අනුරාධපුර-දයාරත්න ඇඹෝගම
2020 වසරේදී විසිතුරු මත්ස්‍ය වගාකරුවන් 3,000ක් පමණ උතුරු මැද පළාත තුළ වගා කටයුතු කළ අතර 2021 වර්ෂය වන විට එම සංඛ්‍යාව පනස් දෙනකු දක්වා පහත වැටුණි. නැවත ක්‍රම ක්‍රමයෙන් මෙම සංඛ්‍යාව වැඩි වී මේ වන විට පළාත තුළ වගාකරුවෝ 400 ක් පමණ සිටිති.
විශේෂයෙන් උතුරු මැද පළාත විසිතුරු මත්ස්‍ය විශේෂවල ගුණාත්මක වර්ධනයට, වර්ණ සංකලනයට හිතකර බැවින් මෙම පළාතේ විසිතුරු මත්ස්‍ය විශේෂ සඳහා අපනයන කරුවන් අතර ඉහළ ඉල්ලුමක් පවතී. Gold Fish,Carp,Guramy,Moly,Palaty,Eagale උතුරු මැද පළාතේ ඉතාමත් හොඳින් වැඩෙන විසිතුරු මත්ස්‍ය වර්ග අතරින් කිහිපයකි.
මෙම කර්මාන්තයේ නිරතවන පුද්ගලයෝ තමන් අත්විදින ප්‍රායෝගික ගැටලු සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ පැවසූහ.
විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ නිරතව සිටින එප්පාවල පදිංචි ඩබ්.එම්.ලහිරු ඉන්දික ජිනදාස මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ පැවසිය.
මගේ පියා තමයි මේ විසිතුරු මත්ස්‍ය කර්මාන්තය මුලින්ම ආරම්භ කළේ. මම උසස් පෙළ විභාගයෙන් පසුව 2003 වසරේ සිට මේ දක්වාම මේ කර්මාන්තයේ නිරත වෙනවා. අක්කර දෙකක පමණ භුමි භාගයක විසිතුරු මත්ස්‍ය පැටවුන් ඇති කරනවා.
අපි ඇති කරන මේ විසිතුරු මසුන් දේශිය හා විදේශීය වෙළෙදපොළ අලෙවි කරනවා. කොළඹ, කුරුණෑගල, පන්වල ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් ඉන්නවා. ඒ අය විදේශ රටවලට විසිතුරු මසුන් යවනවා.අපි ඒ අයට තමයි දෙන්නේ. මින් මාසිකව රුපියල් ලක්ෂ දෙකකට අධික මුදලක් උපයා ගැනිමේ හැකියාව තිබෙනවා. මේ සඳහා පවුලේ අයගේ සහයත් තිබෙනවා. ඊට අමතරව අවශ්‍ය වුවොත් තවත් දෙතුන් දෙනකුගේ සහාය ලබාගන්නවා.
මේ සදහා මූලික වියදමක් යනවා. ආයේ අවුරුදු දෙක තුනක් යනකොට වගා භුමිය ආවරණය කරගන්න ඕනේ. සතුන්ගෙන් හානි වෙනවා. දිය බල්ලෝ, කබරයි, කොක්කු, පිලිහුඩුවෝ, ගෙම්බෝ, කක්කුට්ටෝ වැනි සතුන්ගෙන් හානි වෙනවා. ඒ නිසා ආවරණ යෙදිය යුතුයි. මාළු කැම වර්ගවල මිල ඉහළයි. ඒ සඳහා විශාල මුදලක් වැය කරන්න සිද්ධ වෙනවා. කිලෝ එකක් රුපියල් හයසිය පනහට උඩින් තමයි යන්නේ. මවු මාළුවන්ගේ කෑම එහෙම ටිකක් මිල අධිකයි. දේශීය වශයෙන් මාළු කෑම හදාගන්න උපකරණ ලබාගන්න රජයේ මැදිහත්විම අවශ්‍යයි.
ලහිරු ඉන්දික |
සංජීව පුෂ්පකුමාර |
ඉන්දු වික්‍රමසිංහ |
අලෙවි කිරීමේ ගැටලුත් තිබෙනවා. කොවිඩ් වසංගත රෝගය පැවති කාලයේ මාළු පැටවු විකුණා ගන්න අපහසු වුණා. විදේශ රටවල පවතින ඉල්ලුම අනුව මත්ස්‍ය පැටවු ඇති කළොත් විකුණා ගන්න හැකි වෙනවා. හැම දෙනාම එකම වර්ගයේ මත්ස්‍ය පැටවු හැදුවොත් විකුණා ගන්න අමාරුයි. ස්වයං රැකියාවක් විදියට මේ කර්මාන්තය ඉතාමත්ම හොඳයි. මාළුවර්ග දෙකක් තියෙනවා. පැටවු දාන වර්ගයත් බිත්තර දාන වර්ගයක් විදියට. හොඳ මවු සත්තු ටිකක් ආනයනය කරලා දුන්නා නම් අපට හොඳ මාළු ටිකක් වෙළෙඳ පොළට දෙන්න අපට පුළුවන්. ඒ වගේම මේ ව්‍යාපාරයට විදුලිය අවශ්‍යයි. ඒ සඳහා ලොකු විදුලි බිලක් ගෙවන්න වේනවා. ඒ නිසා රජය මැදිහත් වෙලා සෝලා පැනල් ටිකක් ගෙනැත් දෙනවා නම් හොඳයි. අපට පළාත් සභාවෙනුත් මහවැලි අධිකාරියෙනුත් පහුගිය කාලේ සියයට 50 දායකත්වය මත උපකරණ ලබාදුන්නා. එම කාර්ය විසිතුරු මත්ස්‍ය ව්‍යාපාරයේ යෙදෙන්නන්ට ලබාදුන් වටිනා සහායක්.
විසිතුරු මත්ස්‍ය කර්මාන්තය පිළිබඳව වසර 18 කට අධික කාලයක අත්දැකිම් ලබා සිටින මකුලෑව, හුරිගස්වැව පදිංචි පී. සංජීව පුෂ්පකුමාර සෝමරත්න මහතා මෙසේ පැවසීය.
තඹුත්තේගම, ගල්නෑව පාරේ මම අක්කර දෙකක භුමි ප්‍රමාණයක සුරතල් මත්ස්‍ය ව්‍යාපාරයක් පවත්වා ගෙන යනවා. මඩ පොකුණු වර්ග අඩි හතළිස් දහසක වගේ ප්‍රමාණයක් තියෙනවා.
කොන්ක්‍රීට් ටැංකි තියෙනවා එකසිය පනහක් විතර. පහුගිය කාලයේ පැවති තත්වය අනුව මේ විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ නිරත පුද්ගලයන් සීයක් හිටියා නම් දැන් මේ වන විට ඉන්නේ දෙන්නයි තුන්දෙනයි. ධීවර අමාත්‍යාංශයෙන් සමිති හදලා තිබුණේ අපට ප්‍රතිලාබ ලැබිලා කාර්මාන්ත පවත්වා ගෙන ගියා. එහෙත් පහුගිය කාලේ ඇති වෙච්ච ප්‍රශ්න එක්ක අපට ඉතිරි වුණේ අපනයන වෙළෙදපොළ විතරයි. දේශීය වෙළෙදපොළේ අලෙවිය අඩුවුණා. මිනිස්සු මාළු පැටව් ගත්තේ නැහැ. මේ විසිතුරු මත්ස්‍ය කර්මාන්තය නඟා සිටුවන්න පසුගිය කාලයේ රජයෙන් විශාල දායකත්වයක් ලැබුණා. රටේ ඩොලර් හිඟ වෙච්ච කාලයේ පිටරටට මාළු යවලා ඩොලර් උපයා ගන්න රජයට හැකිවුණා. රටට ඩොලර් ලැබෙන හොඳ ව්‍යාපාරයක් තමයි මේක.
අපි අදටත් පුරුද්දට මාළු පැටව්, මාළු ටැංකි, මාළු කෑම විකණන්න පොළට යනවා. ඉස්සර පොළවල් පහකට ගියා. දැන් යන්නේ මැදවච්චිය, හොරොව්පොතාන පොළවල් දෙකට විතරයි. ඉස්සර මාළු පැටව්, මාළු කෑම, මාළු ටැංකි විකුණලා රුපියල් පනස් දහසක් විතර ගත්තා. අද එහෙම ආදායමක් නැහැ. අපි ගෙදර මාළු ටැංකි හදනවා. අනුරාධපුර නගරයේ බැංකුවලට ව්‍යාපාරික ස්ථානවලට ඒවා අලෙවි කළා. අද එහෙම තත්වයක් නැහැ. මම පහුගිය කාලේ රුපියල් ලක්ෂ 150 ක් විතර යට කරලා විසිතුරු මත්ස්‍ය කර්මාන්තය වැඩි දියුණු කරන්න ව්‍යාපාරයක් ආරම්භ කළා. බැංකුවෙනුත් රුපියල් ලක්ෂ විස්සක ණය මුදලක් ගත්තා. ඒක සම්පූර්ණ කරගන්නත් බැරිවුණා පහුගිය කාලයේ ඇතිවුණ ප්‍රශ්න හේතුවෙන්. පිටරටට මාළු යවන්න පුළුවන් තත්වයක් මට තියෙනවා.
මඩ පොකුණුවලට නම් අපි කෑම හදලා දානවා. රුපියල් 150 න් පටන් ගත්ත කෑම කිලෝව දැන් රුපියල් අටසීයෙන් උඩ. ඒ නිසා අපට කෑම එකක් අඩු මිලකට ගන්න තියෙනවා නම් හොඳයි. දැන් ඔක්කොම තියෙන්නේ රට කෑම. මේ විදුලි බිල් එක්ක කර්මාන්තය කරගෙන යන්න අමාරුයි. දැන්නම් ලයිට් බිල් ටිකක් අඩුවුණා. රජය මැදිහත් වෙලා අපට මේ මාළු පැටව් පිටරටට අලෙවිකර ගැනීමට ක්‍රමවේදයක් සකස් කරදිම වටිනවා.
උතුරු මැද පළාතේ විසිතුරු මත්ස්‍ය කර්මාන්තය වැඩිදියුණු කිරිම සදහා ගෙන ඇති ක්‍රියා මාර්ගයන් සම්බන්ධයෙන් අදහස් දැක්වූ පළාත් කෘෂිකර්ම, කෘෂි නිෂ්පාදන හා අලෙවි, සත්ව නිෂ්පාදන, සත්ව සෞඛ්‍ය සහ ධීවර කටයුතු අමාත්‍යාංශයේ නියෝජ්‍ය ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ වික්‍රමසිංහ මහත්මිය මෙසේ පැවසුවාය.
මිරිදිය මත්ස්‍ය කර්මාන්තයේ ප්‍රවර්ධනයට හා විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ සංවර්ධනයට මෙම වසරේ රුපියල් මිලියන 43 ක් පළාත් නිශ්චිත ප්‍රදාන යටතේ ලැබි තිබෙනවා. මේ යටතේ විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ යෙදෙන අයට සියයට 50ක දායකත්වය මත උපකරණ මිලදි ගැනීමට රුපියල් මිලියන 3.3 ක මුදලක් වෙන්කොට තිබෙනවා. මේ සඳහා මහවැලි අධිකාරිය, ජාතික ජල ජීවි වගා සංවර්ධන අධිකාරිය හා පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය එක්ව සැලසුම් සකස් කොට තිබෙනවා.
ඒ වගේම පාසල් සිසුන් අතරත් විසිතුරු මත්ස්‍ය කර්මාන්තය ප්‍රචලිත කිරිමට රුපියල් මිලියන එකක් වෙන්කර තිබෙනවා. බොහෝ පාසල් සිසුන් මේ විසිතුරු මසුන් ඇති කරන්න කැමැත්තක් දක්වනවා. එම නිසා පාසල්වල සිසුන් සඳහා මාළු ටැංකියක් කළමනාකරණය කරන්නේ කොහොමද යන්න සම්බන්ධයෙන් සිසුන් දැනුවත් කිරිම සඳහා වැඩමුළු සංවිධානය කොට තිබෙනවා. ඒ වගේම මේ සඳහා කැමැත්තක් දක්වන සිසුන්ට මාළු පැටවු ලබාදිලා ඔවුන්ගේ නිවෙස් තුළ මාළු ටැංකි සකස් කර ඔවුන්ට විසිතුරු මාළු පැටව් අලෙවි කිරීමට දායකත්වයක් ලබාදෙන්න සැලසුම් කර තිබෙනවා.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ විසිතුරු මත්ස්‍ය වගාකරුවන්ට රසායනික ද්‍රව්‍ය හා උපකරණ ගැනීමටත් මේ වසරේ රුපියල් ලක්ෂ හයක මුදලක් වෙන්කර තිබෙනවා. ඒ වගේම ඔවුන්ගේ ජල මුලාශ්‍ර සංවර්ධනය කරගැනීම සඳහා රුපියල් මිලියන 03ක් වෙන්කර තිබෙනවා. විසිතුරු මසුන් එකතු කිරිමේ මධ්‍යස්ථාන ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 3.3ක් වෙන්කොට තිබෙනවා.
ඒ වගේම විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ නිරතවන පුද්ගලයන්ට ඔවුන්ගේ විසිතුරු මසුන් අලෙවි කිරීමට අතර මැදියන්ගෙන් තොර වෙළෙද ප්‍රදර්ශනයක් පැවැත්වීමටත් කටයුතු කරනවා. ලංකාව පුරා ඉන්න ගැනුම්කරුවන් සියලුදෙනාත් මේ සඳහා සහභාගි කරවා ගැනීමට සැලසුම් කොට තිබෙනවා.
උතුරු මැද පළාතේ විසිතුරු මසුන් අපනයනය කරන ව්‍යවසායකයන් නැහැ. එම නිසා උතුරු මැද පළාතේ පදිංචි විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ යෙදෙන ව්‍යවසායකයන් තුන්දෙනෙක්වත් යොමු කළහොත් වෙළෙදපොළේ කිසිම ගැටලුවක් වන්නේ නැහැ. ඒ සඳහා ඔවුනට ශක්තියක් ලබාදීමට පියවර ගන්නාවා.
කලාපීය ආර්ථිකය ශක්තිමත් ස්ථානයක සිට තවත් ඉදිරියට ගමන් කරමින් සිටියත් ඉදිරියේදී ඇතිවිය හැකි අවිනිශ්චිතා බොහෝයි වත්මන් තත්වය පිළිබඳව කලාපයට සෑහීමකට
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ වින්ගෲප් (Vingroup) සමූහ ව්‍යාපාරයේ ඉහළ කළමනාකාරීත්වය හමුවී සාකච්ඡා පැවැත්වී
ශ්රී ලංකා මහ බැංකුව පසුගිය අප්‍රේල් මාසයේදී මෙරට මූල්‍ය වෙළෙඳපොළෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 160 ක ඩොලර් ප්‍රමාණයක් මිලදී ගෙන ඇතැයි නවතම දත්ත වාර්තා පෙ
අද (06) දිනයේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය හේතුවෙන් කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු පැය තුනකට සීමා වන බව එම හුවමාරුව පවසයි. ඒ අනුව පෙරවරු 9.30ට ආරම්භ කෙරෙන
ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්තය තවදුරටත් සංවර්ධනය කිරීම අරමුණු කරගනිමින් එමිරේට්ස් හා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) ඔවුන්ගේ හවුල්කාරීත්ව
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හේලීස් පීඑල්සී සමාගම රුපියල් බිලියන 7ක් රැස් කරගැනීම සඳහා සිදු කළ ණයකර නිකුතුවට අධි දායකත්වයක් හිමි වූ බව පවසයි. ඊයේ (05)
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
අර්බුදයට ගිය උතුරු මැද විසිතුරු මත්ස්‍ය කර්මාන්තය