වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන දෙකක් හා ඝණ අපද්‍රව්‍ය කළමණාකරනය කිරීමේ පහසුකම් ඇති මධ්‍යස්ථානයක් ඉදිකිරීමට ඩොලර් ලක්ෂ 600 ක ණය ආධාර ලබා දීමට කොරියාවේ එක්සිම් බැංකුව සැරසේ.
මේ සදහා වන ගිවිසුම පසුගියදා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යංශයේදී අත්සන් කැරිණි. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ඊට අත්සන් තැබූයේ අමාත්‍යංශ ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර මහතාය.
වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන දෙක පිහිටවනුයේ කොළඹ හා ගම්පහ ප්‍රදේශන්හී ය. මධ්‍යස්ථාන දෙක මගින් තරුණ තරුණියන්ට මෝටර් කාර්මික ශිල්පය,වෑද්දුම් ශිල්පය,පින්තාරු ශිල්පය ආදී අංශ සම්බන්ධ පුහුණුව ලබා දීමට නියමිතය. වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන දෙකෙහි ඉදිකිරීම් හා ඉදිරි වැඩකටයතු අධීක්ෂණය කරනු ඇත්තේ තරුණ කටයුතු අමාත්‍යංශයයි.
ඝණ අපද්‍රව්‍ය කළමණාකරන මධ්‍යස්ථානයේ ඉදිකිරීම් වෙනුවෙන් වැයවේයැයි අපේක්ෂිත ඩොලර් ලක්ෂ 428 ක මුදලින් ඩොලර් ලක්ෂ 335.4 ක්ම ලබාදීමට එක්සිම් බැංකුව ගිවිසුම් ප්‍රකාරව එකගතාවය පළ කර තිබේ.
මෙම ව්‍යාපෘතියේ කටයුතු මධ්‍යම පරිසර අධිකාරිය යටතේ අධීක්ෂණය කෙරෙනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වුර්තීය පුහුණු මධ්‍යස්ථාන 2 ක් ආරම්භ කිරීම සරසවි වරම් නොලද සිසුන්ට ඉතාමත් වටිනා දෙයක්.කොළඹ,දැනට ඔරුගොඩ වත්තේ.බොරැල්ලේ, සහ රත්මලාන ජර්මන් අභ්‍යාස විදයාලයත් පවත්වාගෙන යන නිසා කොළඹින් බැහැරව ගම්පහ, කෑගල්ල, කුරුණෑගල, මහනුවර, ගාල්ල, වැනි පළාත් දෙකක් තෝරා ගන්නේනම් වඩාත් වටිනවා.අපද්‍රව්‍ය කළමනා කරණය මධ්‍යම පරිසර අධිකාරියෙන්ම දිගටම කරගෙන යන එක හොඳ වැඩක්. මෙම විෂය සඳහා ජපානයේ විසා ඇති ලාංකිකික මගේ මිතුරෙක් ජපන් කණ්ඩායමක් සමග පැමිණ වැඩේ ආරම්භ කළා. කරන්න ගිහාම නොයෙක් බලපෑම්. ජපන්නු යන්න ගියා. කල වියදම් පියවා ගන්න, ණය බේරන්න අන්තිමේ නිවසත්, ඉඩමත් විකුණලා යහළුවාට ආපසු යන්න උනේ. (ස)
ණය. මෙවර කොරියාවෙන්. (ස)
හරියට කෙරුනොත් හොදයි (නි)
මේ වගේ මොනතරම් මධ්‍යස්ථාන දැම්මත් හරි ප්‍රයෝජනයක් ගන්නේ නැහැ.. මම මේ ක්ෂේත්‍රයේ හිටපු කෙනෙක් අලුතෙන් ආපු අය, හිටපු දක්ෂයෝ ඔක්කොම පන්නල දැම්මා. (ස)
මේවා කවුරු කළත් හොද වැඩ (නි)
හොදින් කරගෙන යන්න පුළුවන් නම් හොදයි (නි)
ඔය බැංකුව අපේ පවුලේ බැංකුව වගේ (නි)
ණය හොදේ...... මේවා ආපහු දෙන්න ඕන ඒවා... (දී)