
මෙරට ක්‍රියාත්මක බලපත්‍රලාභී වාණිජ බැංකු සිය ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා වන පොලී අනුපාත ඉහළ දැමීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.
දැනටමත් වාණිජ බැංකු කිහිපයක් සිය ගනුදෙනුකරුවන් වෙත මේ පිළිබඳව දැනුවත් කරමින් කෙටි පණිවුඩ යැවීම් සිදු කර තිබේ. ඒ අනුව බොහෝ විට මෙම පොලී අනුපාතය දැනට පවතින සියයට 26ක ප්‍රතිශතයේ සිට සියයට 28ක් දක්වා ඉහළ යාමට ඉඩ ඇතැයි සඳහන් වෙයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින් පසුගිය මැයි 25 වැනිදා ගනු ලැබූ තීරණයකට අනුව එක්දින ප්‍රතිපත්ති පොළී අනුපාතිකය පදනම් අංක 100කින් ඉහළ දැමීමට පියවර ගැනීමත් සමගින්ම වාණිජ බැංකු මෙම තීරණය ගැනීමට නියමිතව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd