2026 අගෝස්තු 15 වැනිදාට පෙර අයදුම් කර ලංකාවේ විශිෂ්ටතම AI පුරෝගාමීන් අතරට එක්වන්න
‘Sri Lanka AI Week’ වැඩසටහනේ කොටසක් ලෙස සංවිධානය කරනු ලබන ‘AI Amplified’ ජාතික AI සම්මාන උළෙල සඳහා දැන් අයදුම්පත් භාරගැනේ.
ලංකාව තුළ මේ වන විට කෘත්‍රිම බුද්ධිය (AI) පරිවර්තනීය මෙවලමක් බවට පත්වෙමින් තිබේ. එම තාක්ෂණයෙන් දේශීය කර්මාන්ත හා ප්‍රජාව විප්ලවීය වෙනසකට ලක්කරමින්, ඒවා නවතම තලයකට ඔසවා තබමින් පවතී. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ පුරෝගාමීත්වයෙන්, SLT-MOBITEL හි දායකත්වය සහිතව සංවිධානය කෙරෙන ජාතික AI සම්මාන උළෙල, Sri Lanka AI Week වැඩසටහනේ වඩාත්ම කැපීපෙනෙන අංගයක් බවට පත් වී ඇති අතර, එය මෙරට AI අනාගතය හැඩගස්වන නායකයන් සහ නවෝත්පාදකයන් එකම වේදිකාවකට රැගෙන එන ඉසව්වක් වනු නිසැකය.
2026 ඔක්තෝබර් 04 දින පැවැත්වීමට නියමිත මෙම සම්මාන උළෙලේදී ලංකාවේ කර්මාන්ත, විශ්ව විද්‍යාල, ආරම්භක මට්ටමේ ව්‍යාපාර සහ රාජ්‍ය සේවය යනාදී අංශ තුළ AI තාක්ෂණය සම්බන්ධයෙන් අත්කරගෙන ඇති විශිෂ්ට ප්‍රගතිය ප්‍රදර්ශනය කෙරෙනු ඇත. එමෙන්ම නවෝත්පාදනය දිරිගන්වමින් AI සම්බන්ධයෙන් ජාතික මට්ටමේ ප්‍රමිති ස්ථාපිත කිරීමට දායක වූ පුරෝගාමීන් රාශියක් මෙම සම්මාන උළෙලේදී ඇගයීමට ලක්වීමට නියමිතය.
ජාතික AI සම්මාන යටතේ National AI Trailblazer Awards, Industry & Sector Excellence Awards, Innovation & Future-Focused Awards සහ AI Content Creators of the Year ඇතුළු විවිධ කාණ්ඩ යටතේ සම්මාන පිරිනැමීමට නියමිතය.
AI ක්ෂේත්‍රයේ ඉහළම මට්ටමේ බලපෑම් සහ නායකත්වයන් ඇගයීම සඳහා National AI Excellence Award, National AI Leadership Excellence Award, National AI Impact Excellence Award සහ National AI Export Excellence Award යනාදී ජාතික තලයේ සම්මාන පිරිනමනු ලැබේ.
රටේ ප්‍රධාන ක්ෂේත්‍රයේ සිදු වන AI පරිවර්තනය ඇගයීම සඳහා Industry Innovation Awards කාණ්ඩය යටතේ කෘෂිකර්මාන්තය, නිෂ්පාදන කර්මාන්තය සහ කර්මාන්ත 5.0 නවෝත්පාදන තාක්ෂණය, බැංකුකරණය, මූල්‍ය හා රක්ෂණ සේවා, අධ්‍යාපනය, සෞඛ්‍ය හා ජීව විද්‍යා ක්ෂේත්‍ර සහ ජනමාධ්‍ය යන ක්ෂේත්‍ර ආවරණය කරමින් සම්මාන පිරිනැමෙනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd