IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


කොරියා එක්සිම් බැංකුවෙන් වෘත්තීය පුහුණුවට අත

වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන දෙකක් හා ඝණ අපද්‍රව්‍ය කළමණාකරනය කිරීමේ පහසුකම් ඇති මධ්‍යස්ථානයක් ඉදිකිරීමට ඩොලර් ලක්ෂ 600 ක ණය ආධාර ලබා දීමට කොරියාවේ එක්සිම් බැංකුව සැරසේ.

මේ සදහා වන ගිවිසුම පසුගියදා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යංශයේදී අත්සන් කැරිණි. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ඊට අත්සන් තැබූයේ අමාත්‍යංශ ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර මහතාය.

වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන දෙක පිහිටවනුයේ කොළඹ හා ගම්පහ ප්‍රදේශන්හී ය. මධ්‍යස්ථාන දෙක මගින් තරුණ තරුණියන්ට මෝටර් කාර්මික ශිල්පය,වෑද්දුම් ශිල්පය,පින්තාරු ශිල්පය ආදී අංශ සම්බන්ධ පුහුණුව ලබා දීමට නියමිතය. වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන දෙකෙහි ඉදිකිරීම් හා ඉදිරි වැඩකටයතු අධීක්ෂණය කරනු ඇත්තේ තරුණ කටයුතු අමාත්‍යංශයයි.

ඝණ අපද්‍රව්‍ය කළමණාකරන මධ්‍යස්ථානයේ ඉදිකිරීම් වෙනුවෙන් වැයවේයැයි අපේක්ෂිත ඩොලර් ලක්ෂ 428 ක මුදලින් ඩොලර් ලක්ෂ 335.4 ක්ම ලබාදීමට එක්සිම් බැංකුව ගිවිසුම් ප්‍රකාරව එකගතාවය පළ කර තිබේ.

මෙම ව්‍යාපෘතියේ කටයුතු මධ්‍යම පරිසර අධිකාරිය යටතේ අධීක්ෂණය කෙරෙනු ඇත.



අදහස් (0)

කොරියා එක්සිම් බැංකුවෙන් වෘත්තීය පුහුණුවට අත

ගයබ්න් Sunday, 28 July 2013 10:01 AM

හරියට කෙරුනොත් හොදයි (නි)

:       0       0

සෙනෙවි Tuesday, 13 August 2013 12:26 AM

ඔය බැංකුව අපේ පවුලේ බැංකුව ‍වගේ (නි)

:       0       0

සම්පත් Thursday, 01 August 2013 09:25 AM

මේ වගේ මොනතරම් මධ්‍යස්ථාන දැම්මත් හරි ප්‍රයෝජනයක් ගන්නේ නැහැ.. මම මේ ක්ෂේත්‍රයේ හිටපු කෙනෙක් අලුතෙන් ආපු අය, හිටපු දක්ෂයෝ ඔක්කොම පන්නල දැම්මා. (ස)

:       0       0

ගාමිණී-සිරි Thursday, 25 July 2013 03:41 PM

වුර්තීය පුහුණු මධ්‍යස්ථාන 2 ක් ආරම්භ කිරීම සරසවි වරම් නොලද සිසුන්ට ඉතාමත් වටිනා දෙයක්.කොළඹ,දැනට ඔරුගොඩ වත්තේ.බොරැල්ලේ, සහ රත්මලාන ජර්මන් අභ්‍යාස විදයාලයත් පවත්වාගෙන යන නිසා කොළඹින් බැහැරව ගම්පහ, කෑගල්ල, කුරුණෑගල, මහනුවර, ගාල්ල, වැනි පළාත් දෙකක් තෝරා ගන්නේනම් වඩාත් වටිනවා.අපද්‍රව්‍ය කළමනා කරණය මධ්‍යම පරිසර අධිකාරියෙන්ම දිගටම කරගෙන යන එක හොඳ වැඩක්. මෙම විෂය සඳහා ජපානයේ විසා ඇති ලාංකිකික මගේ මිතුරෙක් ජපන් කණ්ඩායමක් සමග පැමිණ වැඩේ ආරම්භ කළා. කරන්න ගිහාම නොයෙක් බලපෑම්. ජපන්නු යන්න ගියා. කල වියදම් පියවා ගන්න, ණය බේරන්න අන්තිමේ නිවසත්, ඉඩමත් විකුණලා යහළුවාට ආපසු යන්න උනේ. (ස)

:       0       0

ලුම්බිණි Friday, 26 July 2013 09:24 AM

ණය. මෙවර කොරියාවෙන්. (ස)

:       0       0

උදය Friday, 09 August 2013 06:38 PM

මේවා කවුරු කළත් හොද වැඩ (නි)

:       0       0

සිරි Friday, 09 August 2013 06:41 PM

හොදින් කරගෙන යන්න පුළුවන් නම් හොදයි (නි)

:       0       0

ශාන් Monday, 02 September 2013 06:52 PM

ණය හොදේ...... මේවා ආපහු දෙන්න ඕන ඒවා... (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 440 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16887 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 664 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site