දියාව හරියට හදාගන්න බැරිව කොහොමද අපේ රටට උදව් කරන්නෙ
අමාරුයි කියල නතරකල මිහින් එයාර් ගැන කතා කරනවට වඩා අලුත් සේවය ගැන සතුටු වෙමු
එහිදී නොයෙකුත් ප්‍රහාර, අඩන්තේට්ටම්වලට පත්වන අපේ බැතිමතුන්ට ප්‍රතිකාර කරන්න වෙනම රෝහලකුත් හදන්න වෙයි.
බලාගෙන ගියාම මෝදි මහත්තයා නුවණක්කාරයි වගේ...
මිහින් ලංකා එකෙන් සල්ලි ආවේ ලංකාවට.... එ්ක නවත්වපු අය ලංකාවට සල්ලි එන එකත් නවත්වලා ඉන්දියාවට වාසි වෙන්න වැඩේ කරන්නේ මේ උඩ ඉඳන් තීරණ ගන්න උදවිය ඉන්දියාවේ පුරවැසියෝද කියන ප්‍රශ්නය අපට එනවා. එක්කෝ මේ අය ඉන්දියාවට බයේ ඔවුන්ගේ පදයට නටනවා. එහෙම නැත්නම් රටට කුමක් වුවත් කමක් නැහැ තමුන්ට හොඳක් වෙනවා කියා හිතනවා.
මේ ප්‍රකාශය අපේ රටේ නායකයන් කරන්නේ නැත්තේ ඇයි? දැන් ලංකාවේ නායකයා ඉන්දියාවේ අගමැතිද?