ශ්රී ලංකාව තුළ ආහාරපාන සහ එදිනෙදා අවශ්‍ය භාණ්ඩ ඇණවුම් කිරීම සඳහා භාවිත කළ හැකි ප්‍රමුඛතම යෙදුමක් වන Uber Eats මෙරට වෙළෙඳුන් වෙනුවෙන් ව්‍යාපාරකරණය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ. මෙම වැඩසටහනේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් මෑතකදී ව්‍යාපාරිකයන් 40 දෙනෙක් මැලේසියාවේ UNITAR International University වෙතින් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමා සහතික හිමි කර ගත්හ.
Institute of Governance and Compliance (IGC) සමග එක්ව ක්‍රියාවට නංවන ලද මෙම වැඩසටහනට Uber Eats හි පූර්ණ සහයෝගය හිමි වී තිබේ. ව්‍යාපාරිකයන්ට අතිශයින් වැදගත් වන ව්‍යාපාර ක්‍රමෝපාය, මූල්‍ය සැලසුම්කරණය, අලෙවිකරණය සහ නායකත්වය යනාදිය සම්බන්ධ පැහැදිලි අවබෝධයක් ලබාදීම මෙම වැඩසටහනේ මූලික අරමුණ වී ඇත.
සහතික ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සහභාගි විය. ඊට අමතරව IGC හි ප්‍රධාන විධායක නිලධාරී සහ විධායක උප සභාපති සමාධි බණ්ඩාර මහත්මිය සහ Uber Eats – Sri Lanka හි දේශීය කළමනාකරු වරුන් විජේවර්ධන යන අයද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
“අධ්‍යාපනයෙන් කුඩා පරිමාණ ව්‍යාපාර සවිබල ගැන්වීම යනු ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සහ රැකියා උත්පාදනය සඳහා ඇති වඩාත්ම තිරසාර ක්‍රමවලින් එකක්. දේශීය ව්‍යවසායකයන් වෙනුවෙන් ආයෝජනය කිරීම සහ වේගයෙන් පරිණාමය වෙමින් පවතින වෙළෙඳපොළක සාර්ථක වීමට අවශ්‍ය මෙවලම්වලින් ඔවුන් සන්නද්ධ කිරීමට සහාය වීම සඳහා Uber Eats දරන උත්සාහය ප්‍රශංසනීයයි. මෙවැනි වැඩසටහන් ව්‍යාපාර පමණක් නොව සමස්ත ප්‍රජාවම ශක්තිමත් කරනවා.” කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පැවසීය.
“අධ්‍යාපනය සතු පරිවර්තනීය බලය Uber Eats හොඳින් දන්නවා. මෙම වැඩසටහන මගින් පිළිබිඹු වන්නේ ව්‍යවසායකයන් සවිබල ගැන්වීම සහ කුඩා පරිමාණ ව්‍යාපාර නගාසිටුවීම සඳහා ප්‍රධානතම උත්ප්‍රේරකයක් ලෙස අධ්‍යාපනය භාවිත කිරීම පිළිබඳව අප තබා ඇති විශ්වාසයයි. මේ ආකාරයට අපගේ වෙළෙඳ හවුල්කරුවන් අත්‍යවශ්‍ය ව්‍යාපාරික දැනුමෙන් සන්නද්ධ කිරීමෙන්, ඔවුන්ගේ දීර්ඝකාලීන සාර්ථකත්වය සහ තිරසාර වර්ධනය සඳහා ශක්තිමත් පදනමක් නිර්මාණය කිරීමට අපට හැකි වේවි.” Uber Eats–Sri Lanka හි දේශීය කළමනාකරු වරුන් විජේවර්ධන මහතා පැවසීය.
මෙම වැඩසටහන දේශීය ව්‍යවසායකයන්ට අත්වැලක් වීම සඳහා Uber දරන නිරන්තර උත්සාහයේ තවත් ඉදිරි පියවරකි. මීට පෙර Uber විසින් තෝරාගත් ආරම්භක මට්ටමේ ව්‍යාපාරවලට මගපෙන්වන Uber Springboard වැඩසටහන සහ Uber සමග අත්වැල් බැඳගෙන සිටින වෙළෙඳුන්ගේ සහ ප්‍රවාහන සේවා සම්පාදකයන්ගේ නව අදහස් ඇගයීමට ලක් කරන Uber Entrepreneurship Challenge වැඩසටහන වැනි වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා තිබේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
Uber Eats වෙතින් ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් ඩිප්ලෝමාධාරීන් කිරීමේ වැඩසටහනක්