
ආනයනික මෝටර් රථ සඳහා රජය විසින් ගැසට් නිවේදනයක් හරහා තාවකාලික අධිභාරයක් හඳුන්වාදීමට තීරණය කළ පසුගිය මැයි 15 වැනිදාට දින කිහිපයකට පෙරාතුව තමන් ඇතුළු වාහන ආනයනකරුවන් කිහිප දෙනකු ණයවර ලිපි නිකුත් කර ඇති බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව JKCG Auto සහ LOLC සමාගම් නිවේදන දෙකක් මගින් ප්‍රකාශ කර සිටියි.
ඒ අනුව එම සමාගම් දෙකටම අදාළ අතිරේක බද්ද පැනවීම සම්බන්ධයෙන් කිසිදු පූර්ව තොරතුරක් හෝ දැනුමක් නොතිබූ බව වගකීමෙන් ප්‍රකාශ කර සිටින බවත්, කිසිදු ණයවර ලිපි නිකුත් කිරීමක් අදාළ සමාගම්වලින් සිදු කර නොමැති බවත් එම නිවේදනවල වැඩිදුරටත් සඳහන් වෙයි.
මේ අතරින් JKCG සමාගම සිය BYD වාහන වෙනුවෙන් අවසන් වතාවට කරන ලද ඇණවුම් සියල්ල 2026 මාර්තු මාසයේ සිට අප්‍රේල් 30 වැනිදා දක්වා කාලසීමාව තුළදී සිදු කර ඇති බවත්, ඉන් අනතුරුව 2026 අප්‍රේල් 30 වැනිදායින් පසුව සමාගම විසින් කිසිදු ණයවර ලිපි විවෘත කර නොමැති බවත් පවසයි.
එසේම LOLC සමාගමද සෑම විටම ඉතා සුළු සංඛ්‍යාවක වාහන ආනයනය කරන බවත්, සිය Browns EV Ltd හරහා සිදුකළ අවසන් ණයවර ලිපි විවෘත කිරීම් යටතේ 2026 මාර්තු 31 වැනිදා වාහන 100ක් සඳහාත්, 2026 මැයි 12 වැනිදා වාහන 15ක් සඳහාත් ලෙස ණයවර ලිපි නිකුත් කළ බවත් පවසා සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd