
ඇමරිකාවට අපනයනය කෙරෙන ශ්‍රී ලාංකික භාණ්ඩ මත පනවා තිබූ ශ්‍රම-ආශ්‍රිත තීරුබදු අනුපාතය සියයට 12.5 සිට සියයට 10 දක්වා අඩු කිරීමේ ධනාත්මක පියවර, ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය සඳහා දිරිගන්වනසුළු ඉදිරි පියවරක් වනු අතැයි ලංකා වාණිජ මණ්ඩලය පවසයි.
ශ්‍රී ලංකා බලධාරීන් සහ ඇමරිකානු පාර්ශ්ව අතර, පැවති අඛණ්ඩ සාකච්ඡා සහ සම්බන්ධීකරණයේ ප්‍රතිඵලයක් ලෙස, ඇමරිකාවට අපනයනය කෙරෙන ශ්‍රී ලාංකික භාණ්ඩ මත පනවා තිබූ ශ්‍රම-ආශ්‍රිත තීරුබදු අනුපාතය සියයට 12.5 සිට සියයට 10 දක්වා අඩු කිරීමේ තීරණය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය මෙම කරුණු සඳහන් කරයි.
“මෙය ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය සඳහා දිරිගන්වනසුළු ඉදිරි පියවරක් වන අතර, එය නිර්මාණාත්මක සංවාදය, සාක්ෂි මත පදනම් වූ කරුණු ඉදිරිපත් කිරීම සහ ජාත්‍යන්තර වෙළෙඳ හවුල්කරුවන් සමග ක්‍රියාශීලීව කටයුතු කිරීමේ වැදගත්කම මනාව පෙන්නුම් කරයි.
ඉහළ තරගකාරීත්වයකින් සහ අවිනිශ්චිතතාවකින් යුත් ගෝලීය වෙළෙඳපොළේ කටයුතු කරන අපනයනකරුවන්ට මෙම තීරුබදු අඩු කිරීම යම් සහනයක් ලබා දෙන අතරම, වෙළෙඳපොළ ප්‍රවේශය පවත්වාගෙන යාම සහ පුළුල් කිරීම සඳහා ශ්‍රී ලංකාව දරන පුළුල් ප්‍රයත්නවලට ද එය සහාය වනු ඇත’’ එම මණ්ඩලය පෙන්වා දෙයි.
විශේෂයෙන්ම ජූනි මස මුලදී මෙම කාරණය සම්බන්ධයෙන් නිකුත් කළ පෙර ප්‍රකාශයේදී, යෝජිත ශ්‍රම-ආශ්‍රිත තීරුබදු පියවර මගින් ශ්‍රී ලංකාවේ වෙළෙඳ තරගකාරීත්වයට ඇති විය හැකි බලපෑම පිළිබඳව මණ්ඩලය සිය කනස්සල්ල පළ කළ බවත්, අදාළ පාර්ශ්ව සමග කඩිනමින් සාකච්ඡා කරන ලෙස ඉල්ලා සිටි බවත් ඔවුහු පෙන්වා දෙති.
මෙම ප්‍රයත්නයන්ට සහාය වීමටත්, ශ්‍රී ලංකාවේ අපනයන තරගකාරීත්වය තවදුරටත් ඉහළ නැංවීමටත් රජය සහ අනෙකුත් පාර්ශ්ව සමග සිය සහයෝගීතාව අඛණ්ඩව පවත්වාගෙන යාමට මණ්ඩලය අපේක්ෂා කරන බවත් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd