IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


උතුරට සංවර්ධන සුවඳ

30 වසරක යුද්ධයෙන් බැට කෑ උතුරේ ජනතාවට සංවර්ධනයේ අරුණලු ගෙන ඒමේ අරමුණින් ඉදිකෙරුණු අච්චුවේලි කර්මාන්ත පුරය ඊයේ (27) ආර්ථීක සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතින් විවෘත කෙරිණි.

අයදුම්කරුවන් 61 දෙනෙකු අතරින් තෝරාගෙන ඇති කර්මාන්ත 8 ක් මෙම කර්මාන්ත පුරයේ ඇති කිරීමට නියමිතය.

කර්මාන්ත පුරයේ පළමු අදියරේදී රැකියා අවස්ථා 2000 ක් පමණ ඇති කෙරෙන බව කර්මාන්ත පුරය විවෘත කිරීමේ උත්සවයට සහභාගීව සිටි සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවසීය.

පළමු අදියරේදී අක්කර 25 ක භූමි ප්‍රමාණයක් සංවර්ධනය කර කර්මාන්ත කටයුතු වලට යොදා ගැනෙනු ඇතැයිද දෙවැනි අදියරේදී තවත් අක්කර 42 ක භූමි ප්‍රමාණයක් සංවර්ධනය කෙරෙණු ඇතැයිද ඔහු වැඩිදුරටත් කීය.

පළමු අදියරේදී පමණක් සෘජු රැකියා වලට අමතරව වක්‍ර රැකියා 10000 ක් පමණ උපදිනු ඇතැයි ඔහු සඳහන් කළේය.

උතුරු කලාපයේ කර්මාන්තමය දියුණුවටත්, වැසියන්ගේ දිවි සරි කර ගැනීමටත්, ප්‍රදේශයේ ඇති සම්පත් වලින් උපරිම ඵල නෙලාගැනීමටත් මෙම කර්මාන්ත පුරයෙන් හැකිවනු ඇතැයි විශ්වාස කෙරේ.

ඇඟලූම්, ප්ලාස්ටික් හා ලෙදර් නිශ්පාදන, තෙල් හා කෙදි ආශ්‍රීත නිශ්පාදන, ආහාර සැකසුම් මධ්‍යස්ථාන, කෘෂිකර්මය පදනම් කර්මාන්ත වැනි කර්මාන්තයන් මෙම කර්මාන්ත පුරයේ ඇති කෙරෙනු ඇත.යාපනය හා කොළඹ යා කෙරෙන උතුරු දිග දුම්රිය මාර්ගයේ වැඩකටයුතු එළැඹෙන සැප්තැම්බරයේ අවසාන වූ පසු දකුණේද හවුල ඇතිව කර්මාන්ත පුරයේ තව තවත් ව්‍යාපාරික අවස්ථා ඇතිකරගත හැකිවනු ඇත.

කර්මාන්තපුරයේ ඉදිකිරීම් සදහා ඉන්දියාව රුපියල් ලක්ෂ 2200 ක මුදලක් ලබාදී තිබෙන අතර ශ්‍රී ලංකා රජයද රුපියල් ලක්ෂ 500 ක බරපැන දරා තිබේ.ව්‍යාපෘතිය සැළසුම් කිරීමේ කටයුතු සිදුකර ඇත්තේ එක්සත් ජාතීන්ගේ ව්‍යාපෘති සම්බන්ධ සේවා වෙනුවෙන් වන කාර්යාලයයි.

කර්මාන්තපුරයේ අනාගත කළමණාකරණ කටයුතු කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ අධීක්ෂණය යටතේ සිදුවනු ඇත.



අදහස් (0)

උතුරට සංවර්ධන සුවඳ

නාමලී Friday, 29 August 2014 10:01 PM

මේකේ වැඩ ජාතිවාදයට යටත්ද? මහ ජාතියට තහනම්ද ?නැත්නම් ඕනේ කෙනෙකුට වැඩ කරන්න පුලුවන්ද ? දකුණේ වගේ ? (අ)

:       0       0

සුධර්ම Tuesday, 02 September 2014 11:34 AM

අනේ! මෙහාට නම් තවමත් නියඟය. (නි)

:       0       0

සුනිල් විතානගේ Thursday, 28 August 2014 08:26 PM

සමහර අයට උණ ගැනෙන දේ තියෙනවා (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1669 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 565 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 652 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site