• අප්‍රේල් වන විට සක්‍රිය ක්‍රෙඩිට් කාඩ්පත් සංඛ්‍යාව ලක්ෂ 22 ක් 

මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු මගින් නිකුත් කර ඇති දේශීයව සහ ගෝලීයව පිළිගන්නා ක්‍රෙඩිට් කාඩ්පත් සතු නොපියවූ ශේෂය මේ වසරේ අප්‍රේල් මාසය වනවිට රුපියල් මිලියන 200,019 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වෙයි. මාර්තු මාසය අවසන් වනවිට එය රුපියල් මිලියන 194,105ක් ලෙස සටහන් විය. 

මේ අතරින් රුපියල් මිලියන 40,228ක් දේශීයව පිළිගන්නා කාඩ්පත් මගින් නොපියවූ ශේෂය වන අතර, රුපියල් මිලියන 159,791ක් ගෝලීයව පිළිගන්නා කාඩ්පත් මගින් නොපියවූ ශේෂය වෙයි. 

2026 අප්‍රේල් මාසය අවසන් වනවිට මෙරට සක්‍රියව පවතින සමස්ත ක්‍රෙඩිට් කාඩ්පත් සංඛ්‍යාව 2,228,852ක් ලෙස සටහන්ව වන අතර, දේශීය පිළිගන්නා කාඩ්පත් 8,532ක් සහ ජාත්‍යන්තරව පිළිගන්නා කාඩ්පත් 2,220,320ක් ඒ අතර පවතී. 

එසේම මෙය මාර්තු මාසයේ පැවැති කාඩ්පත් 2,215,853 ට සාපේක්ෂව කාඩ්පත් 12,999 ක ඉහළ යාමකි. එසේම වසරේ මුල් මාස හතරේදී අලු‍තින් නිකුත් කර ඇති කාඩ්පත් සංඛ්‍යාව 62,666ක් දක්වා ඉහළ ගොස් තිබේ.