- අලුතින් (CDS) ගිණුම් විවෘත කරන 200 කට දිනුම් ඇදීමකින් රු. 2000ක් වටිනා කොටස්
කොළඹ කොටස් හුවමාරුව (CSE), ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) එක්ව රට පුරා ක්‍රියාත්මක කරන ආයෝජකයන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක පළමු අදියර ලෙස, ලබන ජූනි 25 වැනිදා කොළඹ කොටස් හුවමාරුව තුළ ආයෝජක සංසදයක් (Investor forum) පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි පවසයි.
එදින පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා මෙම ආයෝජක සංසදය පැවැත්වෙන අතර, පස්වරු 5.00 සිට 7.00 දක්වා සිංහල භාෂාවෙන් පැවැත්වෙන විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක්ද සංවිධානය කෙරෙන බවත් එම හුවමාරුව පවසයි.
මෙහිදී කොළඹ කොටස් හුවමාරුව පිළිබඳ මූලික දැනුම, ආයෝජක ආරක්ෂාව පිළිබඳ දැනුම, වත්මන් වෙළෙඳපොළ අවස්ථා පිළිබඳ අවබෝධය මෙන්ම කොටස් තැරැව්කාර සමාගම් නියෝජිතයන් සහ ශ්‍රී ලංකා ඒකකභාර සංගමයේ නියෝජිතයන් හමුවීමේ අවස්ථාවද හිමි වෙයි.
එසේම අදාළ නියෝජිතයන් මෙන්ම CSE හා SEC ප්‍රධානීන් සම්බන්ධ වන සාකච්ඡා මණ්ඩප කිහිපයක්ද සංවිධානය කිරීමට නියමිතව තිබේ.
මේ අතර එම දිනය තුළ අලුතින් CDS ගිණුම් විවෘත කරන පළමු ආයෝජකයන් 200 දෙනාට දිනුම් ඇදිමකින් රුපියල් 2,000ක් පමණ වටිනා කොටස් නොමිලේම හිමි කරගැනීමේ අවස්ථාව පවතින බවත් කොළඹ කොටස් හුවමාරුව සඳහන් කරයි.
මෙම ආයෝජක සංසදය වෙත ලියාපදිංචිමට කැමැත්තක් දක්වන පාර්ශ්වවලට කොළඹ කොටස් හුවමාරුව ඇමතිය හැකි බවද එම හුවමාරුව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd