නාලක සංජීව දහනායක
මෙරට පසු අස්වනු හානියෙන් වාර්ෂිකව රුපියල් මිලියන 18000ක පුඩුවක් සිදුවන බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරයි.
චීන විශේෂඥයින් පිරිසක් විසින් සිදුකරන ලද පර්යේෂණයකින් මේ බව අණාවරණය වී ඇතිබවද අමාත්‍යංශය කියයි.
සතුන්ගෙන් සිදුවන හානි, අස්වනු නෙලා ගැනීමේදී සිදුවන හානි මෙන්ම නිසි මිළක් නොමැතිකම නිසාවෙන් ඇතැම්විට වගාවන් අත්හැර දැමීම වැනි කරුණු ඊට බලපාන බවද හෙළිවී ඇත.
මෙරට වගාකරන බෝගවර්ග වලින් වාර්ෂිකව සියයට 30ක් රිළවා, වඳුරා, වල් ඌරා, ඉත්තෑවා, මොනරා හා අලියා වැනි වනසතුන් විසින් විනාශකරන බව එම පර්යේෂණයෙන් හෙළිවී තිබේ.
එමෙන්ම පසු අස්වනු නාස්තිය හා නියඟය නිසා වගාකරන බෝගවලින් තවත් සියයට 30 ක් පමණ විනාශවේ. ජනතාවගේ අවශ්‍යතාවය වෙනුවෙන් සියයට 40 පමණ යොදාගන්නා බවද එම පර්යේෂණයෙන් අනාවරනවී ඇත.
මෙම හානිය අවම කර ගැනිම සඳහා නවීන තාක්‍ෂණය යොදාගැනීම, අස්වනු නෙලා ගැනීමේදී භාවිතාකළ යුතු දියුණු ක‍්‍රම හා ඒ පිළිබඳව ප‍්‍රමාණවත් දැනුමක් ගොවීන්ට ලබාදීම මගින් පසුඅස්වනු හානිය අවමකර ගත හැකිබවද චීන පර්යේෂණ කණ්ඩායම පෙන්වාදී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊශ්‍රායල්යේ පිහිට පතන්න.
ඔය වරායට ණය දීලා, ඒ ණයට හිලව් වෙන්න වරාය බද්දට අරගෙන ඉන්න රටේ කට්ටිය කියන දේවල්, ගහන සැලසුම් ගැන එතරම් විශ්වාසයක් තියන්න එපා. ප්‍රජාතන්ත්‍රවාදය, සහ මානව හිමිකමක් ගරු නොකරන, තමන්ගේ ලාබ දේම විකුනන්න හදන කට්ටියක්, ඇමෙරිකාව ඒ අයගේ නිෂ්පාදන වලට අලුතෙන් බදු පැනේව්වට පස්සේ නව වෙළදපොලක් හොයන්න උත්සාහ කරනවා. පසු අස්වනු තාක්ෂණයේ උපරිම තත්වයට පත්වී ඇති නෙදර්ලන්තයේ, ඊශ්‍රායලයේ, හෝ ආහාර වර්ග කල්තියා ගැනීමේ සහ වෙළදපොලට ඉදිරිපත් කිරීමේ ප්‍රමුඛයා වන ඇමෙරිකාවේ , වෙනත් මතයන් සහ විධි ක්‍රමද සොයා බලන්න අධ්‍යනය කරන්න.