(විනීතා එම් ගමගේ)
ප්ලාස්ටික් යෝගට් කෝප්ප වෙනුවට ස්වභාවික අමුද්‍රව්‍ය යොදා සැකසූ යෝගට් කෝප්පයක් හඳුන්වා දීමට දේශිය තරුණ ව්‍යවසායකයෙක් ඉදිරිපත්ව ඇති අතර එම යෝගට් කෝප්ප මිල දී ගැනීමට පැලවත්ත ඩයරි ප්‍රොඩක්ට් ආයතනය ගිවිසුමකට එළැඹ ඇතැයි කර්මාන්ත අමාත්‍යංශය කියයි.
මෙම යෝගට් කෝප්ප නිපදවීම සඳහා යොදාගනු ලබන්නේ කෙසෙල් කැන කපා ඉවත් කරගත් පසු ඉවත දමන කෙසෙල් කඳන් වන බැවින් සම්පූර්ණයෙන්ම පරිසර හිතකාමී නිෂ්පාදනයක් ලෙස මෙම නිෂ්පාදනය හැඳින්විය හැකි යැයි කර්මාන්ත අමාත්‍යංශයේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
මෙම නිෂ්පාදනය වෙළඳ පොලට හදුන්වා දෙනු ලැබ ඇත්තේ මා ප්‍රොඩක්ට් ආයතනයේ හිමිකරු වන මේනක ආරියරත්න මහතා විසින් වන අතර එම ඇසුරුම් සඳහා වෙළඳපොල සකසා දීමට පියවර ගන්නා බව කර්මාන්ත අමාත්‍යවරයා පැවැසී යැයි ද හෙතෙම සඳහන් කළේය.
සාමාන්‍යයෙන් මාසයකට ප්ලාස්ටික් යෝගට් කෝප්ප ලක්ෂ 100 වඩා මෙරට නිෂ්පාදනය වන බවත් ඒ අනුව මසකට අති විශාල ප්‍රමාණ්‍යෙක් පරිසරයට එක් වන බවද කී එම නිලධාරියා මෙම පරිසර විනාශය මේ තුලින් නිමා කරගත හැකි වනු ඇතැයි විශ්වාස කරන බව ද පැවැසීය.
ආහාර ඇසුරුම් සඳහා වන ඇසුරුම් විශාල ප්‍රමාණ්‍යක් මේ යටතේ වෙළඳ පොලට ඉදිරිපත් කිරීමට තමන් සූදානම් බව ආරියරත්න මහතා අමාත්‍යවරයා හමුවේ පැවැසූ බවත් පරිසර හිතකාමි නිශ්පාදන වෙළඳපොලට එක්කරන කර්මාන්තකරුවන්ට අමාත්‍යංශයේ උපරිම සහය ලබාදෙන ලෙස අමාත්‍යවරයා උපදෙස් දී ඇති බවද ඔහු තවදුරටත් කියා සිටියේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කෙසෙල් කඳෙන් යෝගට් කෝප්ප
Raveendra Wednesday, 02 September 2020 06:41 PM
ඉතාම හොඳ අදහසක්.. ඔබගේ මෙම උත්සාහය සාර්ථක වේවා යන්න අපගේ ප්‍රාර්ථනයයි. එමගින් පරිසරයට වන හානිය අවම කරගැනුමට ඔබටත් දායකවීමට හැකි වේවා ..!!
sl Thursday, 03 September 2020 02:27 AM
චීස් පෙට්ටි ප්ලාස්ටික් මොකද ? .. ඒවත් වෙනස් කරන්න. ප්ලාස්ටික් උනහම දේශීය උනත් අපිට ගන්න හිතෙන්නේ නෑ
සිසිල් සුදේශ් Thursday, 03 September 2020 05:23 AM
නියමයි. ජයවේවා.
sena Thursday, 03 September 2020 05:30 AM
නව නිර්මාණ කරුවෝ කොච්චර නම් නව නිර්මාණ ගෙන එනවද.? එකක්වත් සාමාන්‍ය භාවිතයට එන්නේ නැත්තේ මොකද.?
Nuwan Thursday, 03 September 2020 10:35 AM
පරිසරේ කෙසේවෙතත් ගාණක් නොදී ඕක භාවිතයට අවසර ගන්නවා බොරු මහත්තයෝ..!!!
Gayathri Friday, 04 September 2020 04:59 AM
පොටෝ ඒකක් නැද්ද?
suranga Friday, 04 September 2020 05:07 AM
නියම වැඩක්. කෙසෙල් කදන් ඕන තරම් දෙන්න පුලුවන් .