IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


Westbury Residencies විවෘත වේ

මෙරට නිවාස සංකීර්ණ ව්‍යාපෘති අතර සුවිශේෂ ස්ථානයක් හිමි කර ගන්නා Westbury Residencies මහල් නිවාස සංකීර්ණය නිල වශයෙන් විවෘත කිරීම සහ නිවාස ඒකක හිමිකරුවන්ට භාර දීම පසුගියදා සිදු විය. විශිෂ්ට අයුරින් සැලසුම් කළ මහල් නිවාස ඒකක 36කින් සමන්විත වන එය මෙරට දේපොළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ සුවිශේෂ සන්ධිස්ථානයකි. 

මෙම නිවාස සංකීර්ණයේ ඉදි කිරීම් 2017දී ඇරැඹුවේ වෙනත් දේපොළ වෙළෙඳාම් සමාගමකි. අනපේක්ෂිත ලෙස උද්ගත වූ තත්වයක් නිසා එහි ඉදි කිරීම් අතරමග නවතා දමා තිබූ අතර නිවාස මිල දී ගැනීමට ආයෝජන කළ 17කට ආසන්න පිරිසක් දැඩි අසරණභාවයකට පත් වී සිටියහ. එසේ නවතා දැමූ ව්‍යාපෘතිය නැවත ඇරැඹීමට ශ්‍රී ලංකාවේ උපත ලබා එක්සත් රාජධානියේ ජීවත් වන දේපොළ වෙළෙඳාම් සංවර්ධකයකු වන මුහේස් මුසම්මිල් මහතා 2023දී කටයුතු කිරීම ඊට ආයෝජනය කළ පිරිසට විශාල සහනයක් විය. තමන් නියෝජනය කරන ක්ෂේත්‍රය වෙනුවෙන් ඉටු කළ යුතු වගකීම මැනවින් හඳුනා ගත් ඔහු ශ්‍රී ලංකාවේ ස්ථිර පදිංචියට පැමිණියේ Westbury Residencies ව්‍යාපෘතිය නැවත ඇරැඹීමේ අරමුණෙනි. එතැන් සිට දෙවසරකින් ව්‍යාපෘතිය අවසන් කළ ඔහු එය නාගරික ප්‍රදේශයක පිහිටි තිරසාර සහ නිසංසල නිවාස සංකීර්ණයක් බවට පත් කළේය.

එම ව්‍යාපෘතිය හරහා ඉංජිනේරුවන්, ගෘහ නිර්මාණ ශිල්පීන්, තාක්ෂණික හා සහාය කාර්ය මණ්ඩලය ඇතුළු 100කට අධික ශ්‍රී ලාංකිකයන්ට රැකියා හිමි විය. ව්‍යාපෘතිය අතරමග නැවතීම නිසා ඔවුන්ට රැකියා අහිමි වී තිබිණි. ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට මුහේස් මහතාගේ නායකත්වය විශාල රුකුලක් විය. “පළමුවෙන්ම සැලසුම් කළ ව්‍යාපෘතියේ අනන්‍යතාව රැක ගන්න අප කටයුතු කළා. එවැනි ව්‍යාපෘතියක කොටස්කරුවකු වීමට ලැබීම මට ආඩම්බරයට කාරණයක්.” ඔහු පැවසීය. නිසංසලභාවය සහ සුඛෝපභෝගී ජීවන රටාව එකට කැටි කළ Westbury Residencies මෙරට නාගරික ජීවිතයේ අනාගතය පිළිබිඹු කරයි. Bloombird Real Estate මව් සමාගමේ නවතම ව්‍යාපෘතිය වන Westbury UrbanSide මේ වන විට කළුබෝවිල අරඹා ඇත.



අදහස් (0)

Westbury Residencies විවෘත වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site