මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.
එය කොළඹ නගර සීමාව තුළ නිසංසල සහ සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමට අපේක්ෂා කරන ඕනෑම අයකුට වඩාත් සුදුසු වටපිටාවක පිහිටි මහල් නිවාස සංකීර්ණයකි. මෙම ව්‍යාපෘතියේ දැකිය හැකි කැපී පෙනෙන නවතම වාස්තු විද්‍යාත්මක සැළසුම ක්‍රියාකාරී ජීවන අවකාශ සහ සෞන්දර්යාත්මක බව එකට කැටි කර ගත් එකකි.
ඒ තුළ නාගරික පරිසරයක සම්ප්‍රදායේ සහ නවීනත්වයේ සුසංයෝගයක් පිළිබිඹු වේ. නාගරික පරිසරයක් මධ්‍යයේ පිහිටි මෙම අපූරු මහල් නිවාස සංකීර්ණයේ නිවාස හිමියන්ට නවීන පහසුකම්වලින් සමන්විත කායවර්ධන මධ්‍යස්ථාන, මනරම් පරිසරයක් සහිත උද්‍යාන සහ අවට පරිසරය ඉතා හොඳින් දැකීමට ඉඩ සළසන ඉහළම මහලේ පිහිටි විවේකාගාරය වැනි බොහෝ පහසුකම් අත්විඳිය හැකිය.
සෑම විටම පරිසර හිතකාමී සහ තිරසාර බවට ප්‍රමුඛතාව දෙන Westbury Suites සමාගම බලශක්තිය ඉතිරි කරන විදුලි ආලෝක පද්ධති, වැසි ජලය රැස් කරන ඒකක සහ හරිත අවකාශ වැනි බොහෝ අංග මෙම මහල් නිවාස සංකීර්ණයට එක් කර ඇත. ප්‍රධාන පෙළේ අධ්‍යාපන ආයතන, සෞඛ්‍ය සේවා ආයතන, බැංකු හා අනෙකුත් මූල්‍ය සමාගම් සහ ව්‍යාපාර මධ්‍යස්ථානවලට නුදුරින් Westbury Residencies- Colombo 10 මහල් නිවාස සංකීර්ණය පිහිටා තිබේ. එමඟින් නගරයේ හදවත වැනි ස්ථානයක ජීවත්වීමට නිවාස හිමියන්ට අවස්ථාව ලැබේ.
-595
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
Westbury රෙසිඩන්සීස් විවෘත කරයි