මෙම මස 3 වැනිදා පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ සැසිවාරයේදී එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් ශී්‍රලංකාවට එරෙහිව ඉදිරිපත් කිරීමට යන යෝජනාවේ කිසිදු සාධාරණත්වයක් නැතැයි ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
ඔහු මේ බව පැවසුවේ විදෙස් පුවත් ආයතන මාධ්‍යවේදීන් හා පසුගියදා අරලියගහ මන්දිරයේදී පැවති හමුවකදීය.මෙම හමුවට ජනපති ලේකම් ලලිත් වීරතුංග හා විදේශ අමාත්‍ය ජී.එල්.පීරීස් යන මහත්වරුද එක්ව සිටියහ.
ඇමරිකාවේ මේ උත්සාහය බයිබලයේ සදහන් ‘දාවිත් හා ගොලයාත්‘ගේ යුද්ධය හා සමාන යැයි පැවසූ ජනපතිවරයා ශී්‍රලංකාව තම හැකි පමණින් යුද්ධයෙන් පසු රටේ හා ජනතාවගේ තත්ත්වය නගා සිටුවීමට කටයුතු කර තිඛෙන බවත් ඉදිරියටත් කටයුතු කරන බවත් කීය.උතුරුකරයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට ඩොලර් කෝටි 450ක් වියදමින් ක්‍රියාත්මක වැඩසටහන් හා හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් 13000 පුනරුත්ථාපනය කර යළි සමාජ ගත කිරීමේ වැඩකටයුතු සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමටද ජනපතිවරයා කටයුතු කළේය.
මානව හිමිකම් කඩවී ඇතැයි බටහිර නගන චෝදනා වල කිසිදු පදනමක් නැති බවත් එසේ මානව හිමිකම් කඩවීමක් සිදුවී ඇත්දැයි සොයාබලමින් පවතින බවත් විශේෂයෙන් යුධ සමයේදී සිදුවී ඇතැයි කියන අතුරුදන් වීම් සම්බන්ධයෙන් සොයාබැලීමට ජනාධිපති කොමිසමක්් පත් කර තිඛෙන බවත් ජනපතිවරයා පැවසීය.
ජනපති ලේකම් ලලිත් වීරතුංග මහතා කොමිසමේ ප්‍රගතිය ගැන කරුණු දැක්වීය.කිළිනොච්චිය හා යාපනය යන ප්‍රදේශවල අතුරුදන් වූවන් සම්බන්ධයෙන් සිදුකළ සමිීක්ෂණයන්ගෙන් එම අතුරුදන්වීම් පසුපස සිටින්නේ කොටි සංවිධානය බව සොයාගැනීමට හැකි වීයැයි හෙතෙම පැවසීය.කොමිසමේ වාර්තා මේ වන විට අධ්‍යනය කෙරෙමින් පවතින බවත් එසේ අගතියට ලක්වූ පවුල් වෙනුවෙන් ගත යුතු වන පියවර ජනපති නියමයෙන් නුදුරේදීම ගන්නා බවත් වීරතුංග මහතා කීය.
ඇමරිකාව ගෙන එන යෝජනාවට එරෙහිව දිගටම සටන් කරන බව ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහතික කළේය.යෝජනාවට සහය දෙන රටවල් සම්බන්ධයෙන්ද සදහනක් කළ ජනපතිවරයා එම රටවල් වල ඇතැම් දේශපාලඥයින් ශී්‍රලංකාවට එරෙහිව කටයුතු කරන්නේ දෙමළ ඩයස්පෝරාවේ කියුම් අනුව මෙහෙයවී බව පැවසීය.ඔවුන් එසේ කරනුයේ ඩයස්පෝරා සාමාජිකයින්ගෙන් ලැඛෙන ඡන්ද ගැන සිතා පමණක් බවද ජනපතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චතුර දැන් එතකොට මේ උත්සහකරන්නේ ගොලයෙත්ව මරන්නද? (නදී)
මානව හිමිකම් සුරකින්න යුද්දය අවසන් කලබව ඒ අයට තේරෙන්නේ නැද්ද? (නදී)
මේ ලෝකයේ අසාධාරණකම් තමයි කොහොමත් දිනන්නේ (නි)
ඇමරිකාව කළොත් ඉතින් ඕනෑ දෙයක් හරි (නි)
පිටරට වල ඉන්න දෙමළ අයටත් ඕනෑ තමන්ගේ ජනතාව හොඳින් ඉන්නවා දකින්න (නි)
යු.එස්. ඒ කියන්නේ යුනයිටඩ් ෂෙල්පිස් ඇකඩමි කියන එක තමයි.(නදී)
දැන් අපේ රටේ බියෙන් සැකයෙන් තාෙරව ජිවත් විය හැකි පරිසරයක් සැම ජාතියකටම තියනවා. දැන් යුද්ධයත් ඉවරයි.දැන් නැති ප්‍රශ්ණ අැති කිරිමට අැතමුන් උත්සාහ කරමින් සිටි.(ස)
ඇමරිකාව අපිට පරීක්ෂණ පවත්වන්න කියන්නේ කොටි කරපු කියපු දේවල් දන්නේ නැහැ වගේනේ (දී)
ඇමරිකාව යෝද "ගොලායත්" වගේ තමයි. ඒත් අවසානයේ දිනුවේ පුංචි "දාවිත්" නේද. අසාදාරනය හැමවිටම පරාජය වේවි කල් ගිහින් හෝ.(නදී)
ඇමරිකාව අපේ රටේ දේවල් වලට ඇගිල්ල ගහන එකට මාත් කැමති නෑ. ඒත් රටේ කෙරෙන ගසාකෑම් නවත්නන්න ඕනා.(නදී)
යු.එස්.ඒ කියන්නේ ප්‍රතිපත්තියක් නැති තමන් ගැන විතරක් හිතන ආණ්ඩුවක් තියෙන රටක්. යුද්දය නැතුව උන්ගේ යුද ආයුද කාටද විකුනන්නේ? ඒකයි මේ දඟලන්නේ. ලංකාවේ උතුරේ ඉන්න දමිල ජාතික සහෝදරයෝ ඩයස්පෝරාවට කියන්න බොරු වැඩ කරන්නේ නැතුව ලංකාවේ ඉන්න දමිල අයට උදව් කරන්න රජයත් එක්ක එකතු වෙන්න කියලා.(නදී)
මේ ලෝකේ අසාධාරණකම් කරනවුන් තමා රජ කරන්නේ. ඇමෙරිකාව කරන අපරාධ වලට කිසිවෙක් කතා කරන්නේ නැත. අවාසනාවකට මෙන් යුරෝපයත් ඔවුන්ට උඩගෙඩි දෙනවා. අපි රටක් හැටියට ජාතියක් එක්වීම තම දැන් වඩාත් වැදගත්. ඒ තුලින් මේ සියලු බලවේග පරාජය කල හැකිය යනු මාගේ අදහසයි. නමුත් අවාසනාවට මෙන් අපේ රටේ ඒ දෙයටත් යම් යම් බාධා ඇතිවෙනවා, (අ)
උප්පාද වය ධම්මිනෝ - සියලුම දේ ඇතිවෙන්නේ නැති වීමටය.(නදී)
ලලිත් ට කතාව හරියට තේරිලා නෑ. ඩේවිඩ් සහ ගොලායත් කතාවෙ යෝධ ගොලායත් පුංචි ඩේවිඩ් ට පැරදිලා මැරුම් කනවා.(දී)
මොන ආගමේ කොහේ ඉපදුනත් මැරෙනවා, අපි ශ්‍රී ලාංකිකයෝ මිසක් අපි අතර තරහක් නැහැ (ස)
ඇමෙරිකාව ගොලයේත් වගේ නොව ගොලයේත් මය. එබැව හඳුනා නොගෙන ගොලයේත් හා ගැටීමට යාමත්, ගොලයෙත්ට විරුද්ධව රැඟුම් දක්වන නැට්ටුවන් ගේ නැට්ටේ එල්ලෙමට යාමත් මේ සියල්ලටම මුල බව නොවැටහීම අවාසනාවකි. (නදී)
බුද්දි ඔබේ කියමනත් හරි. නමුත් ඒක නෙමෙයි ප්‍රදාන කාරණය. රටේ සාමය තියෙනවා කියල ඇමෙරිකාව එංග්ලන්ඩ් වගේ රටවල් තීරණය කෙරුවොත් දෙමල ඩයස්පෝරාවට යන එන මන් නැති වෙනවා. ඒකට තමා මේ අය ට්‍රයි කරන්නේ. මේ අය දන්නවා ලංකාවේ දෙමල මිනිස්සුන්ට දැන් කරදරයක් නැහැ කියලා.(නදී)
අපි වරදක් කරලා නැහැ, එනිසා අපි ලෝකෙට බය නැහැ (දී)
දැන් යුද්දයක් නැහැ. දෙමල ජනයා කොපමණ සතුටින් නිදහසේ ඉන්නවද? පිට රටවල ඉන්න දෙමල අයට ඕනේ තමන්ගේ ජනතාව හොදින් ඉන්නවා දකින්නද මරා ගන්නවා දකින්නද? ආගම් ජාති කුල බේදයකින් තොරව දැන්වත් රටක් වසයෙන් සමගිව කටයුතු කරන්න හිතට ගමු. එතකොට ඔය කාගේවත් බලපෑම් වලට අපට බය වෙන්න දෙයක් නැහැන.(නදී)
බුද්ධි - දෙමල ඩයස්පෝරාවට ඕනේ මෙහෙ ඉන්න දෙමල අය බිල්ලට දීල යුද්දේ වවාගෙන කන්න. ලංකාව ආපහු හොඳ මට්ටමට ආවොත් ඒ බහුතරයකට වෙන්නේ ඒ රටවල් වල සුවපහසු ජීවිතේ අත ඇරලා ලංකාවට එන්න.(නදී)