- මිලදී ගැනීම සඳහා විවෘත කිරීම හෙට (16)
කොමර්ෂල් බැංකුව රු. බිලියන 20ක් රැස් කරගැනීම සඳහා කොළඹ කොටස් හුවමාරුවේ සිදු කිරීමට සැලසුම් කර ඇති සහ එහිම ලැයිස්තුගත කෙරෙන ණයකර නිකුතුවට අනුමැතිය ලබාදුන් බව කොළඹ කොටස් හුවමාරුව පවසයි.
මෙහිදී බැංකුව බාසෙල් III අනුකූල, ලැයිස්තුගත, වර්ග කෙරුණු, සුරක්ෂිත නොවූ, උප ප්‍රධාන, පිරිමුදවා ගත හැකි ලෙස ණයකර කොටස් නිකුත් කිරීම සැලසුම වී තිබේ.
මූලික නිකුතුව ලෙස ණයකර කොටස් මිලියන 100ක් නිකුත් කෙරෙන අතර, කොටසක් රුපියල් 100ක් බැගින් රැස් කෙරෙන මුදල රුපියල් බිලියන 10කි. ඊට හිමිවන අධිදායකත්වයත් සමගින් තවත් ණයකර කොටස් මිලියන 50ක් නිකුත් කෙරෙන අතර, ඊටත් හිමිවන අධිදායකත්වයත් සමගින් තවත් ණයකර කොටස් මිලියන 50ක් නිකුත් කිරීම සැලසුම වී තිබේ. ඒ අනුව නිකුතුවේ සමස්ත වටිනාකම රුපියල් බිලියන 20කි.
මෙම ණයකර නිකුතුව වසර පහකින්, හතකින් සහ දහයකින් කල් පිරෙන ලෙස නිකුත් කෙරේ. එසේම සියයට 12.61 ක සිට සියයට 13.25ක් අතර වන ස්ථාවර පොලී අනුපාතද මේවාට හිමිවෙයි. එම පොලියද වාර්ෂික සහ අර්ධ වාර්ෂික ලෙස නම් කර තිබේ.
මෙම ණයකර නිකුතුව මිලදී ගැනීම සඳහා විවෘත කිරීම හෙට (16) දිනයේදී සිදුකෙරෙන බවත් කොමර්ෂල් බැංකුව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd