- රජයේ සේවකයන් ලක්ෂ 09ක් අග්‍රහාර රක්ෂණයේ සාමාජිකයන්
රජයේ සේවකයන් සඳහා ක්‍රියාත්මක අග්‍රහාර සෞඛ්‍ය රක්ෂණය සඳහා වර්තමානයේදී රජයේ සේවකයන් ලක්ෂ 09 කට ආසන්න පිරිසක් සම්බන්ධව සිටින බවත්, ඒ හරහා අග්‍රහාර රක්ෂණයේ ප්‍රතිලාභීන් සංඛ්‍යාව ලක්ෂ 30 ක් පමණ වන බවත් ජාතික රක්ෂණ භාර අරමුදලේ සභාපතිනී ආචාර්ය විශාඛා වනසිංහ මහත්මිය සඳහන් කරයි.
අග්‍රහාර රක්ෂණාවරණයේ දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීම පිළිබඳව දැනුවත් කිරීම සඳහා පෙරේදා (13) කොළඹදී පැවැත්වුණු මාධ්‍ය හමුවකදී ඇය මෙම කරුණු අනාවරණය කළාය.
“විශ්‍රාම වැටුපකට හිමිකම් කියන රජයේ සහ පළාත් ආයතනවල සේවකයන් මේ සඳහා සුදුසුකම් ලබනවා. ඒ අනුව අද වනවිට රජයේ ආයතන 1,900 කට ආසන්න ප්‍රමාණයක රජයේ සේවකයන් සහ නිලධාරීන් ලක්ෂ 09ක් මේ අනිවාර්ය අග්‍රහාර රක්ෂණයේ සාමාජිකයන්. ඔවුන්ගේ පවුල්වල නීත්‍යානුකූල යැපෙන්නන් සමගින් ගත්තම ලක්ෂ 30කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රතිලාභීන් ලෙස අපි සේවය සලසනවා.”
ඒ අනුව මෙම පිරිසට ලබාදෙන සේවය තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා මෙලෙස අග්‍රහාර රක්ෂණාවරණයේ දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීමට පියවර ගෙන තිබෙන බව සභාපතිනිය මෙහිදී පැවසුවාය.
“අප්‍රේල් 01 වැනිදා ඉඳන් මේ දත්ත පද්ධතිය යාවත්කාලීන කෙරෙනවා. මේ වෙනකොට ලක්ෂ හයකට ආසන්න පිරිසකගේ තොරතුරු යාවත්කාලීන වෙලා තිබෙනවා. ඉතිරි පිරිසටත් ජූලි 31 වැනිදාට පෙර මේ තොරතුරු යාවත්කාලීන කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා.”
එසේම ඉදිරියේදී අග්‍රහාර රක්ෂණය හරහා ලබාදෙන ප්‍රතිලාභ මෙම යාවත්කාලීන කෙරුණු දත්ත පද්ධතිය හරහා පමණක් සිදු කරන බවත් ඇය අවධාරණය කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd