මෙරට ලියාපදිංචි කල්බදු මූල්‍ය සමාගමක් වන කෝපරේටිව් ලීසිං කම්පැනි ලිමිටඩ් (CLCL) ආයතනයේ ලියාපදිංචිය 2026 ජූනි 10 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
අදාළ ආයතනය 2010 අංක 02 දරන කල්බදු මූල්‍යකරණ (වාර්තා කිරීමේ අවශ්‍යතා) විධානය සමගින් අනුගත වීමට අඛණ්ඩව අසමත් වීම සහ බැංකු නොවන මූල්‍ය ආයතන ඒකාබද්ධ කිරීම සඳහා වන ප්‍රධාන සැලැස්ම මත මහ බැංකුව පනවා ඇති අවශ්‍යතා සපුරාලීමට අපොහොසත් වීම මේ සඳහා හේතුව වී තිබේ.
ඒ අනුව අදාළ ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ විසින් පනවන ලද විධාන කඩකරමින් කටයුතු කර ඇතැයි මහ බැංකුව පවසයි. මෙම අවලංගු කිරීම බලාත්මක වූ දිනට පෙර ආරම්භ කළ යම් කල්බදු මූල්‍ය ව්‍යාපාර කටයුත්තක් හැර, යම් නව කල්බදු මූල්‍යකරණ ව්‍යාපාර කටයුත්තක් සිදු කිරීමට කෝපරේටිව් ලීසිං කම්පැනි ලිමිටඩ් වෙත කිසිදු නීතිමය බලයක් නොමැති බවත් මහ බැංකුව ජනතාවට දැනුම් දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd