- විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සහ මෙරට ප්‍රාදේශීය වෙළෙඳපොළ ඉලක්ක කෙරේ
- CBL සමූහය රටවල් 65 කට සිය නිෂ්පාදන අපනයනය කරයි
- වැඩිම අපනයන ආදායම් පංගුව වන සියයට 24ක් ජපානයෙන්
සිලෝන් බිස්කට්ස් ලිමිටඩ් (CBL) සමූහයට අයත් කන්වීනියන්ස් ෆුඩ්ස් (ලංකා) පීඑල්සී සමාගම සිය දේශීය මෙන්ම ජාත්‍යන්තර වෙළෙඳපොළ තවදුරටත් ව්‍යාප්ත කරගැනීම සඳහා පවතින අවස්ථා පිළිබඳව අවධානය යොමු කරන බව පවසයි.
විශේෂයෙන්ම විදෙස්ගතව වෙසෙන ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් සහ මෙතෙක් සිය නිෂ්පාදන ගලා නොගිය මෙරට ප්‍රාදේශීය වෙළෙඳපොළ ඉලක්ක කර ගැනීම මෙහි අරමුණ වී තිබේ.
2025/26 මූල්‍ය වර්ෂය සඳහා කන්වීනියන්ස් ෆුඩ්ස් (ලංකා) පීඑල්සී සමාගම නිකුත් කළ වාර්ෂික වාර්තාව තුළ මෙම කරුණු ඇතුළත්ව තිබේ. Lankasoy, Tetos, Nutriline සහ Sera යන නිෂ්පාදන එම සමාගමේ නිෂ්පාදන කළඹ අතර පවතී.
වර්තමානයේදී CBL සමූහය ලොව රටවල් 65 කට වැඩි ප්‍රමාණයකට සිය නිෂ්පාදන අපනයනය කරන අතර, ඝානාවේ සහ ඉන්දුනීසියාවේ විදෙස් නිෂ්පාදන කර්මාන්තශාලාද පිහිටා තිබේ.
එම සමාගමට අනුව මෙලෙස අපනයනය කරන නිෂ්පාදන අතරින් වැඩිම ආදායමක් හිමි වන්නේ ජපානයෙනි එය සියයට 24ක් වෙයි. එසේම එක්සත් අරාබි එමීරය සියයට 20ක, කටාරය සියයට 14ක, ඉතාලිය සියයට 9 ක, ක්වේටය සහ ඔස්ට්‍රේලියාව සියයට 5ක් බැගින්, කොරියාව, ජර්මනිය සහ ජෝර්දානය සියයට 3ක් බැගින් සහ ස්විස්ටර්ලන්තය සියයට 2ක් බැගින් මෙම අපනයන ආදායම වෙත දායකත්වය ලබා දෙයි. ලොව අනෙකුත් රටවල අපනයන ආදායම් දායකත්වය සියයට 12 කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd