මෙවර ඉදිරිපත් කෙරෙන අයවැය රටෙහි අනාගත ආර්ථික සංවර්ධන කි‍්‍රයාවලිය ඉලක්කකර ඉදිරිපත් කෙරෙන්නක් විනා ඇතැමුන් පවසන ආකාරයට ඡන්ද ගුණ්ඩු මල්ලක් නොවන බව ජනාධිපති උපදේශක හා මහා භාණ්ඩාගාරයේ ලේකම් පී.බී ජයසුන්දර පවසයි.
ඔහුට අනුව අයවැයෙන් සියයට 8.2 ක ආර්ථික වර්ධන වේගයක් අත්පත් කරගැනීම හා රටේ නිෂ්පාදිතය හා ලබාගෙන ඇති ණය අතර පරතරය සියයට 4.4 ක් දක්වා පහත හෙළීම ඉලක්ක කර ඇත.
ආර්ථික සංවර්ධනය වෙනුවෙන් යොදාගත හැකි මහා පරිමාන ව්‍යාපෘතීන් වෙත මෙවර අයවැයෙන් වැඩි ඉඩක් වෙන්ව ඇති බව සඳහන් කරන මහා භාණ්ඩාගාර ලේකම් වරයා ගල් අඟුරු බලාගාර,අධිවේගී මාර්ගයන්,දුම්රිය මාර්ගයන්,නගර සංවර්ධනය කිරීම් ආදී ව්‍යාපෘතීන් ඉදිරියටත් කි‍්‍රයාත්මක කෙරෙනු ඇති බව කියයි.
මහබැංකු වාර්තා වලට අනුව ජනපති මහින්ද රාජපක්ෂ මහතා පාලනය ආරම්භ කළ 2005 වසරේ සිට මේ දක්වා ගතව තිබෙන කාලයේ රටේ නිශ්පාදනය හා ලබාගෙන ඇති ණය අතර පරතරය සියයට 90 සිට සියයට 78.3 ක් දක්වා පහත හෙළීමටත්, වසර 5 ක් පුරාවට උද්ධමනය අංක එකක අගයකින් යුතුව පවත්වාගැනීමටත්, ණය සඳහා පොලී පහත හෙළීමටත් හැකිව ඇත.
රජයේ පැත්තෙන් එසේ පැවසුණත් රජය බොරු අගයන් මවා පාමින් රටේ ජනතාව රවටමින් සිටී යැයි විපක්ෂය චෝදනා කරයි.
ආර්ථික විශේෂඥයින්ද මත පළකරමින් පවසා සිටින්නේ ජනාධිපතිවරණයක් ළඟ එන බැවින් කොතෙක් කීවද මෙවර අයවැයෙන් ජනතාවට සහන ලැයිස්තුවක්ම ලබාදීමට රජය කටයුතු කරනු ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයවැයෙන් සහනවත් ගුණ්ඩුවත් නැතුවට අපිට කමක් නැහැ. අර වයඹ සහ ඌවට වගේ අපිටත් මුකුත් තෑගි නොදුන්නොත් ඡන්දෙ නම් දෙන්නේ නැහැ කාටවටත්ම. (නි)
අපිට ඕවා නොදී ඉන්න එපා අපේ දෙයියෝ. අපි මැරෙයි! (නි)
අපිට ඡන්ද ගුණ්ඩු අවශ්‍ය නැහැ.අවුරුදු ගණනාවක් තිස්සේ පොඩි මිනිස්සු බලාගෙන ඉන්න දේවල් තියනවා. ඒවා ඉටුකළාම ඇති. (නි)
ගල් අගුරු බලාගාර, දුම්රිය මාර්ග ආර්ථික සංවර්ධනයට ඉතා වැදගත් වෙනවා ඇත. අදිවේගී මාර්ග,නගර අලංකාරයට වඩා මුල්තැන ලබා දිය යුතු සංවර්දන කටයුතු රටේ නැතිද? දින දෙකක් වැස්සොත් වාහනයක් නොයන මාර්ග ගම්වල කොපමණ තිබෙනවාද? වාහනයක් පැමිණිය හැකි තැනට තේ දළු ගෝනිය හෝ තමන්ගේ ගොවි නිෂ්පාදන කරතියා ගෙන කිලෝමීටර් කිහිපයක් පැමිණෙන ගොවින් කොපමණ රටේ සිටිනවාද? උද්ගෝසන පවත්වා බලදාරීන්ට හඩා වැටුනත් මීටර් සියක් පාර සාදා ගැනීමට නොහැකි රටක මේවගේ මහා පරිමාන අදිවේගී මාර්ග තැනීමට මුල් තැන ලබා දෙන්නේ,ගම සංවර්ධනය වී සියලු යටිතල පහසුකම් ලබා දී අවසන් කර ඇතැයි සිතන නිසාද?(අ) "
හිතට එකගව වැඩ කරන්න පුලුවන්නම්, කිසිම ප්‍රශ්නයක් නැහැ.(හේ)
ජනතාවට අත්‍යාවශ්‍ය සීනි,පිටි.සහල්,කිරිපිටි ,පරිප්පු මිලද අඩුවිය යුතුයි. රබර් කිරි මිල පහළටම ගිහිල්ලා.ඇයි ටයර්,ටියුබ් වලට පාලන මිලක් නැත්තේ? සිමෙන්ති,යකඩ ,වැලි ,බ්ලොක් ගල් මිල ඉහළයි.පැල්පත් හිමියා හැමදාම පැල්පතේ.චන්ද ගුණ්ඩු කෙසේවෙතත් ගමේ ගොඩේ දැන් කියන්නේ චක්.. ගුඩු.. ගහනවා කියලයි ! (නි)
අපිටත් ගුණ්ඩු නම් ඕනෑ නැහැ (නි)
ගුණ්ඩු අවශ්‍ය නැහැ. ආර්ථසාධක අරමුදලේ සියයට තිහ නිදහස් කිරීම,1994ට විශ්‍රාම ගිය අහිංසකයන්ගෙන් අදට ජීවත්වෙන කීපදෙනාටවත් හිඟ මුදල් සහිතව විෂමතාව නිවරුදි කිරීම, සුළු සේවකයන්ට සාධාරණ මුලික වැටුපක් යන කරුණු ඉටුකළොත් අපි සතුටුයි. රගර් මැච්,කාර් රේස්,විදේශීය ගායකයන්ගේ සංදර්ශන අපට අවශ්‍ය නැත. (නි)
අපිට සහන දුන්නොත් අපි ඡන්දේ දෙනවා.(හේ)
ගල් අඟුරු බලාගාර, දුම්රිය මාර්ග ආර්ථික සංවර්ධනයට ඉතා වැදගත් වෙනවා ඇත. අධිවේගී මාර්ග,නගර අලංකාරයට වඩා මුල්තැන ලබා දිය යුතු සංවර්ධන කටයුතු රටේ නැද්ද? දින දෙකක් වැස්සොත් වාහනයක් නොයන මාර්ග ගම්වල කොපමණ තිබෙනවාද? වාහනයක් පැමිණිය හැකි තැනට තේ දළු ගෝනිය හෝ තමන්ගේ ගොවි නිෂ්පාදන කරතියාගෙන කිලෝමීටර් කිහිපයක් පැමිණෙන ගොවින් කොපමණ රටේ සිටිනවාද? (නි)
පෙට්‍රල් මිල බහිනවා, ගෑස් මිලත් පහළ යනවා, අරක්කු මිල නගිනවා, සිගරට් මිල උඩට යනවා. ඉතින් මේවා මොන ගුණ්ඩුද කියන්නකෝ.... පැට්‍රල් හදිසියේම පහළ දැම්මේ ඇයි? මට තේරෙන්නෙ නැහැ ඇයි කියලා (නි)