- තාක්ෂණික, නිශ්චල දේපළ සහ FMCG අංශයේ ව්‍යාපාර වෙත ආයෝජනය අරමුණයි
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත ඇම්බියොන් කැපිටල් පීඑල්සී සමාගම සිය කොටස් හිමිකරුවන් වෙත සිදු කරන හිමිකම් නිකුතුවක් හරහා රුපියල් බිලියන 3.2 ක් රැස් කරගැනීමට සූදානමින් සිටින බව පවසයි.
මෙහිදී දැනට නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටස් 10.22ක් සඳහාම අලුතින් කොටසක් නිකුත් කෙරෙන බව සඳහන් වෙයි. ඒ අනුව නිකුත් කෙරෙන සමස්ත කොටස් සංඛ්‍යාව මිලියන 100කි. එක් කොටසක් රුපියල් 32ක් බැගින් සමස්ත නිකුතුවේ වටිනාකම රුපියල් බිලියන 3.2 ක් වෙයි.
මෙලෙස රැස් කරගන්නා මුදල් සමාගමේ ප්‍රාග්ධන සැකැස්ම ශක්තිමත් කරගැනීමට යොදා ගන්නා බවත්, ඉදිරියේදී සිදු කරන තාක්ෂණික, නිශ්චල දේපළ සහ වේගයෙන් අලෙවි වන පාරිභෝගික භාණ්ඩ (FMCG) අංශයේ ව්‍යාපාර වෙනුවෙන් ආයෝජනය බවත් සමාගම වැඩිදුරටත් පවසයි.
මේ අතර අදාළ හිමිකම් නිකුතුව යටතේ කොටස් මිලියන 25ක් පෞද්ලික කොටස් අලෙවියක් ලෙස සිදු කිරීමටත් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.
එහිදීද කොටසක් රුපියල් 32ක් බැගින් එම නිකුතුව හරහා රැස් කෙරෙන මුදල රුපියල් මිලියන 80 කි.
මෙම කොටස්ද අදාළ හිමිකම් නිකුතුව මිලදී ගන්නා කොටස්හිමිකරුවන් වෙත විවෘත කෙරෙන බවත් සමාගම පවසයි.
ඇම්බියොන් හෝල්ඩිංග්ස් සමූහයට අයත් ආයෝජන හස්තය වන ඇම්බියොන් කැපිටල් පීඑල්සී සමාගමේ වර්තාමන ප්‍රකාශිත ප්‍රාග්ධනය රුපියල් බිලියන 1.92ක් ලෙස සටහන්ව තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd