මෙරට මුල් පෙළේ ඇගලුම් සමාගමක් වන හෙළ ඇපරල් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම සිය පූර්ණ හිමිකාරීත්වය සහිත හෙල ඉන්වෙස්ට්මන්ට් හෝල්ඩිංග්ස් ලිමිටඩ් යටතේ පවත්වාගෙන ගිය හෙළ ක්ලෝතින්ග් ඊජිප්ට් SAE සමාගමේ මෙහෙයුම් එමරල්ඞ් ඉන්වෙස්ට්මන්ට්ස් පෞද්ගලික සමාගම වෙත පැවරීමක් සිදු කර ඇතැයි එම සමාගම අනාවරණය කරයි.
පෙරේදා (08) කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් සමාගම මෙම කරුණු සඳහන් කර තිබේ. හෙළ ක්ලෝතින්ග් ඊජිප්ට් SAE සමාගම අත්පත් කරගැනීම සම්බන්ධයෙන් එමරල්ඩ් ඉන්වෙස්ට්මන්ට්ස් සමග පසුගිය ජූනි 07 වැනිදා අත්සන් කළ එකඟතාව යටතේ මෙම කටයුතු සිදු කර තිබේ. ඒ අනුව දෙසැම්බර් 31 දක්වා එම සමාගමේ මෙහෙයුම් එමරල්ඩ් ඉන්වෙස්ට්මන්ට්ස් කළමනාකාර සැකැස්ම අනුව සිදු වන බවත් දැනුම් දී තිබේ.
මෙම හෙළ ක්ලෝතින්ග් ඊජිප්ට් SAE සමාගම හෙළ ඇපරල් හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් ගෝලීයව ඇගලුම් නිෂ්පාදන අපනයනය වෙනුවෙන් ඊජිප්තුව තුළ ස්ථාපිත කරන ලද සමාගමකි. ආසන්න කාලසීමාවේදී එම සමාගම මුහුණ දුන් කාරක ප්‍රාග්ධන අභියෝගත් සමගින් කර්මාන්තශාලාවේ මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යමින්, අඛණ්ඩ ආදායම් ප්‍රවාහයක් පවත්වාගෙන යාමේ අරමුණින් අධ්‍යක්ෂ මණ්ඩලය මෙම තීරණය ගෙන ඇතැයි පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd