මේ දිනවල බිස්නස්වල තතු සොයා බැලීමට කොළඹ කොටුව මල්වත්ත පාරට ගිය ගමනේ දී අපි ගොඩවැදුණේ අත් ඔරලෝසු සහ අත් ඔරලෝසු අලුත්වැඩියා කිරීමේ ව්‍යාපාර කටයුතුවල නියුතු නව රුහුණු කාර්මිකයෝ වෙළෙඳ ආයතනයේ ව්‍යාපාරිකයකුවන වී. පී. එස්. පතිරණ මහතා දැක්වූයේ මෙවන් අදහසකි.
මේ දවස්වල බිස්නස් කොහොමද?
මෙම දිනවල බිස්නස් ගැන කිව්වොත් බිස්නස් සාමාන්‍ය මට්ටමකට තමයි තියෙන්නේ. කොරෝනා කාලයේ බිස්නස්වල යම් කඩාවැටීමක් වෙලා තිබුණා. දැන් දැන් නැවතත් බිස්නස් එකක් ගොඩනැගෙමින් තියෙනවා.
බිස්නස් මේ තත්වයට පත්වීමට බලපෑ හේතු මොනවාද?
මම වසර විස්සක කාලයක ඉඳන් මෙම ව්‍යාපාරය කරගෙන යනවා. ව්‍යාපාර කටයුතුවලට අවශ්‍ය කරන අත්ඔරලෝසු තොග වෙෙළඳුන්ගෙන් අරගෙන තමයි ව්‍යාපාර කටයුතු කරන්නේ. ඊට අමතරව ඔරලෝසු අලුත්වැඩියා කරලා නැවත අලෙවිකිරීමේ කටයුතුත් කරනවා.
කලින්ට වඩා බිස්නස්වල මන්දගාමී ස්වභාවයක් දක්නට ලැබෙනවා. කලින් නම් උදේ ඉඳන් හවස් වෙනකන් මල්වත්ත පාර පාරිභෝගිකයන්ගෙන් පිරිලා තිබුණේ. ඒ තත්වය සතියේ දවස්, සති අන්තයේ දවස් කියලා වෙනසක් තිබුණේ නැහැ. එහෙත් දැන් උදේ සාප්පුව ඇරියම දවල් දොළහ වෙනකොට බිස්නස් තුන හතරක් කරන්න පුළුවන්. නැවත සවස්වරුව වෙද්දී තව බිස්නස් හතර පහක් කරන්න පුළුවන්. ව්‍යාපාරිකයන්වන අපිත් හරි අමාරුවෙන් තමයි මේ ව්‍යාපාර කටයුතු කරගෙන යන්නේ. දැන් ලාබයක් ලබනවා කෙසේ වෙතත් දවසකට බිස්නස් දහයක් දොළහක් කරගන්න තමයි උත්සහ කරන්නේ. කාලයක පුරාවටම අපිව විශ්වාස කරලා අපි එක්ක සම්බන්ධ වෙලා ඉන්න පිරිසේ අඩුවීමක් වෙලා නැහැ. එහෙත් අලුතින් ඒකරාශීවන පාරිභෝගික පිරිසේ අඩුවීමක් තියෙනවා.
අප්‍රේල්, දෙසැම්බර් මාසවල සීසන් එකේ තමයි අපිට හොඳ බිස්නස් එකක් තියෙන්නේ. අපේ ඉලක්කගත පාරිභෝගික කණ්ඩායම තමයි මධ්‍යම පාන්තික පාරිභෝගික පිරිස. ඒ අයට දරන්න පුළුවන් මිල ගණන් යටතේ භාණ්ඩ අප ආයතනයේ අලෙවි කරන්නේ.
භාණ්ඩයක් ගන්න පාරිභෝගිකයෙක් ආවොත් තමයි අපිට බිස්නස් එකක් තියෙන්නේ. පවතින ආර්ථික මට්ටමත් එක්ක පාරිභෝගිකයන්ට මූලික අවශ්‍යතාවලට අමතරව තවත් දෙයක් මිලදී ගන්න හැකියාවක් නෑ. මාසෙට රුපියල් පනස්දාහක පඩියක් ගන්න කෙනෙක් මාසික ආහාර අවශ්‍යතාව, ජල බිල්, විදුලි බිල් ගෙව්වම අතේ මුදලක් ඉතිරි වෙන්නේ නැහැ.
එහෙම තත්වයක් තියෙද්දී කොහොමද පාරිභෝගිකයෙක් ඇවිත් අමතර මුදලක් යොදවලා අත් ඔරලෝසුවක්, බිත්ති ඔරලෝසුවක් මිලදී ගෙන යන්නේ. තවත් සමහරුන් දවසකට එක වේලක් හරි කන්නේ හරිම අමාරුවෙන්. මිනිස්සු අතේ සල්ලි නැතිකම තමයි බිස්නස් කඩාවැටෙන්න මූලිකම හේතුව.
මුදල් හිඟකමත් එක්ක අද වෙද්දී මිනිස්සු අලුතෙන් දෙයක් ගන්නවට වඩා තියෙන දෙය කුමන හෝ විදිහකින් අලුත්වැඩියා කරලා නැවත පරිහරණය කරන්න උත්සහ කරන්නේ. අද වෙද්දී මිනිස්සු මුදලක් වියදම් කරන්න කලින් දහ දොළොස්වතාවක් හිතලා අත්‍යවශ්‍යම නම් විතරයි භාණ්ඩයක් මිලදී ගන්න එන්නේ.
අපේ බිස්නස් සාමාන්‍ය මට්ටමකට හරි රඳා පැවතිලා තියෙන්නේ පාරිභෝගිකයාට දරන්න පුළුවන් මුදල යටතේ තෝරා ගැනීමට අවස්ථා තිබීම නිසයි.
මනීෂා වීරසිංහ
ඡායාරූප : ඉසුරු පෙරේරා
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කලින්ට වඩා බිස්නස් මන්දගාමියි