
කරන්දෙණිය එම්.සුසිල් පියන්ත සහ පිටිගල ඩී.ජේ.විජේසිංහ
පිටිගල අතුකෝරළ තේ කර්මාන්ත ශාලාවෙන් දියවැඩියාව වැනි බෝනොවන රෝගවලට ගුණදායක ලෙස නිෂ්පාදනය කෙරුණු අලුත්ම නිෂ්පාදනයක් වන අතුකෝරළ ග්‍රීන් ටී වෙළෙඳපොළට හඳුන්වාදීමේ උත්සවයක් එම තේ කර්මාන්ත ශාලාවේ සභාපති, විධායක අධ්‍යක්ෂ අනුර අතුකෝරළ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටිගල අතුකෝරළ තේ කර්මාන්ත ශාලා ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
එහිදී පිටිගල අතුකෝරළ තේ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කෙරුණු පළමු අතුකෝරළ ග්‍රීන් ටී තේ නිෂ්පාදනය එම කර්මාන්ත ශාලාවේ සභාපති හා විධායක අධ්‍යක්ෂක අනුර අතුකෝරළ මහතාගේ මව වන කරුණාවතී මහීපාල මහත්මියට ඒ මහතා අතින් පිළිගැන්වීම කැපී පෙනුණි.
සිය නව තේ නිෂ්පාදනය අනෙක් තේ නිෂ්පාදන මෙන් දේශීය වෙළෙඳපොළ ජය ගෙන විදෙස් වෙළෙඳපොළට ද හඳුන්වාදී මෙරටට ඩොලර් ගෙන එන නිෂ්පාදනයක් ලෙස මුළු ලොව පුරාම ව්‍යාප්ත කරන බව පිටිගල අතුකෝරළ තේ කර්මාන්ත ශාලාවේ සභාපති අනුර අතුකෝරළ මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
573
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අතුකෝරළ ග්‍රීන් ටී වෙළෙඳපොළට