කොළඹ නගරයේ ඝණ අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රමයක් ඇති කිරීම සඳහා ඩොලර් ලක්ෂ 1070 ක් දීමට පසුගියදා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි විය.
මේ සඳහා වන යෝජනාව ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශය භාරවද කටයුතු කරන ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළේය.
යෝජනාව ප්‍රකාරව ඇති කරන්නට යන ක්‍රමයට අනුව කොළඹ නගරයේ ඝණ අපද්‍රව්‍ය දුම්රිය මඟින් පුත්තලම දිස්ත්‍රික්කයේ ආරුක්කුලම් ප්‍රදේශයේ ඉදිකෙරෙන විශේෂ පරිශ්‍රයක් වෙත ගෙන යනු ඇත.අනතුරුව එම අපද්‍රව්‍යයන් එම ප්‍රදේශයේ ඇති ‘‘හොල්සිම්‘‘කම්හලේ ඇතැම් කටයුතු සදහා ඉන්ධන ලෙස භාවිතා කෙරෙනු ඇත.
මේ සඳහා ඉදිකිරීමට යන දුම්රිය මාර්ගයන්ගේ මෙන්ම භාවිතා කිරීමට යන විශේෂයෙන් සැකසූ දුම්රිය ගැල් සම්බන්ධයෙන් සැළසුම් සකස් කිරීම දුම්රිය දෙපාර්තමෙන්තුව අවසන් කර ඇතැයි සදහන්ය.
මුලූ ව්‍යාපෘතියම අන්තර්ජාතික නිර්නායකයන්ට අනුව ක්‍රියාත්මක කෙරෙනු ඇතැයි කැබිනට් තොරතුරු දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
කොළඹ නගරයේ පමණක් වසරකට මෙට්‍රික් ටොන් 700 ක පමණ කසළ ප්‍රමාණයක් එක් රැස් වන අතර කොළඹ තදාසන්න ප්‍රදේශය සැළකූ විට එම ප්‍රමාණය මෙට්‍රික් ටොන් 1200 ක් වැනි අගයක් ගනී.
දැනට මීතොටමුල්ල ප්‍රදේශයේ අක්කර 16 ක භූමි භාගයක් මෙම කසළ බැහැර කිරීමට භාවිතා කෙරෙන අතර මේ සම්බන්ධව ප්‍රදේශයේ වැසියෝද නොයෙක් වර විරෝධතා පළ කළහ.
එම ප්‍රදේශයේ ඩෙංගු,මැලේරියා වැනි රෝග පැතිර යාමේ ඉහළ ප්‍රවණතාවක් දක්නටද ඇත.
කොළඹ නරග සභාවේ මැදිහත්වීමෙන් කසළ ප්‍රතිචක්‍රීකරණය කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වුවද එය නිසියාකාරයෙන් සිදුනොවන බව සඳහන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට මතකයි කැනඩාවේ කුණු ව්‍යාපාරයක් කරන ලංකාවේ මල්ලි කෙනෙක් කොළඹ කුණු වලට එයාගේ ව්‍යාපාරක් හැටියට ආරම්භ කරන්න එ්කට කිසිම කෙනෙක් සයෝගය දැක්කුව නැහැ රටේ පිරිහීම (ස)
වියලි දේශගුණයේ නම් කමක් නැහැ තෙත් කාලගුණයේ මොකද කරන්නේ (දී)
මේ කුණු ප්‍රශ්නයට ඉක්මනින් විසදුම් අවශ්‍යයි (දී)
මේ කුණු ප්‍රවාහනයේදීනිසි ක්‍රම වේද අනුගමනය කරන්න (දී)
කුණු කියන්නේ ඉතාමත් හොඳ බල ශක්තියක් (දී)
ඔය තියෙන්නේ වැඩ (දී)
කුනු වලින් ඉන්නද හදන්න පුළුවන් නම් කොයිතරම් දෙයක්ද (දී)
කුණු නිසා ලෙඩ වෙන පිරිස දවසින් දවස වැඩිවෙනවා (දී)
ගාමිණී, කඩුවෙල අතුරුගිරිය කියන්නේ දැන් ජන ශුන්‍ය පැති නොවේ ඒවගේ පැති වලත් කුණු ප්‍රශ්නේ තියෙනවා. වියලි කාලගුණයක් තියෙන පැත්තක විතරයී ඔයවගේ වැඩකට හරියන්නේ. නැත්නම් කොහේ කලත් මිනිස්සුන්ට ලෙඩ හැදෙනව කුණු කදු නිසා. (දී)
සනත් හරි ඔබේ කියමන මම පිලි ගන්නවා (දී)
විදුලිය ප්‍රශ්නයට මෙන්න විසදුම් (දී)
මේවා සනත් කියුවා වගේ ගම්මට්ටමෙන් ක්‍රියාත්මක කරන්න ඕනේ (දී)
කුණු භාවිතා කරලා විදුලිය නිපදවනවා වෙනත් රට වල. අපේ රටේ එයි දන්නේ නැහැ එක කරන්න බැරි හැම ප්‍රාදේශීය සභාවකටම මෙහා වොට් වගේ විදුලියක් නිෂ්පාදනය කරන්න පුළුවන්. එහෙම බෙලුවොත් ලංකාවේ විදුලිය හරි අඩු ගානකට දෙන්න පුළුවන්. (දී)
අනෝමා ගේ ප්‍රකාශයට පිළිතුරක්. (තෙත් කාල ගුනයේදී ටෙන්ඩරයක් දාල ඇමති පුතෙකුට දෙනවා වේලලා දෙන්න කියල ) (නදී)
මේ ව්‍යාපෘතිය නම් නියමයි (දී)
හොද වැඩක් මුළු ලංකාවේ ම මේ දේ ව්‍යාප්ත කරන්න. බුද්ධිමත්ව ක්‍රමානුකුලව කෙරුවොත් ලංකාවට හොද කාලයක් උදා වේවි ! (ස)
මේක ප්‍රතිචක්‍රීකරණ වැඩපිළිවෙළක් නේද? (නි)
මේක ලාභ ලැබිය හැකි හොඳ දෙයක් වනවා නිසැකයි (නි)
දැනටත් හොල්සිම් සමාගම ගන අපද්‍රව්‍ය ඉන්ධන සඳහා භාවිතා කරයි. නමුත් අපද්‍රව්‍ය සදහා ඔවුන් මුදල් ගෙවන්නේ නෑ.(අ)
මේක නම් බොහොම අගනා කාර්යයක් (නි)
දැනටත් යම් සමාගම් ඝණ අපද්‍රව්‍ය ඉන්ධන සඳහා භාවිතා කරනවා නේද? නමුත් අපද්‍රව්‍ය සඳහා ඔවුන් මුදල් ගෙවන්නේ නැහැ (නි)
දැනටත් හොල්සිම් සමාගම අපද්‍රව්‍ය ඉන්ධන ලෙස භාවිත කරයි. නමුත් ඒ සඳහා මුදල් ගෙවීමක් නොකරෙයි. මේ මගින් කුණු ඉවත් කිරීම පමණක් බලාපොරොත්තු විය හැක. අදායම් ලැබිමක් බලාපොරොත්තු විය නොහැක. රජය මගින් ඝන අපද්‍රව්‍ය දහනය මගින් ඉන්ධන නිපදවීමක් සිදුකළයුතුය. නැතහොත් මේ සඳහා වියදම් කරන රුපියල් කෝටි 1400 ක් අපතේ යනු ඇත. දැනට අපද්‍රව්‍ය දහනය කිරීමසඳහා සමහර සමාගම් මගින් , හොල්සිම් වෙත මුදල් ගෙවීමද සිදුකෙරේ.(අ)
රජය මඟින් ඝණ අපද්‍රව්‍ය දහනය මඟින් ඉන්ධන නිපදවීමක් සිදුකළ යුතුය. නැතහොත් මේ සඳහා වියදම් කරන මුදල අපතේ යනු ඇත. (නි)
මම ජීවත්වෙන්නේ (මචාඕ) කියන රටේ. හොංකොං වලට ළඟින්. ලංකාවේ අයට පුලුවන් නම් මේ රටේ කුණු පාලනය කරන විදිහ ඉගෙනගන්න, ලංකාවට හොඳටම ගැළපෙනවා. (නි)
මෙය ඉතා හොඳ ව්‍යාපෘතියක් වනු ඇත (නි)
නෙත්,නීත් ඔයාලා ජේ.වී.පී නේද? අම්මල සහෝදරියෝ විකුණන් කන ඔයාලා කුණුත් විකුණන් කන්ටද හදන්නේ? මෙහෙම දෙයක් කරනවට උදව් කරනවා වෙනුවට අකුල් හෙලන්න එපා ඔව් ඉතින් කුණු ප්‍රශ්ණේ විසදුනම ඔයාලට පාරට බැහැලා කෑගහන්න හේතුවක් නැහැ (නදී)
මම කරදියන කුණු කන්ද වගේම කොළඹ කුණු දිනකට ටොන් 1200 අරන් 40මෙග වෝල්ට් කරන්ට් එක හදන ප්‍රොජෙක්ට් එකක් ගේනවා් එකට කොමිසන් එකත් මහා ලොකුවට ඉල්ලවා .ඔන්න ඔහොමි අස්චර්ය් . (අ)
කුණු පාලනය කිරීම එතරම් පහසු නැහැ. එයට විවදම් වෙනවා ඕෂ්ට්‍රේලියාවේ විවිධ ක්‍රම යොදනවා නමුත් නගර සභා වලින් මුදල් අයකරනවා. ලංකාවේ ජනතාවට ඒවා දරන්න අමාරුයි (නදී)
ඒ සමාගමටත් ස්තුතියි මේ වගේ වැඩකට හවුල් උනාට (දී)
මේ වැඩේ හරි ගියොත් නම් හොඳා එතකොට බේතකටවත් කුණු ටිකක් සොයා ගන්න බැරි වෙයි. (අ)
මේ වැඩේ හරි ගියොත් නම් හොඳා එතකොට බේතකටවත් කුණු ටිකක් සොයා ගන්න බැරි වෙයි.(අ)
එ්කනම් ඇත්ත අප්පා,මීතොටමුල්ල පැත්තෙන් යනකොට පුසුබේ බැරුවා......(අ)
කොළඹ කුණු පුත්තලමට ඇදීම දුර බැහැර කමත්,ආයෝජනය කරන මුදලේ හැටියට මහා පරිමාණයේ අසාර්ථක ව්‍යාපෘතියක්.උදා : ජන ශුන්‍ය මීතොටමුල්ල,කඩුවෙල,අතුරුගිරිය ,මුතුරාජවෙල වැනි ප්‍රදේශ වල සුළු ප්‍රමාණයේ ව්‍යාපෘති ආරම්භ කිරීම සුදුසුය.පිළිස්සෙන/නොදැවෙන අපද්‍රව්‍ය වෙන්ව තැබීමට නාගරිකයෝ දැනුවත් කිරීම වටී.ජපානයේ දැවෙන අපද්‍රව්‍ය පොලව යට වලකට(යමා)දමා ගිනිතබයි. මතුපිටින් ජලය පිරවූ යකඩ ආවරණයකින් වසයි.දුරින්පිහිටි චිමිනියකින් පිට වන්නේ සුළු දුමාරයකි.පසු දින බැකෝ මගින් අළු ගොඩ දමා ජලයෙන් නිවා පහල ඇති ජලාශයකට ඇද දමයි.දිරූ පසු ගොඩ දමා .යන්ත්‍රානුසාරයෙන් පොලන ලද කොම්පොස් පොහොර අලෙවි කරයි.බේතකටවත් කුණු නැති සිංගප්පුරුවේ,ජපානයේ ක්‍රමවේද අධ්‍යයනය කොට කුණු වැඩේ කිරීම ඉතා යෝග්‍යයයි කුණු ගාගන්නවාට වඩා. ! (අ)
ගාමිණී- සිරිවර්දන, ඇත්ත. ඔබ හරි.නමුත් අපේ අය බලන්නේ එහෙම නොවෙයිනේ. (නි)
ගාමිණී කියන දේ තේරුම්ගන්න කවුරුවත් උත්සාහ කරන්නේ නැහැ (නි)
පිටරටට යන මුදල් ප්‍රකෝටි ගණනක් ඉතිරි කරන්නත් ඒ මුදල් ලංකාවේ දියුණුවට භාවිතා කරන්නත් පුළුවන්. නමුත් අපේ දේශපාලකයින් කතාකරනවා විතරයි. අපේ දේශීය නිෂ්පාදන වලට තැනක් නැහැ. දැන්වත් මේ මහතාට උදවු නොකළොත් අපේ දේවල් ඇමරිකාවෙන් ඩොලර් කෝටි ගාණකට අනාගතයේදී මිලට ගන්න පුළුවන් වේවි. (නි)
දයා අලහාකෝන්, රත්තරන් මල්ලියේ, ජපානයේ සයිතමා - ටෝකියෝ දක්වා පරණ ගොඩනැගිලි කැඩීම බාර ගන්නා මෙම කොම්පැනිය,යකඩ,ඇලුමීනියම් ,වෙන්කරගෙන දැවෙන ද්‍රව්‍ය යමා එකට දමා අළු කරනවා. පිටස්තර කුණු ලොරි ඇතුල් කරන්නේ මුදල් ගෙවලා. ගොවියෝ කොම්පොස් පොහොර ගෙනියන්නේ ලොරි පිටින්. පුදුමය නම් යන්ත්‍ර මගින් වැඩගන්නා මෙම දැවැන්ත වැඩබිමේ සේවක සංඛ්‍යාව 10 කටත් අඩුයි. කොහොමද අපේ රටේ නම් (නදී)
ලෝකෙන් ආදර්ශ ගන්න (දී)
මිනිස්සුන්ට අහිතක් නොවන ලෙසමේ වැඩකටයුත්ත කරන්න ප්‍රවාහනය තමයි වැදගත් (දී)
ක්‍රමානුකුලව නොකලොත් මහා විනාශයක් තමයි වෙන්නේ (දී)
කාලගුණය දේශගුණය ප්‍රශ්නයක් වෙන්නේ නැහැ (දී)
වාහන වලට උනත් මේවායින් බලශක්තිය ගන්න පුළුවන් (දී)
මේ වැඩේ හරි ගියොත් නම් හොඳා එතකොට බේතකටවත් කුණු ටිකක් සොයා ගන්න බැරි වෙයි. (අ)
ජනාධිපති තුමනි ඔබගේ මේ වැඩ පිළිවෙල අපි අගය කරනවා (දී)
කුණු කුණු කුණු හැමදාම කුණු ප්‍රශ්නයක් (දී)
කෘෂි කර්මාන්තයටත් මේ ක්‍රමය යොදා ගන්න බැරිද ප්‍රමිතියෙන් උසස් පොහොර නිපදවන්න (දී)
ලංකාවේම ව්‍යාප්ත කරන්න (දී)
තම තමන්ගේ ගෙවල් වලම කුණු විනාශ කරනවානම් මේ ප්‍රශ්නය නැහැනේ (දී)
මිනිස්සුන්ගේ නොමනා හැසිරීම නිසා තමයි කුණු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ (දී)
දියුණු රටවල මේ ක්‍රමය යොදා ගන්නවා තවත් වැඩි දියුණු කරන්න පුළුවන් (දී)
ලංකාවේ සැම නගරයකම මේ ප්‍රශ්නය තියෙනවා (දී)
හරියට කරනවානම් හොද වැඩක් තමයි (දී)
බ්ලුමේන්ඩල් කුණු කන්ද මේ ලඟදි පිපුරුවා (දී)
සන්තෝසයි හොද වැඩක් සුභපැතුම් (දී)
තෙල් ප්‍රශ්නයට නව විසඳුමක් (දී)