IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ඊශ්‍රායල් රැකියා පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්

 


කරන්දෙණිය එම්. සුසිල් පියන්ත


ඊශ්‍රායලයේ විවිධ වෘත්තීන් සඳහා සේවය කිරීමට මෙරටින් ශ්‍රමිකයන් පන්දහසක් යැවීම අරමුණු කර ගනිමින් ගාල්ල, ඌරගස්මංහන්දිය ඉදිකිරීම් නිපුණතා සහ පුහුණු කිරීමේ ජාත්‍යන්තර කාර්යාංශය රැකියා සඳහා ඊශ්‍රායලයට යාමට කැමැති වෘත්තික තරුණ, තරුණියන් නගරයෙන් නගරයට සොයා ගොස් දැනුවත් කිරීමේ වැඩසටහනක් බදුරලියේදී පසුගියදා පැවැත්විණ.

ශ්‍රී ලංකා ඊශ්‍රායල් මිත්‍රත්ව සංවිධානයේ මෙහෙයවිමෙන් එම සංවිධානයේ සභාපති සහා සී.එස්.ටී.අයි.බියුරෝ ආයතනයේ විධායක අධයක්ෂක සමන් පියන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වැඩසටහන ක්‍රියාවට නැංවේ.

ඊශ්‍රායල් ඉදිකිරීම් ක්ෂේත්‍රය ඇතුළු තවත් ක්ෂේත්‍ර ගණනාවක් සඳහා යාමට අපේක්ෂාවෙන් මෙරට සිටින තරුණ වෘත්තිකයන් හඳුනා ගැනීම මේ වැඩපිළිවෙළේ මුල්ම අරමුණ බව ශ්‍රීලංකා ඊශ්‍රායල් මිත්‍රත්ව සංවිධානයේ සභාපති සමන් පියන්ත මහතා කීවේය.

මුල් අදියරේදී හඳුනාගත් පිරිසට තෝරා ගන්නා වෘත්තියට අදාළ පුහුණුව ලබාදීම දෙවැනි අදියර බවත්, එම විධිමත් වෘත්තීය පුහුණුව ලබා ගන්නා පිරිස ඊශ්‍රායල් විශේෂඥ වෘත්තීයවේදීන් විසින් පවත්වනු ලබන ප්‍රායෝගික පරීක්ෂණයෙන් සමත්වූ පසු ඔවුන් ඒ වෘත්තිය සඳහා එම රටට යැවීමට මග පෙන්වන්නෙක් ලෙස ක්‍රියා කිරීම අනෙක් පියවර බවත් පියන්ත මහතා කීය.

මේ වැඩසටහනේ ප්‍රධාන උපදේශකයා ලෙස කටයුතු කරනුයේ ගාල්ල, ඌරගස්මංහන්දිය ඉදිකිරීම් නිපුණතා සහ පුහුණු කිරීමේ ජාත්‍යන්තර කාර්යාංශයේ ප්‍රධාන ඉංජිනේරු අජිත් නිලංග මහතාය.

ශ්‍රී ලංකා ඊශ්‍රායල් මිත්‍රත්ව සංවිධානයේ සභාපති සමන් පියන්ත මහතා තරුණ පිරිස් දැනුම්වත් කරන අයුරු සහ ඒ අවස්ථාවට සහභාගීවූ පිරිස ඡායාරූපයෙන් දැක්වේ.
 



අදහස් (1)

ඊශ්‍රායල් රැකියා පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්

Udara viarj saraniga Friday, 06 June 2025 06:08 PM

සර්, කියන්න පුළුවන් වගේ... මුදලක් අයකරනවද සර්...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 688 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17828 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 758 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site